IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අ‘පුර ගණිත පේපරේ කලින් පිටවෙලා

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල දෙවන වාර පරික්ෂණය සදහා කලාප කාර්යාලයෙන් මුද්‍රණය කොට පාසල් සදහා නිකුත් කරනු ලැබු 10 වන ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සිසුන් අතට පත්විම නිසා එම විභාගය නොපවත්වා ලබන 22 වැනි දාට කල් දැමූ බව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

10 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන සිසුන් සදහා දෙවන වාර පරික්ෂණය සදහා මෙම ගණිතය ප්‍රශ්න පත්‍රය පළමු හා දෙවන වශයෙන් කොටස් දෙකකින් මුද්‍රණය කොට පාසල් වෙත භාරදි තිබුණි.

අනුරාධපුර කලාපයේ පාසල් සිසුන් ගණිත විෂය සදහා අද  දින පෙනි සිටිමට නියමිතව තිබුණි. එහෙත් එම ගණිත ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර සිසුන් අතට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

අනුරාධපුර කලාපයේ පාසල් 106 ක අධ්‍යාපනය ලබන සිසුන් සදහා දෙවන වාර පරික්ෂණයේ ගණිතය විෂය සදහා ප්‍රශ්න පත්‍ර 5,000 ක් පමණ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මුද්‍රණය කොට තිබුනා.විභාගය පැවැත්විමට නියමිතව තිබුනේ අද(19) එහෙත් එම ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප් මාර්ගයෙන් කල්තියා සිසුන් අතට පත්ව ඇතැයි ද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

 



අදහස් (2)

අ‘පුර ගණිත පේපරේ කලින් පිටවෙලා

සමන්තා Monday, 19 December 2022 03:12 PM

ගොම රිටි යටට ගොස් තිරිවානා වතුරේ පාවෙන කාලයක් දැන් උදාවෙලා තියෙනවා. අදක්ෂ ළමුන්ට කලින්ම ප්‍රශ්න පත්‍රය දීලා විභාගයෙන් දක්ෂයින් කරනවා. උපකාරක පන්ති පවත්වා සමහරක් ගුරුවරු ගණිතයට විද්‍යාවට දක්ෂයින් ලෙසට සමාජයේ ප්‍රචාරයක් ගෙනයනවා. මෙහෙම සමත්වෙන දරුවන් ජාතික මට්ටමෙන් අසමත් වුණාම අභියාචනා යවන්නේ පාසලේම හිටපු දක්ෂයා කියලා.. කොහොමද ටිකිරි මොළේ... මොකක්ද රටට වෙන්නේ? නුවණැත්තෝ සිතත්වා...

:       1       7

jayaMonday, 19 December 2022 05:00 PM

අනිවා... වාර විභාගෙක ප්‍රතිඵල හොරකරලා අරන් ඇති ප්‍රයෝජනේ මොකද්ද? අපේ මිනිස්සු, දරුවෝ මෙච්චර මෝඩද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site