
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත අඹකදවිල ඉරණවිල ප්‍රදේශයේ සුපිරි හෝටලයක් කුලියට ගෙන එහි නැවති අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ බව කියන චින ජාතිකයින් ඇතුළු 150 ක පිරිසක් යුද හමුදා බුද්ධි තොරතුරක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ සම්බන්ධ ඒකකයේ නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ චින ජාතික කාන්තාවන් 7 දෙනෙකු සමග පිරිමි 126 දෙනෙක්,වියට්නාම් ජාතික කාන්තාවන් 3 ක් සමග පිරිමි 10 ක්,මැලේසියානු ජාතිකයින් 1ක් සමග 150 ක විදෙස් ජාතිකයින් පිරිසක් බව කියයි.
මෙම චින ජාතිකයින් ඇතුළු විදේස් ජාතිකයින් පිරිස හලාවත අඹකදවිල ඉරණවිල ප්‍රදේශයේ වෙරළ තිරය ආසන්නයේ සුපිරි හෝටලයක නැවති කුමන හෝ කටයුත්තක කටයුතු කරන බවට ලැබුන තොරතුරු මත යුධ හමුදා බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරු මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිඝනක අපරාධ සම්බන්ධ ඒකකයේ නිළධාරීන් මෙලෙස වැටලීම සිදුකර තිබුණි.
සැකකරුවන් රිමාන්ඩ් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ වීසා නිකුත් කිරීම නතර කළොත්, මේ චීන වසංගතය තරමක් අඩුකරගන්න පුළුවන් වෙයි.
හොර චීන්නුන්ට නිකම් වීසා දීලා ගෙන්න ගත්තාම වෙන දේවල් මේවා. මොවුන්ව නිකම් ආපහු යවන්න එපා දඩ ගහලා හිරේ දාන්න...
පොහොට්ටුවේ ආණ්ඩුව චීන්නු සමග ළගින්ම ඇසුරුකළ කාලයේ විශාල වශයෙන් චීන්නු ලංකාවේ හිටියත් ඔහොම දේවල් හසුවුනේ නැහැ රහසිගතව ඔය වගේ හොරකම් ඒ කාලයේ මහාපරිමාණයෙන් කෙරුණු නිසා රටේ ආර්ථික පරිහානියක් වුණාද? කොහොමහරි ඔය වැනි මගඩි ගැන විශේෂයෙන් පරීක්ෂා කර බලනවා නම් හොදයි.
මේ ළඟකදී අනුරාධපුරේදී අල්ලපු සෙට් එක ආපහු පිටුවහල් කළා. මේ අයගේ සියලුම දේ රාජසන්තක කරලා, දඩ ගහලා, හොරා ගත්තු මුදල් සියල්ල ආපසු අරගෙන එම්බසියට බාර දෙන්න. මුන් මහා වදයක් වුණා දැන්. හෝටල් කුලියට දෙන අයගේ හෝටල් තහනම් කරන්න. මොවුන්ට රිංගන්න හිල් හදලා දෙන කළු කපුටෝත් ඇති. අපිට කියන්න පුළුවන් ද මුන් වෙනුවෙන් පෙනිසිටපු කළු කපුටන්ගේ නම්...