IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අධිවේගී පාරේ යන්නත් පෝලිම

දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කාර්යබහුල වී තිබේ. කොළඹ සිට ගාල්ල දෙසටත් ගාල්ලේ සිට කොළඹටත් යන එන වාහන නිසා අධිවේගී මාර්ගය කාර්යබහුල වී ඇත.කොට්ටාවේ පිහිටි ඇතුළුවීමේ මධස්ථානයේ දී අද උදෑසන තරමක වාහන පෝලිමක්ද දැකගත හැකි විය. මෙම මාර්ගය පාවිච්චි කරන රියැදුරන් පැවැසූවේ කාලය ඉතිරි කැරගෙන ගමන් බිමන් යා හැකි බවයි. ජනාධිපති හා අගමැති හැර අන් කිසිදු ප‍්‍රභූවරයකුට මේ මාර්ගයේ නොමිලයේ ගමන් කළ නොහැකියැයි මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවැසීය. ඔහුද තම වාහනය පදවාගෙන කළුතර සිට කොට්ටාවට ආවේ නියමිත මුදල ගෙවමිනි. අබලන් තත්ත්වයේ නොමැති  ඕනෑම වාහනයකට මෙම අධිවේගී මාර්ගය භාවිත කිරීමට හැකි බවත්, විනෝද චාරිකා ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමේ අත්දැකීම විඳගන්නට දැන් දැන් ජනතාව වෑන් රථවලින් පැමිණෙන බව ටිකට් නිකුත් කරන නිලධාරියෙක් පැවැසීය.



අදහස් (0)

අධිවේගී පාරේ යන්නත් පෝලිම

සුදේශ් Friday, 02 December 2011 02:51 PM

සතුටුයි සුනඛයන්ට වුනත් මේක අලුත් අත්දැකිමක්නේ...

:       0       0

පාලිත Wednesday, 30 November 2011 06:11 PM

නියම වැඩක් මේක. මම අනිත් රටවල දැකලා සහ ගිහින් තියෙනවා. අපේ රටේ යනකොට හරි ලස්සනයි. අනිත් රටවල ‍ඒ ලස්සන නැහැ

:       0       0

බණ්ඩාර Wednesday, 30 November 2011 06:11 PM

සුනඛයන්ගෙන් අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු ඉතා ඉක්මණින් වළක්වාගන්න නිසි පියවර ගන්නේනම් ඔබ අප සැමගේම ඉමහත් වගකීමකි

:       0       0

උපුල් Wednesday, 30 November 2011 06:15 PM

ආඩම්බරයි දකින කොට තවත හදයි අධිවේගී මාර්ග පෝලිමේ ඉන්නකොට. අතිගරු ජනාධිපති තුමනි මේ ගැන සිතයි නිසැකම

:       0       0

රෝයි Wednesday, 30 November 2011 06:19 PM

අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේ යන එන මහතුන්ද මේ ගැන දැනුම්වත් විය යුතුයි. මෙවැනි වැදගත් ප්‍රකාශන ඉදිරිපත් කරන "ලංකාදීප" පුවත්පත් සමාගමට මාගේ ස්තූතිය

:       0       0

සමන් italy Wednesday, 30 November 2011 06:23 PM

මෙම පාරේ යන අ‍යගේ ආරක්ෂාව සදහා ඉදිරියෙන් ඇති වංගු පෙන්වන්න, එහිදී යා හැකි වේග සීමාවන් ද පෙන්වන්න, වැස්ස ඇති අවස්ථාවල උපරිම වේග සීමාවන් දක්වන්න, ඉදිරියේ ඇති අනතුරු ගැන කිලෝමීටර් 4 ක් ඉස්සරහින් පෙන්වන්න. වාහනයේ ටයර් පොලිසිය මගින් මෝටර් වේ එකට ඇතුල්වෙන්න ඉස්සර පරීක්ෂා කිරීමෙන් අනතුරු අවම කර ගන්න පුලුවන් වෙයි

:       0       0

ධර්මසිරි Wednesday, 30 November 2011 06:58 PM

ලංකාවේ අධිවේගී මාර්ගයක් තැනීම පිළිබදව ගොඩාක් සතුටුයි. දැන් අපිට තියෙන්නේ යාපනේ සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයක් හදන්නයි

:       0       0

දලු බණ්ඩා Wednesday, 30 November 2011 06:33 PM

පෝළිම් සාමාන්‍ය දෙයක්. ඉල්ලුම වැඩි වෙනකොට පෝලිම් ඇතිවෙනවා

:       0       0

රංග dubai Wednesday, 30 November 2011 06:42 PM

යාපනේටත් හදන්න ජනාධිපති තුමනි

:       0       0

කුසල් Wednesday, 30 November 2011 07:16 PM

පාර හොදයි ඒත් ගාන වැඩියි. සැහැල්ලු වාහන සදහා රුපියල් 250 ක් ගත්ත නම් මදිද?

