
(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර , ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙම සිද්ධියෙන් මොවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමට අමතරව එම මාර්ගයේ ගමන් ගන්නා සෙසු පිරිසට ද අන්තරාවක් ගෙන දෙන කි‍්‍රයාවක් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
තරුණයන් සිව් දෙනකු විසින් මෙම කි‍්‍රයාව සිදුකර ඇත.
මෙම මෝටර් රථයේ අංකය අනුව පරීක්ෂා කිරීමේ දී මෙම මෝටර් රථය මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් බවට හෙළි කරගෙන ඇත.

COMMENTS
මෙතන තිබෙන්නේ විනය හා නීතිගරුකව හැසිරීම පිලිබදව ගැටළුවක් නොවේද ? වාහනයේ අංකයෙන් මෙවන් නියගලා අල සොයාගත හැකිවනවා නොවේද ? එලෙසම කවද කාපු ටකරන්ද යන්න මෙම ඡායාරූප වලට නොගැලපේද?
මේ අර ගොබ්බ ගෝත්‍රික හැත්ත...!!! හෙවත් පොහොට්ටු ගෝත්‍රිකයින්ගේ ඉඳුල් බුදින මෝඩ හිඟන්නෝ. උන් තවමත් හිතන්නේ මේ ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. අපි බලමු පොලිස්පතිගේ කොන්දේ අමාරුව හොඳ වෙලාද කියලා.
උඩරට නිලමේලාට මැජික්!
අනුමානයක් නෑ , මන්ත්‍රිකෙනෙක් ගේ හෝ ඇමැතික්ගේ පුතෙක් ඔය 4 දෙනා අතර ඇති .
වස පොල්තෙල් අඩංගු කෑම කාපු අම්මලා අප්පලාගේ පුත්තු තමා මේ..
මෙතුමන්ලා ඡන්දේ ඉල්ලුවාත් අපි ඡන්දේ දිලා පාර්ලිමේන්තු යවනවා
ගොඩේ පුරුද්දනේ..... මේවා පුරුදු නෑ නේ.... පව් මුන්ව පුනරුත්තාපනය කරන්න ඕන.... සමාජයට දාන්න ඉස්සෙල්ලා......