
(කාංචන කුමාර ආරියදාස)
අනියම් පෙම්වතිය බස් රථයෙන් තල්ලු කොට බරපතල තුවාල සිදුකළ බව කියන අනියම් පෙම්වතෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි හතරක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.
ඔහුගේ අනියම් පෙම්වතිය බව කියන පලුගස් වැව හොරිවිල කාන්තාව තුවාල ලබා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකින් මෙම අනියම් පෙම්වතුන් දෙදෙනා පොළොන්නරුවෙන් බස් රථයට ගොඩ වී තිබෙන බවත් දෙදෙනා අතර බස් රථයෙන් එන අතරතුරක් බහින්බස්වීමක් ඇතිවී මෙම අනතුර සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.