(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන්, අද (26) ගංවතුර තත්ත්වයක් ඇති විය.
මෙහිදී නුවරඑළිය තුරග තරඟ පිටිය ප්රදේශයේ නිවාස කිහිපයක් මෙන්ම නුවරඑළිය නගරයේ ප්රධාන මාර්ග කිහිපයක් ද පස්වරුවේ ජලයෙන් යට විය.
නුවරඑළිය නගරය බදුල්ල, මහනුවර සහ හැටන් යන නගර හා සම්බන්ධ කරන ප්රධාන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
නානුඔය නගර ආශ්රිත පහත් බිම් ප්රදේශ කිහිපයක ද අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතු වී තිබේ.
නුවරඑළිය - හැටන් ප්රධාන මාර්ගයේ, නානුඔය නගරය හරහා දිවෙන ජල අපවහන මාර්ග අවහිර වීම හේතුවෙන් ගංවතුර ජලය ප්රධාන මාර්ගය මතට ගලා ආ බවත්, මෙය රථවාහන ගමනාගමනයට බාධා ඇති කළ අතර, පදිකයින්ට සහ ප්රදේශයේ ව්යාපාරිකයින්ට ද දැඩි දුෂ්කරතා මතු කර තිබේ.
නුවරඑළිය ග්රෙගරි වැවේ ජල මට්ටම එහි නියමිත ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන්, ගංවතුර පාලනය කිරීමට සහ වේල්ලේ ආරක්ෂාව තහවුරු කිරීමට, අතිරික්ත ජලය පිටතට මුදා හැරීම සඳහා වැවේ වාන් දොරටු විවෘත කර ඇත.
මේ අතර, සීතා එළිය ප්රදේශයේ ඓතිහාසික සීතා අම්මාන් කෝවිල අසලින් ගලා යන ගඟේ ජල මට්ටම අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති අතර, එම නිසා පහත් බිම් ප්රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
මෙවැනි පහත් බිම්වල ජීවත් වන පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් හා ප්රවේශමෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd