IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන)  ඩබ්.යු.කේ.කෘෘස් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා මහතා පත් කර ඇත.

2025 මාර්තු 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක් පුරා හඳුනා ගැනීමට ලැබී ඇති බවත්, එමෙන් ම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලෙහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදී හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් කර වාර්තාවක් සැපයීම සඳහා ඉහත කමිටුව පත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කර ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශයන් ද ඇතුළත් ව 2025 මාර්තු 24 දිනට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද  විමර්ශන කමිටුවට දැනුම් දී ඇත.

 



අදහස් (12)

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ranjith Saturday, 15 March 2025 03:48 PM

මෙම රෝහල මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නේද පාලනය වෙන්නේ...? එතකොට මෙම රෝහල ඔබලාගේ අධීක්ෂණයට මෙතෙක් ලක්වුණේ නැතිද? සිද්ධියක් වුණාට පස්සේද අඩුපාඩු දකින්නේ?

:       2       14

බද්රානි Saturday, 15 March 2025 04:10 PM

ඔබතුමා නිවැරැදියි.. දොස්තරලාගෙන් රෝහල බේරා ගැනීමේ තත්වයක් තමයි උදාවී තිබෙන්නේ... මතකයිනේ, මීට කාලෙකට කලින් කුරුණෑගල රෝහලේ පරිපාලක අධ්‍යක්ෂකලා නටපු නාඩගම..? GMOA මාෆියා කල්ලිය ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අනෙකුත් තක්කඩි සංගම් කල්ලි ගැන මීට වඩා දැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඔය කමිටු ගැන නම් අපිට විශ්වාසයක් නැහැ.

:       4       13

saman Saturday, 15 March 2025 04:43 PM

ඔය කමිටුවත් ඔහේ බලබල ඉඳියි.

:       2       8

ජයනාත් Saturday, 15 March 2025 05:23 PM

අනුරාධපුර විතරක් නොවෙයි රට පුරාම රෝහල්වල අධ්‍යක්ෂවරු සමග කතා කරලා තියෙන්නේ අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරගන්න..!

:       0       7

RasikaSaturday, 15 March 2025 10:38 PM

ඒක ඇත්ත මේවා මහ විහිලු වැඩ. තව රෝහලක තව දෙයක් වුනොත් ඒකට තව කමිටුවක්. දැන් පස්ගිය රජයන් කමිටු පත් කරලා සල්ලි නාස්ති කරා කිව්වා නේද?

:       0       3

Srinath priyantha karunarathna Saturday, 15 March 2025 08:04 PM

මේක එකක් වුනාට ලෝකේ අන්තිමට වෙච්ච දෙයක් වගේ නේද???අපේ පහත් තත්වය ශක්තිමත් නෑ, එල්ලිලා මැරෙන සිස්ටම් එක ආපහු ගේනවා,,,නැත්නම් සෞදිය පහත් තත්වයට ගේනවා,,,අපේ පහත් තත්වය නිසා අපේ රට කවදාවත් හොඳ වෙන්නේ නෑ,,,මිනිස්සු මෙච්චර මිනිස්සු මරපු බවට හැමදාම ආරංචි යනවා, කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ වගේ නේද?????

:       0       1

බකල ජයා Saturday, 15 March 2025 09:34 PM

ඔය තුන්දෙනාට බැට්මෑන්, ස්පයිඩර්මෑන්, අයන්මෑන් සූට් තුනක් මහල දුන්නනම් එක හොරෙක්වත් පැත්ත පලාතෙ එන්නෑ. දොස්තරලත් වෙලාවට වැඩට එයි. ස්ට්‍රයික් අහන්ඩවත් නැතිවෙයි

:       0       3

Mangala Dissanayake Saturday, 15 March 2025 10:45 PM

මේකේ ඉන්න ආරක්ෂකයෝ සද්දේ දාන්නේ ලෙඩ්ඩු බලන්න එන අහිංසක මිනිස්සුන්ට විතරයි

:       0       2

Saman Saturday, 15 March 2025 11:45 PM

මෙි ගොන් හැත්තට තේරෙන්නෙ නැද්ද රට පුරාම රෝහල් වල ආරක්ෂාව මදි කියලා

:       0       1

ලම්බකර්ණ Sunday, 16 March 2025 03:11 AM

බන්ටි මේ කමිටූවෙ සභාපති කරමූ. මෙයා අපේ කෙනෙක්. අපි දිනවන්න වැඩ කළා.

:       0       0

Nimal Sunday, 16 March 2025 10:39 AM

භද්‍රානි, ඔබ අපායටද යන්න හදන්නේ...? ඔච්චර බද්ධ වෛරයෙන් ඉන්න එපා. අනිත් මිනිස්සු අවුස්සන්නත් එපා. අනිත් අයටත් හොඳ නෑ.

:       0       0

nanda Sunday, 16 March 2025 10:59 AM

දැන් බලන්න සෞඛ්‍ය ලේකම්වරු කාලෙන් කාලෙට මාරුවෙන් මාරුවට පත්වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31281 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13470 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10989 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 99 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site