
(අංජුල මහික වීරරත්න)
අපොස උසස්පෙල විභාගය කල් දැමුව හොත් දේශීය මෙන්ම විදේශීය උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව ඉක්ම ගොස් ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක් ඇති විය හැකි බව අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
විභාග කල් දැමීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ඒ කරුණු සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වී ඇත.
පසුගිය වසර වල කොරෝනා වසංගතය,ආර්ථික අර්බුද ආදිය නිසා ද විභාග කල් යාම මෙන්ම පාසල් අධ්‍යාපනයේ ඇණහිටීම් සිදු වූ බව අධ්‍යාපන විශේෂඥයන් සිහිපත් කර තිබේ.
2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල් දැමුවහොත් එම වසරේ මාර්තු, අප්‍රේල් වල පැවැත්වීමට සැලසුම් කර තිබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි,ජුනි දක්වා කල් තැබීමට සිදුවනු ඇතැයි ද 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජුලි මාසය තෙක් පමා වන අතර එවිට 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට ද මෙවර මෙන්ම අමතර කාලයක් ලබා දීමට සිදු වනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇත.
එසේ වුවහොත් 2024 අපොස උසස් පෙළ විභාගය නැවත 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල් යනු ඇතැයි ද මේ වන විටත් ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කර ගැනීම තව දුරටත් පමා වනු ඇතැයි ද ඔවුන්ගේ මතය වී තිබේ.
විභාග කල් දැමීමෙන් පාසල් වාර සටහන් ප්‍රමාද වීම, පාසල් වලට දරුවන් ඇතුලත් කරගැනීම ප්‍රමාද වීම,11 සහ 12 ශ්‍රේණිවල දරුවන්ට යම් වැඩිපුර කාලයක් රැඳී සිටීමට සිදු වීමෙන් පන්ති කාමරවල ඉඩකඩ ප්‍රශ්නයක් ද ඇති වීම, උසස් පෙළ ප්‍රවේශය ප්‍රමාදවීම, විදේශ විශ්ව විද්‍යාල සදහා ඇතුලත් වීමේ කාලය ප්‍රමාද වීම,විදේශ විශ්ව විද්‍යාල මගින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමි වීම ,රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් ප්‍රමාද වීම වැනි දිගු කාලීන ප්‍රතිවිපාක යන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
දරුවන් උසස් පෙළ විභාගය සඳහා අවුරුදු 18 වන විට පෙනී සිටිය යුතු වුවද විභාග කල් යෑම නිසා එම වයස ඉක්මවා ගොස් තිබෙන බව අධ්‍යාපන විශේෂඥයෝ පවසති.
COMMENTS
විභාග කල් දැමීම වැඩිපුර අවශ්‍ය ප්‍රයිවට් ටියුෂන් කාරයින්ට. ඇත්තටම සිසුන්ගේ වයස ඉක්මවා යාමක් දැනටමත් තිබෙනවා. ජාත්‍යන්තර සිසුන් සමග බැලුවොත් වයස 18 සිසුන් සමග අනෙක් රටවල අධ්‍යාපනය හදාරන්නේ වයස 16 අය. ජාත්‍යන්තර විද්‍යා/ඔලිම්පියාඩ්/ගණිත වගේ තරගවලට යන අය ඒ බව දන්නවා. එ නිසා උසස් පෙළ විභාගයට ලිවීම වයස අවු 16 දක්වා පහතට ගත යුතු වෙනවා. සමස්ත අධ්‍යාපන රටාවම වෙනස් විය යුතුයි. විෂය නිර්දේශ සමගම... මේ විභාග කල් දැමීම නම් නොකළ යුතුම දෙයක්. මේ විදියට විශ්ව විද්‍යාලවලට යන අය උපාධි අරගෙන එළියට එනකොට අවු 27 පැනලා. කෙතරම් අභාග්‍යයක්ද? අවුරුදු 24 වන විට විශ්ව විද්‍යාල ප්‍රථම උපාධිය අවසන් කළොත් තමයි අනාගතයක් තියෙන්නේ. මේ වගේ දුර දිග නොබලා වැඩ නොකළ එකේ විපාක අදටත් භුක්ති විඳිනවා. ඇති හැකි අය දැන් පුද්ගලිකව විභාග ලියලා විදේශගත වෙනවා. නැති බැරි එකා මෙහේ දුක් විඳිනවා...!
