IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක්

කේ බුද්ධික කුමාරසිරි

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා නඩත්තු ) කුමුදු විජේගුණවර්ධන මහතා පැවසීය.

ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවයට පත් වීමට සිදු වී ඇති බවත් ඒ මහතා පවසයි.

අදාල අනතුර නිසාවෙන් නල මාර්ගය පිළිසකර කිරීමට වැය වූ මිලියන 15 ක අලාභය අනතුර සිදුකල මෝටර් රථයේ හිමිකරුගේ පෞද්ගලික මුදලින් හෝ මෝටර් රථයෙහි රක්ෂණ ආයතනයෙන් ලබා ගැනීම සදහා ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

කෙසේ උවද කාළගුණික තත්වයන් යහපත් අයුරින් පැවතුනහොත් අද (18) දින අළුයම වන විට නල ජලය පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ජලය අත්හිටුවීම නිසාවෙන් පීඩා විදින රෝහල් සදහා ජල බවුසර් යොදා ගෙන ජලය ලබා දීමට කටයුතු කර ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල දෙස සිට හෝමාගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් පිටතට පැන අදාල ජල නලය මතට වැටීම නිසාවෙන් මෙම නලය ඊයේ (17) දින අළුයම 2 ට පමණ පිපිරීමට ලක්ව තිබුණි.

 



අදහස් (11)

අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක්

Lalla Tuesday, 18 June 2024 07:48 AM

ස්වභාවික උපද්‍රවයක් නිසා නොව බීමත්කම හෝ නොසැලකිල්ල මත සිදුවූවක් නම් අනිවාර්යයෙන්ම දඬුවමකට සහ අලාභය අයකිරීමට යටත් කල යුතුයි. බොහෝ අය මහපාර ලොකුකම ගනන්කාරකම පෙන්නන්න පාවිච්චි කරනව. විශේෂයෙන්ම තරුණ අලුත් ධනවතුන්....

:       1       20

King of Kekille Tuesday, 18 June 2024 07:58 AM

එම මෝටර් රථය හිතාමතාම ජල නලයට පැන්නාද කියලා සොයන්න ඕන එහෙම පැනලා හානියක් වුනා නම් මණ්ඩලය කියනදේ හරි කියන්න පුළුවන් එතකොට වාහනයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි එක හමාරක් වන්දියක් ගන්න පුලුවන්ද.

:       4       11

dupul Tuesday, 18 June 2024 09:12 AM

පාර අයිනේ පොලොව මතු පිට ප්‍රධාන ජල නල එලා ඇත්නම් ඒවා බාධක යොදා ආරක්‍ෂා කරගන්න මණ්ඩලය දැනගන්න ඕනෙ.

:       0       13

Asanga Tuesday, 18 June 2024 09:36 AM

නළය අසල පාරේ ආරක්‍ෂිත වැටක් නැතේය​? නළය අනතුරු වලින් අරක්‍ෂා කිරීමට අරගෙන තියෙන පියවර මොනවද​?

:       1       20

Saman Tuesday, 18 June 2024 09:41 AM

රථය හිමිකරු හිතලා කරපු දෙයක් නෙවෙයිනෙ.. සම්පූර්ණ මුදලම ඔහුගෙන් අයකිරීම අසාධාරණයි කියලා මට හිතෙන්නෙ.. ඔය වගෙ වැදගත් දේවල් නිකම්ම පාර අයිනේ දාලා තිබ්බම ඔය වගෙ දේවල් වෙන්න කොහොමත් ඉඩ තියෙනවා. ජලමණ්ඩලයත් මේවට වග කියන්න ඕනැ අනාරක්ෂිත ලෙස ජලනල අතුරා තිබීම ගැන..

