
(අංජුල මහික වීරරත්න)
එදා අධිකරණ 27 ක් ගිනි තබපු අය රටේ යුක්තිය කොහිදැයි අහන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පාසැල් 170 ක් ගිනි තැබූ අය අධ්‍යාපනය විනාශ වුණේ කොහොමදැයි අසන බවද රාජපක්ෂ මහතා කීය.
රටේ 76 වසරක ශාපය ගැන කථා කරන අය දේශපාලන නායකයින් කළ සේවය පිළිබදව කථා කරන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ වසර 25කට අධික කාලයක් අඛණ්ඩව පෙර පාසැල් ගුරුවරුන් ලෙස කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරියන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කරන්න බැරි බව කී අමාත්‍යවරයා දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටුණොත් ආර්ථික ස්ථාවරත්වය විනාශ වෙන බව සඳහන් කළේය.
COMMENTS
හැමෝම බයවෙලා වගේ ගතියක් පේන්නේ...
දැන් ඉතින් මොනවා කිව්වත් වැඩක් නැහැ නේද මහත්තයෝ...?
එදා 27 යි, අගවිනිසුරු අයින් කරනකොට මොන පිළේද හිටියේ කියලා අමතකද?
ඒකට හිලව්වටද හිතුමනාපෙට පනත් සම්මත කරගන්නේ නඩු කාරයින්ට බාල්දාන්නේ, එතකොට ඒකමයිනේ තමුන් නැහැලා කරන්නේත්? වසර හතලිහකට පෙර කැරලිකරුවෝ කරපුවා කියව කියවා වර්තමාන අවලම් වැඩ වහගන්න හදන්න එපා... ඕවා හැම රටකම වූ කැරැලි උද්ඝෝෂණ යුද්ධ වලදි, තමුන්නැහැලා ඡන්දෙන් පත්වෙලා ඕවා කරන්න හදන්න එපා.
අධිකරණ 27 ගිනි තියපු එක පැත්තකින් තියමුකෝ. ඔය මාලිමා නායකයෝ එක්කෙනෙක්වත් ඉන්නවද කියලා හොයල බලන්න තමන් රස්සාවක් හරි බිස්නස් එකක් හරි කරලා කීයක් හරි හම්බ කරපු . ඉතින් එහෙම ගෙදරක ආර්ථිකයක් වත් මෙහෙයවපු නැති මිනිස්සු කොහොමද රටක ආර්ථිකයක් රන් කරන්නේ
ඔය පරණ කතා අහලා අපිට එපාවෙලා තියෙන්නේ..., අපි දන්නවා තවත් ඕවා ඕනෑ නැහැ.
ඩීල් දාස ගැන නොදන්නා අය ඕවා පිළිගනී...
මේනකා, ඔයාට ප්‍රශ්නය ඒකද? මහින්දගේ පුත්තු රේස් පැද්දේ ඔයාගේ සල්ලි වලින්ද? පක්ෂෙක විනය තියෙනවා නම් මුදල් ගැටලුවක් නැහැ. ඒවා වෙලාවට පෙන්වයි. රටේම සල්ලි කාබාසිනියා කරලා ඒත් මදිවෙලා කාටද ඔය කඩේ යන්නේ...?
පාලකයෝ යහපත් නම් කැරැලි ඇතිවේද?
ඩීල්දාස තාමත් කියවනවා. මෙයා දෙපැත්ත කන, තමාගේ වාසියට වැඩකරන තවත් කෙනෙක්. මෙයාට නම් රැවටෙන්න එපා.