අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප‍්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතාගේ නිල නිවාසය ඉදිරිපිටට අද (02) අලූයම දෙකට පමණ පැමිණි පිරිසක් මරණිය තර්ජනය කළැයි විරෝධය පළ කරමින් එම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල සේවකයෝ කළුපටි බැද වැඩට ආහ.
ප‍්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතා කියා සිටියේ 02 වැනි දින අලූයම කාර් දෙකකින් සහ යතුරු පැදි වලින් පැමිණි දස දෙනෙකු පමණ බැන වැදී මරණිය තර්ජන කළ බවයි.
පොලිසියට හදිසි ඇමතුමක් දිමෙන් පසුව පොලිස් ආරක්ෂාව සැපයු බවත් ප‍්‍රාදේශිය ලේකම් කියයි.
පසුගිය 29 වැනිදින අනුරාධපුර ධර්මාලංකාර විහාරස්ථානයේදි සාධාරණය සදහාවු ජනපවුර මගින් සංවිධානය කොට තිබු අනවසර ඉඩම් හිමි රුස්විමකට අනාරාධනයෙන් ගිය අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස සහ ප‍්‍රාදේශිය ලේකම් විජේසිංහ පිරිසක් හු කිවේ යයි කියන සිද්ධියකට දෙපාර්ශයම විසින් අනුරාධපුර පොලිසියට සිදුකළ පැමිණිලි අනූව දෙපාර්ශයම පොලිසියට ගෙන්වා සමථයකට පත් කැර තිබිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.