
(අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉදිකිරීම් සමාගම්වලට සහ මාර්ග සංවර්ධන අධිකාරියටඋපදෙස් දුන්නේය.
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය සම්මත වී ඇති හෙයින් සියලුම සංවර්ධන කටයුතු කඩිනම් කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය බිමල් රත්නායක සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්වරු පොතුහැර - රඹුක්කන අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්නට අද සහභාගී වූහ.



COMMENTS
දක්ෂිණ අධිවේගයේ වගේ මං තීරැ සහ ගාඩ් රේල් ඒක අතර පරතරය අඩු ද ?
කොළඹ මීරිගම හදන්නේ කවදාද දෙවියනේ?
මුලින්ම කොළඹ - මීරිගම අධිවේගී මාර්ගය සම්පුර්ණ කර අවසන් කරන්න
කඩවත -මීරිගම කොටස හදලා දුන්නා නම් මාර වටිනවා
76 වසරක්ම රට සංවර්ධනය කරලා නෑ... බැංකු කඩපු එකයි මිනිමරපු එකයි හැදුනුම්පත් එකතු කරපු එක විතරයි කරලා තියෙන්නේ
පහුගිය ආණ්ඩු ප්‍රමුඛතාව දීලා වැඩකරේ නෑ කියලා බයිල ගගහ කඩවත මීරිගම නොහදා පොතුහැර රඹුක්කන හදන්නේ රෙදි ගලවගෙනද
අඩු ගානෙන් highway හදනවා කියපු මොරටුව University එකේ මහ ඇදුරෝ වෙන්න ඇති දැන් project එක කරන්නේ. පට්ටපල් බොරු කියලා මෝඩ මිනිස්සු රවට්ටලා බලයට ආවා කියන එක තේරුම්ගන්න බැරි ගොන්නු තාම ඉන්නවා...