:       3       24

නෙළුම් Tuesday, 18 June 2024 10:43 AM

මෙි රටෙි නීතිය වල් වැදී තියෙන්නෙ. මේ මෝටර් රථයේ හිමිකරුට විරුද්ධව ක⁣ටයුතු කිරීමට , අදාළ බලධාරීන් කටයුතු කළ යුතුය . අපේ රටෙි නීතිය පැහැදිලිවම ඇති හැකි අයට එක විදියකටත්, නැති බැරි අයට තව විදියකටත් ක්‍රියාත්මක වෙන්නෙ. මේසා විශාල අලාභයක් සිදු කර තිබියදීත් අදාළ අය තවමත් නිදැල්ලේ ද.

:       4       6

නිමල් Tuesday, 18 June 2024 11:04 AM

1950 දශකයේ එලූ ඔය නළ සමහරවිට කල් ඉකුත්ව ඇති.( මෑතදී නැවත එලූ බවක් නම් නොදනිමි)

:       3       4

Rohana Tuesday, 18 June 2024 11:55 AM

සිදුකළ අලාභය ර‍්ථය හිමිකරුගෙන් අයකරගත යුතුයි. අනතුරේ ස්වභාවය දැක්කම සහ අලුයම 2 ට පාරේ දුවන වාහන ගැන කියන්න තියෙන්නේ හොදට බීලා අධික වේගයෙන් එලවන බවයි. මොකද සාමාන්‍ය වේගයෙන් ගියානම් මේ තරම් දරුණු අනතුරක් වෙන්නෙ නෑ. ඒ නිසා අලාභය අයකර ගැනීමට අමතරව වෙනත් දඩුවම්ද පැනවිය යුතුයි

:       4       0

සෙනෙවිරත්න Tuesday, 18 June 2024 02:12 PM

ඔහොම මරාල පාරෙ අයිනෙ අටවල කප්පං ගන්න ක්‍රමයක් මේ කරන්නෙ. උදාහරණයක් විදියට පාර අයිනෙ දුරකතන කනු විදුලි කනු තියෙනව ,ඕක දැකදැකත් නඩු කාරයො, ලොකු පොලිස් කාරයො, ආයතන ප්‍රධානින් පාරෙ යනව. හැබැයි පොඩි වරදකින් ඔය කනුවක හැපිල කනුව කැඩුනොත් අලාබෙ ගන්නව, අර හැපුනු මිනිහට මැරෙන්නයි වෙන්නෙ. පාර අයිනෙ බිත්තර තියල බිදුනට මොනව කරන්නද ?

:       1       7

Chinthaka Tuesday, 18 June 2024 06:08 PM

මහාමාර්ගයේ සිට ඉදිකිරීම් කරන්න කිසියම් නියමිත දුරක් තියෙනවා. ඒ දුර නොඉක්ම වූ ඉදිකිරීම් වෙනුවෙන් කිසිවෙකුට වන්දියක් ගන්න බැහැ කියලා මහාමාර්ග ආශ්‍රිතව මාර්ග සංවර්ධන අධිකාරිය දැන්වීම් නැත්නම් කාණු හෝ තාප්පවල දැන්වීම් ප්‍රදර්ශනය කර තියෙනවා.. ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරන්න ඉස්සර වෙලා ඒ ගැන අවධානයට ගන්න.

:       0       0

කරුණාජීව Tuesday, 18 June 2024 06:12 PM

නඩු දැම්මොත් මණ්ඩලය පරාදයි. මහා මාර්ගයක් අයිනේ එවන් සේවා සපයන දෙයක් (විදුලි ට්‍රාන්ස්ෆෝමර්, දුරකථන කැබිනට්, ජලනළ ...ආදී) ඇත්නම්, එහි ආරක්ෂාවට අදාළ ආයතනය විසින් ආරක්ෂක බැමි, කණු හෝ වැටක් සෑදිය යුතුයි. ඒවා මාර්ග නිර්මාණයේදී අඩංගු දේවල්. කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු නොකිරීම හෝ තත්ත්ව පරීක්ෂා කිරීමේදී සපුරා තිබිය යුතු දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 511 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site