IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


‘‘අපේ අනුශාසනා පිළිගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ‘‘

(ෂේන් සෙනෙවිරත්න)

මෙවන් විනාශකාරී තත්ත්වයකට රට පත් පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්නේ ශක්‍ර දේවයන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාරකිරීම බවත් වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක  හිමියෝ පැවසූහ.

බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළා. භික්ෂූන් වහන්සේලා කියන්නේ නින්දා අපහාස විඳ දරාගෙන වැඩකටයුතු කළ හැකි පිරිසක්. උදාර සේවාවන් නුරුස්සන පාපී අදහස්වලින් යුක්ත පිරිස් බොහෝ දෙනා අප අතර ජීවත් වෙනවා. මනුෂ්‍යයන් කිව්වට සුළු පිරිසකට පමණයි බුද්ධිමත්ව සිතා මතා මේ දේ හොඳයි මේ දේ නරකයි කියා තේරුම් ගෙන කටයුතු කළ හැක්කේ වැඩි දෙනා අන්තගාමීන් හැටියටයි සැලකිය හැකිවෙන්නේ .

අද මෙතන සිටින පුංචි දරුවන් පවා දන්නවා අද අපේ රටට වෙලා තිබෙන විපත්තිය . ඊට හේතුව කුමක්ද කියාත් දන්නවා . ඒ පිළිබඳව අප කණගාටු වෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ . භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඒ අයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවවාද අනුශාසනා සිදුකළා . නමුත් ඒවා නොතකන බවක් තමයි අපට පෙනෙන්න තිබුණේ.

මේ විදිහට ගියොත් මේ රට විනාශ වෙන තැනට පත් වෙනවා . අප ඒ සියලු දේ ඒ අයට තේරුම් කර දුන්නා. නමුත් ඒ අය ඒවා තැකීමක් සැලකීමක් නොකරන බවක් ඉතාම පැහැදිලිව පේනවා . එම නිසා නොවෙන දේකට නොකෙරෙන දෙයකට කතා කිරීමට ගොස් වැඩක් නොවෙන බව මේ රටේ භික්ෂූන් වහන්සේලා තේරුම්ගෙන තිබෙනවා. දැන උගත් සියලු දෙනා මේ රට පත් වී තිබෙන තත්ත්වය ගැන කනස්සල්ලට පත් වෙනවා .

 

 



අදහස් (1)

‘‘අපේ අනුශාසනා පිළිගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ‘‘

දාස Thursday, 30 June 2022 09:20 AM

මහා සංඝ රත්නයක් මේ රටේ දැන් නෑ. බොහෝම අතළොස්සක් සිල්වත් සංඝයා වහන්සේලා මෙරට ඉන්නේ... 90% ඉන්නේ බිස්නස් කාරයින්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site