
(බී.ජී.චතුරංග)
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සුළු පිරිසකගේ විරෝධයක් එල්ල වී ඇත.
ශ්‍රී මහා බෝධිය අසලදී කීපදෙනකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය දක්වා ඇති අතර අනතුරු රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට ආ අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවයක නිරතව සිටින පිරිසක් රුවන්වැලි සෑය අභියසදී විරෝධයක් දක්වා ඇත.
අනතුරුව මිරිසවැටියට ගිය මහින්ද රාජපක්ෂ මහතාට යළි විරොධයක් එල්ල වි ඇති අතර එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවා ඇත.

COMMENTS
රට නන්නත්තාර කරලා ... දැන් වන්දනාවේ යනවා.
ඉතාම සුළු දැනුවත් වීමකින් හෝ පැමිණ තම විරෝධය පළකල ජනතාවට මගේ ප්‍රණාමය. මේ දුර්දාන්ත රජය කපෝති ගහන්න දැන් හොඳටම ළඟයි.
ඇයි එතුමා එක්ක සුහදව කතාකරපු අය මේ කියපු එක දැක්කේ නැද්ද? එකම සෙට් එක හැමතැනම විරෝධය පෑවේ. ඒක ටීවී, පුවත්වල පෙන්නුවා.
හරිම දුකයි.., මොකද යුද්ධය නිමකරන කාලයේ හිටපු ජනාධිපති ලෙසට ගෞරවනීය නමක් තැබීමට හිටපු කෙනෙක් අධික තණ්හාව නිසා තෙවැනි වරටත් ජනාධිපති වෙන්න ගොස් පරාජය වුණා. 2019 මල්ලී ජනාධිපති කර පවුලේ හත් දෙනෙක් රට පාලනය කරන්න ගොස් පරම්පරාවට නිගරුවක් කර ගත්තා. අනේ මෙහෙම තණ්හාවක්.., අනේ මෙහෙම ආශාවක්... බුද්ධ දේශනාවෙන් කියන්නේ නිවන් දකින්න නම් ආශාව නැතිකරන්න කියලා. හොරකම් මැරකම් කරලා මල් වට්ටියක් පූජා කළාට අත පිරෙන්න නූල් බැන්දාට කරඬුවක් ඔලුව උඩින් තියාගත්තට කඨින සිවුරක් හිසේ තබාගෙන හිටියට නිවන් යන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මහතා කිව්වේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියලා. එම පක්ෂයේ කෙනෙක් මිනිසාට පීඩාකර තමාට හා තම පවුලට පමණක් සේවය කිරීම බණ්ඩාරනායක මහතාට කරන අපහාසයක්...
ඔය රාජපක්ෂලා යන හැමතැනම විරෝධතා පවත්වන්න. මේ ආණ්ඩුවෙන් රාජපක්ෂලා යා යුතුයි ගෝඨාභය ඇතුළුව.. ඉන්පස්සෙ අන්තර් රජයක් හදන්න පුළුවන්..
අද දවල් ටීවී එකේ පෙන්නුවා මෙයා අනුරාධපුර ගිය වග. හැබැයි ඒ අය පෙන්නුවේ නෑ මිනිස්සු විරුද්ධ වෙන එක...
දැන් කරා ඇති කියලා හිතෙන්නේම නැද්ද? සමඟි ජන බලවේගය කියා ඇත්තේ "වර්තමාන ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවයක් ලෙස සලකන බවයි. මේ අතර ජනාධිපතිවරයාත් බලවත් විදෙස් රටක නියෝජිතයෙකුත් සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය දෙදෙනාත් සමඟ පැවැත්වුණු හදිසි සාකච්ඡාවකින් අනතුරුව " ජනාධිපති මාස 4 ක් තුළ ඉවත්වන බවටත් අර්බුදය විසඳීමට අවශ්‍ය විධායක බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරීමටත් නීතිඥ සංගමයේ යෝජනා 13 ක් අඩංගු වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට කැමැත්ත පලවී ඇතැයි " කියන අලුත් කතා බහක් දැන් ප්‍රචාරය වෙන බව දකින්නට ඇත. මේ මොන නූල් සූත්තර දැම්මත් තරුණයින් සටන අත්හරින පාටක් නැහැ...
එයා අටමස්ථානේ වඳිනවා... අපි ගෑස් පෝලිමේ...
"එක්තරා සුප්‍රකට කාන්තාවක් විසින් ජපකරන ලද වතුර බෝතල් විරෝධතාවයෙහි නියැලී ඉන්නා තරුණ තරුණයින් ප්‍රධාන සියලුම දෙනා හට බීමට සැලැස්වීමෙන් මෙම අරගලය නිමා කිරීමට උත්සාහ කරන" බව ඉන්දියානු රූපවාහිනි සේවයක් වාර්තා කර තියෙනවා. ඔවුන් පවසා ඇත්තේ " සියල්ල අන්තිමට මේවගේ තැනකට පත්ව ඇති" බවයි.
බලලෝභිකමත් ජනතාවට හිමි ධනය හොරාකමින් රටේ ජනතාව අන්ත අසීරුතාවකට පත්කළ පාලකයෙකුට හිමිවන දඬුවම සිද්ධස්ථාන වන්දනාමාන කිරීමෙන් සමනය නොවේ.
අද අද එයි මරු පින්කර ගන්නේ කියලා හිතාගෙන වන්දනාවේ යනවා.
කොයි වෙලාවේ යයිද දන්නේ නැහැ. පිනක් දහමක් කරගන්න එක හොඳයි. බලාගෙන ඔය වගේ තැන්වලට යනකොට මිනිස්සු ගල් ගහන්න පුළුවන්... හෙල්මට් එකක් දාගෙන යන්න...
ඔතන කොන්දක් තියෙන කෙනෙක් හැටියටනම්...