:       0       0

කුමුදුනී රණවීර Wednesday, 30 November 2011 08:03 PM

අනිත් යෝජිත අධිවේගී මාර්ගත් ඉක්මනින් ඉදි වුණොත් කොච්චර හොදද? අපේ වෙලාව ඉතුරු වෙනවා. වැඩ ලේසි වෙනවා. රටත් දියුණු වෙනවා.

:       0       0

අජිත් අමරවීර Wednesday, 30 November 2011 08:56 PM

සුනඛයන් ටිකට් අරන්ද දන්නෙ නෑ ආවේ?

:       0       0

ලංකාfta Wednesday, 30 November 2011 08:58 PM

සුනඛයන්ගේ පැමිණීම හේතුව විශාල තර්ජනයක්. මෙය අනතුරු වැඩිවීමට විශාල ලෙස බලපානු ඇත

:       0       0

Suranga Gunawardhana Wednesday, 30 November 2011 10:15 PM

අධිවේගී මාර්ගයට සත්තු ඇතුළුවෙන එක නවත්වන්න බැරිද?

:       0       0

මිස්සක Wednesday, 30 November 2011 10:26 PM

අධිවේගී මාර්ගයේ සුනඛයන්ට නොමිලේද?

:       0       0

සුනිල් පෙරේරා Thursday, 01 December 2011 01:54 AM

සුනඛයන්ගෙන් වෙන බාධා වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුයි

:       0       0

ජයන්ත Thursday, 01 December 2011 04:21 AM

ඉතා හොද වැඩක්

:       0       0

අරුණ Thursday, 01 December 2011 05:14 AM

අධිවේගී මාර්ගයක බල්ලෙක් කියන්නේ අනතුරකට මුල

:       0       0

චාන්දනී Thursday, 01 December 2011 06:41 AM

රටේ දියුණුව ගැන හරිම සතුටුයි

:       0       0

ලකී Thursday, 01 December 2011 09:23 AM

බෑ නෙ අනේ... ලංකාවේ අය Driving License අරන්නේ අනේ ඉන්නෙ

:       0       0

උපාලි Thursday, 01 December 2011 09:55 AM

සත්තු ඇතුල් වෙන එක නවත්වන්න ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් තියෙනවා. ඒකෙන් ට්‍රාන්ස්මිටර් කරන තරංග නිසා බල්ලෝ, කුරුල්ලෝ වගේ සත්තු හයිවේ එකට එන එක නවත්වන්න පුලුවන්. මේක සමහර රටවල්වල පාවිච්චි වෙනවා. නමුත් වියදම ටිකක් වැඩියි.

:       0       0

ඇසළ Thursday, 01 December 2011 10:06 AM

අපි ඉන්දුනීසියාවේදී වාහන වැඩිවෙලාවට පාරට ඇතුල් වෙන්න පෝලිමේ විනාඩි 15-30 අතර කාලයක් ඉන්නවා. මේක ලංකාවට තවම අලුත් දෙයක් විතරයි

:       0       0

සුජීව Thursday, 01 December 2011 11:20 AM

බේබදු රියදුරන් සහ අබලන් වාහන ඇතුල් කරන එකයි නවත්වන්න ඕන

:       0       0

සනා Thursday, 01 December 2011 11:36 AM

බල්ලන්ගෙනුත් සල්ලි ගන්නවද????

:       0       0

NB Thursday, 01 December 2011 11:43 AM

මම ඊයේ යන කොට ගොඩාක් බල්ලෝ මැරිලා ඉන්නව දැක්කා. අපේ වාහනේත් බල්ලො දෙන්නෙකුට බ්‍රේක් කළා. ඒකත් කළින් දැකපු නිසා. ඒක ලොකු තර්ජනයක් හයියෙන් යන වාහන වලට

:       0       0

ajith Thursday, 01 December 2011 12:19 PM

බල්ලට ඇතුල් වෙන්න අවසර දුන්නෙ කවුද?????????????????

:       0       0

මහජන Thursday, 01 December 2011 01:54 PM

බල්ලන්ටත් හයිවේ????

:       0       0

සුමිත් Thursday, 01 December 2011 02:26 PM

බල්ලන්ට ඇතුල් වෙන්න බැරි විදියට දිගටම පාර දෙපැත්තෙන් දැලක් දැම්මොතින් හොදයි නේද?

:       0       0

රවී Thursday, 01 December 2011 04:24 PM

වැදගත්ම දේ තමයි මාර්ග නීති පිලිපදින්න ඉගෙන ගන්න එක

:       0       0

පීරිස් Saturday, 03 December 2011 12:53 PM

අනාගතය අදයි

:       0       0

රංග Friday, 02 December 2011 08:50 AM

යාපනේටත් හදන්න ජනාධිපති තුමනි

:       0       0

අප්පච්චී Friday, 02 December 2011 10:11 AM

ඒ කියන්නේ හයි වේ එකත් සුනඛයට ගිහින්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site