ප්‍රශ්න පත්තර බලනකොටත් ඔය උගතුන් මේ විදිහට හිතනවා නම් රටේ දරුවන් ගැන, රුපියල, දෙක ඉල්ලලා වැඩවරන එක කරන එකක් නෑ නේද...?
ළමයින්ගේ විභාගයක් වත් හරියට තියාගන්න බැරි මේ මෝඩ රට මොකටද? දුර්වලයෙක් පාලනයට ආවාම අධ්‍යක්ෂකයෝ වැජඹෙනවා.
ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ... ඔයාලගේ අකාර්යක්ෂමතාවය නිසා වුණු දෙයක්... කලින්ම ප්‍රතිඵල ආවානම් කිසිම ප්‍රශ්නයක් නැතුව නොවැම්බර්වල ලියන්න තිබුණා. ලියන ළමයි කිසිම කෙනෙක් ඡන්දෙ දීලා ඔබලාව පත් කරේ නෑ. ළමයි පලි නෑ ඔයාලගේ දේශපාලන බල අරගල වලට...
කොරෝනා වලින් පස්සේ විභාග කල්ගියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ජන නිසා නේද? ඒ වෙලාවේ කොමා තත්ත්වයට පත්වෙලාද හිටියේ...?
ළමයින්ට ඇතිතරම් කාලය නැති වුණාම විභාග ෆේල් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඊටපස්සේ පුද්ගලික විශ්වවිද්‍යාල පුරවන්න ලේසියිනේ. මං හිතන්නේ ගොඩක් අයගේ අරමුණ ඒක...!
විභාගයක් තියන දවස, ළමයින්ට කියන දවසත් කල් දදා ඉඳලා නොවැම්බර් ළං වෙනකොට නොවැම්බර් 27 විභාගෙ තියනව කියල මුක පූට්ටු කරගෙන කිව්වට වැඩක් නැ. විබාගයක් ලියපු උන් පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්නවනම් තේරෙයි රඟෙ. මෝඩයො පාලනයට පත් කරන්න මෝඩයො හදන රටක් මේක. තව වයිරස් එකක් එනකන් හරි බෝම්බයක් ගහනකන් හරි, ගංවතුරක් ගලලා රටට කෙලවෙන කන් හරි ඇද ඇද හිටියාම මරු...!
ජනවාරි වලට කල් දාන්න ඕනේ නැත්තම් අපි මොනවද ලියන්නේ? අනික මේ පාර ප්‍රතිඵල ආපු අය කොහොමද ලෑස්ති වෙන්නේ? මෙව්වා මොවුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?
අනේ මේ මහත්තයෝ ගොන් ආතල් දෙන්න එපා....අපි කරපු බම්බුවක් නෑ.....මහලොකුවට මොලේ තියේනම් ගොන් ආතල් තර්ක ගේන්න එපා.....අපි කර මගුලක් නෑ.....ඔය කියනෝවගේ ජනාදිපති තුමාට කියන්න තිබ්බනෙ ටග්ගාලා පේපර් ටික බලන්න කියලා......ඒකට පෙනී ඉන්න තිබ්බනෙ.....පේපර් බලන්න පරක්කු වෙනකොට කියන්න තිබ්බනෙ ලමයිට ලබන පාර රෙඩී වෙන්න කාලෙ මදිවෙයි ඉක්මනට බලල දෙන්න ඕන කියල මතක් උනේ නැද්ද..........ඒවත් හිතල කතා කරන්න....වැරදි ඔක්කොම තමන්ගෙ පැත්තෙ ක්ශේත්‍රයේ තියාගෙන ලමයින්ගෙ අනාගෙතේ කන්න එපා......ඔයාලා යන්න ඕන තැන් වලට ගිහිල්ලනෙ නේහ්.....????......