
(යොහාන් භාසුර)
රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්ර අක්රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්රී 9.30 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මෙම විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ගැනීමට නියමිත බව ද ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පහුගිය ආණ්ඩුවල වැරදි යයි කියමින් තප්පුලෑමට මාලිමා ඩෝබි සමාජයට දැන් අවස්තාව උදා වී ඇත.
ඛාණ්ඩ ටික දන්වන්න
නොරච්චෝලේ බිදවැටුන කියල සීයාගේ ආණ්ඩුව කාලෙ පැය ගණනින් විදුලිය කැපුවද කයි බයියනි.
වඳුරෝ නිසා පොල් හිඟ වුණු රටේ වඳුරෙක් නිසා මෙහෙම වෙන්න බැරිද? ආයේ මෙහෙම දෙයක් වුනොත් අටපට්ටමට කියන්න ඕනෑ හොඳේ..
වඳුරෙක් පැන්නා රටේම ලයිට් යනවා. ඊට පස්සේ ලයිටුත් කපනවා. මේ රිලවත් අවුරුදු 76 ශාපය නිසා මෙතරම් කල් පැන්නේ නැහැ. දැන්නේ මූටත් පන්නන්න හිතිලා තියෙන්නේ. ඉස්සර වගේ කොමිස් සෙල්ලන් නොවෙයි ඈ. වඳුරාම තමයි. ලයිටුත් කපන්නේ නැහැ... කලමනාකරණය කරන්නේ. අනේ සාදු...
ලංකාවේ වගේ විදුලි පද්ධතියක් යුරෝපයෙම නෑ. එක්ක වැටුනම ඔක්කොම වැටෙනවා. මේ පද්ධතිය සැලසුම් කරපු පණ්ඩිතයෝ කෝ? මරණ දඩුවම් දෙනවා වෙන රටවල් නම්.
දැන් වඳුරෝ දැක්කම බයයි, මොන රෙද්දක් වේවිද දන්නේ නැහැ නේ
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට වදුරාට
අවුරුදු කන්න කොමිස් ගහන්න ගහපු ගේමක් වගේ. මොකාද පැන්න කියල ග්රිඩ් එකට ශොට් එක දීලා නොරෙච්චෝලෙ නැවතුනාම පෞද්ගලික ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න අනුමැතිය දෙනවා. එතකොට පැයට ලක්ශ ගනන් වලින් කොමිස් ගලාගෙන මණ්ඩලෙ ලොක්කන්ටයි, ඇමතිටයි යනවා නේද?