IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපේ යාළු මාළුවෝ - 13

ශ්‍රී ලංකවේ මිරිදිය ධීවර කර්මාන්තය සඳහා මෙරට ජලාශවලට හඳුන්වාදුන් මාළු විශේෂයකි තිලාපියා. 1952 වර්ෂයේ දී මෙරටට හඳුන්වාදුන් මොවුන් Oreochromis niloticus ඔරියෝක්‍රොමිස් නයිලෝටිකස් යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි.

ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ නයිල් තිලාපියා යනුවෙනි. 1758 දී කාර්ල් ලීනියස් විසින් නයිල් ගඟෙන් සොයා ගන්නා ලද මත්ස්‍ය විශේෂයකි.

මේ මසුන් මෙරට ජලාශවලට හඳුන්වා දෙද්දී ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කළ විශේෂඥයන් කියා සිටියේ ඔවුන් ස්වභාවික පරිසරයේ ව්‍යාප්ත නොවනු ඇති බවයි. එමෙන් ම මේ මසුන්ගෙන් මෙරට පරිසරයේ වෙසෙන අනෙක් මසුන්ට හානියක් නොවන බවත් ඔවුහු පැවසූහ.

මේ වනවිට තිලාපියා රටපුරා ව්‍යාප්තවී ඇත. ජලජීවී කර්මාන්තය සඳහා හඳුන්වාදුන් ජලාශවලට අමතරව මෙරට ස්වභාවික පරිසරයට ද එක්ව සිටින තිලාපියා ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී මත්ස්‍යයකු බවට පත්ව සිටියි. කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයනය අංශයේ ආචාර්ය ප්‍රියන්ත ඈපා මහතා සහ ජනිත් ද සිල්වා මහතා එක්ව සිදුකළ පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ තිලාපියා මෙරට ස්වභාවික පරිසරයේ සිටින අනෙක් මසුන්ට දැඩි තර්ජනක් බවයි. තිලාපියා හඳුන්වාදෙන කාලයේ පැවසුවේ සර්ව භක්ෂකයකු වූ තිලාපියා දිරායන කොළරොඩු මත යැපෙන බව වුව ද දැන් ඔවුන් කුඩා මසුන්, ඉස්සන් හා ඉස්ගෙඩියන් කා දමන බව ද තහවුරු වී ඇත. තිලාපියාගේ භෝජන රටාව ජලජ ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන බැවින් ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල ද තිලාපියා දැඩි ආක්‍රමණකාරී ජීවියකු ලෙස සළකයි.

ආචාර්ය ඈපා මහතා පවසන්නේ කැලණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පරීක්ෂණයකින් තිලාපියා මසුන්, ඉස්ගෙඩියන් හා ඉස්සන් කා දමන බව මනාව තහවුරු වූ බවයි. ඉන් තහවරු වන්නේ තිලාපියා මෙරට ජලාශ හා ජල මාර්ගයන්හි සිටින මසුන් ඇතුළු වෙනත් ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් බවයි. ලෝකයේ උභයජීවී විවිධත්වය සැළකූ විට උභයජීවි උණුසුම් කලාපයක් ලෙස පිළිගැණෙන ශ්‍රී ලංකාවේ ජල මාර්ගයන්හි සිටින ඉස්ගෙඩියන් තිලාපියාගේ ගොදුරක් බවට පත්වීම ඛේදජනක තත්ත්වයකි.

ඉතා දූෂිත ජලයේ පවා හොඳින් වර්ධනය වීමේ හැකියාව පවතින තිලාපියකු සාමාන්‍යයෙන් අඩියක පමණ දිගට වර්ධනය වෙයි. ඔවුන් මෙරට ජල ජීවී කර්මාන්තයට සඳහා වැදගත් මත්ස්‍ය විශේෂයකු වුව ද ලෝකයේ බොහෝ රටවල දී මෙන් මෙරටදීද ආක්‍රමණකාරි මාළුවකු බවට  පත්ව ඇත.

Oreochromis-niloticus-Nairobi - Copy

අපේ යාළු මාළුවෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/269354

අපේ යාළු මාළුවෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/269724

අපේ යාළු මාළුවෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/271330

අපේ යාළු මාළුවෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/271559

අපේ යාළු මාළුවෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271675

අපේ යාළු මාළුවෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/276731

අපේ යාළු මාළුවෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/277013

අපේ යාළු මාළුවෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277332

අපේ යාළු මාළුවෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277576

අපේ යාළු මාළුවෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277886

අපේ යාළු මාළුවෝ - 11

http://www.lankadeepa.lk/index.php/articles/278262

අපේ යාළු මාළුවෝ - 12

http://www.lankadeepa.lk/index.php/articles/278845



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 13

කිංස්ලි පෙරේරා Wednesday, 03 December 2014 09:34 AM

ඉස්ගෙඩියන්ව නම් කෑවත් කමක් නැහැ, ඉස්සන්ව නොකා (නි)

:       0       0

කුමාර් Wednesday, 03 December 2014 10:56 AM

තිලාපියා, අඩුම ප්‍රමාණයක් “Heavy-Metals” බර ලෝහ සහිත මාංස ඇති මාලු වර්ගවලින් එකකි. ආහාරයට වඩා සුදුසුයි. (ර)

:       0       0

වරුණ Wednesday, 03 December 2014 01:12 AM

අපේ යාලු මාළුවෝ පෙර ලිපි බැලීම සඳහා හැකිනම් ලින්ක් එකක් දෙන්න. (නි)

:       0       0

මොරිස් Wednesday, 03 December 2014 01:12 AM

මේ මාළුවා ඉතාම රසවත් එමෙන්ම ගුණැති ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙසයි මම අසා තිබෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site