
(අංජුල මහික වීරරත්න)
මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අදාළ පාර්ශවකරුවන් ඉන්දීය ආයෝජකයින් ඇතුළු ශ්‍රී ලංකා රජය දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
මෙම තත්ත්වය අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා බාධාවක් වනු ඇති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන තම කනස්සල්ල පළ කරන බව සඳහන් කළේය.
තම රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. විද්‍යුත් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
ඉන්දියන් සාගරය කේන්ද්‍ර කර ගනිමින් ආසියාව දෙසට ගෝලීය බල පෙරළියක් වෙමින් පවතින බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කළ යුතු බව කීය.
COMMENTS
බොරු කන්දරාවක පිහිටෙන් පාවෙලා ආපු පොල් කෝම්බ 160ක් වෙච්චි මේ ආණ්ඩුවෙන් දුර දිග බැලීමක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ මෝඩයින්ට තියෙන්නේ උපතින්ම පිහිටපු ඉරිසියාවයි, කුහකකමයි, සමාජ වෛරයයි විතරයි. ඒවායින් ආර්ථිකය හදන්න පුළුවන් කියලා සමහරු තාම හිතනවා...
තර්කිකත්වය? සරලයි ඔයා ඔයාගේ වාසියට වැඩි ගානට කැමැති විච්ච ඒවා, රටේ යහපතට සාකච්ඡා කරලා මිල අඩු කරගන්න උත්සාහ කරනවා.
සල්ලි විකුණන අම්මාව විකුණන දේශපාලන හිඟන්නෝ තාමත් ඉන්නවා මේ පේන්නේ නැද්ද කරුමයක්..?
මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රනිල් ගත්තු කොමිස් මුදල දැන් ආපසු දෙන්න වෙනවා. නැත්නම් අදානිගෙන් අම්බානකට කන්න වෙනවා. රනිල් දැන් ලොකු අමාරුවක වැටිලා."ගලේ පහරපු බළලා" වගේ වහගන්න බැරුව ගඳ ගහනවා.
මහා බැංකු අධිපතිකමට සින්ගප්පූරුවෙන් ලෝක හොරෙක් හොයන් ආපු, පොලිස්පති කමට පාතාල අපරාධ කාරයෙක් පත් කරපු මිනිහ ගෙනන ආයෝජකයෝත් ඒ වගේම තමයි, මෝඩි පහුගිය දවස් වල ගෙන්නාගෙන ඔලුව අත ගගා ඕක කොහොම හරි කොරවලා දෙන්න කියන්න ඇති...
රටේ ජනතාව ජා:ජ:බ:වේගයට ඡන්දය දුන්නේ කුජීත ඔයාලාගේ වැඩ පිළිවෙලවල් ඉදිරියට ගෙනයන්න නොවෙයි... ඒත් එය රටට වැදගත් නම් ඉදිරියට යයි. ඔය ආකාරයටම විකුණන්න ගිය මිල්කෝ දැන් ගොඩ. ඒක නිසා ඔයා දැන් වැලිකඩ ගියාම ඉන්න විදිය අභ්‍යාස කරන්න නැත්නම් දේශබන්දුට වගේ වේවි. අනික මගුල් ගෙදරකට ඇරපු අර්ජුන්ව ආපසු ගෙන එන ක්‍රියාමාර්ගයක් ගැන යෝජනාවක් කරන්න බැරිද?
පින්හාමි ඔබට පොහොර සංස්ථාව වික්ක එක ගැන කණගාටුවක් නැද්ද?
වැඩ කරන්න නොවෙයි, බණින්න කිව්වා නම් මේ ආණ්ඩුව යසට ඒ වැඩේ කරනවා.
එකක් කියන්නකෝ..., ගෝලයෝ කියනවා රනිල්ගේ ප්‍රතිපත්තියම ගෙනියනවා කියලා, ගෝලයෝ විතරක් නොවෙයි පරණ ගෝල බාලයෝත් පාර්ලිමේන්තුවේ වැළලෙන්න හදනවා. රනිල්ගේ පාරෙම යනවා කියලා, දැන් මෙයා වැඳ වැටෙනවා... මම ගියපු පාරේම යන්න කියලා, පිස්සු හැදෙන සඳ කිව්වාලු.
තාමත් ආණ්ඩුව පොහොර, සබන්, පොල්තෙල්, මාළු විකුනන්න ඕනෑ කියලා හිතන මිනිස්සු එක්ක ගැඹුරු භූ-දේශපාලන කතා කියලා වැඩක් නෑ...
ඊයේ ඉඳලා අපි අපේම වැඩසටහනට වැඩකරනවා. සීයා ගෙනාපු අයි.එම්. එප්. එක සමන් විද්‍යාරත්න ප්‍රධාන කණ්ඩායම ලවා මට්ටු කරනවා. නැත්නම් පයින් ගහලා එළවනවා. ඉන්ධන මිල 160/= න් අඩුකරනවා.
ඇත්තටම, ඔවුන්ට ඔබේ උපදෙස් අවශ්‍ය නැහැ. ඔවුන්ට රට හොඳ තැනකට ගෙනියන්න දෙන්න.
අදානිට වැඩිපුර ගෙවන ගාන, පින් හාමි ගෙදරින් ගෙනැල්ලාද ජනතාවට ගෙවන්න. එළියට දැම්මත් හොර හිත මොවුන්ගේ...
මේ ගස්මාමා අටවපු උගුල්වල දිගටම යන්න කියන්නේ. යුනිට් එක ඩොලර් 0.084 ගානේ ගන්නලු...
මල ඇඩියාවක්නේ කජු සීයාගෙන් තියෙන්නේ....! ඔය ප්‍රොජෙක්ට් එක කළා නම් කියයි , රට ඉන්දියාවට දෙනවා කියල....
මේ සීයෙ කාපු කජු මදිවට දාපු ගැට උප්පරවැට්ටි බොරු සෝබන ජාත්‍යන්තර කතා දැං විකුනගන්න බෑ .ඒවා පිලුනු ගදයි දැං .සාගලවත් එක්ක පැත්තකට වෙලා ඉන්නවද වද නොදී තවත්
අනේ..මේ අවලංගු කාසිය... වැඩක් බලාගනින්
මේ හොරා කල් ඉකුත් වෙලා. එයා කියන දේ කරන්න එයාට අවුරුදු 50ක් තිබුණා. ඒ කියන්නේ, ඔයාගෙ හිරේ කාලය ඉවර වෙලා නේද?
ආන්ඩුවට එකදු විදේශ ආයෝජනයක් නෑ. එන්නෙත් නෑ, එන්නත් බයයි. රටේ එදිනෙදා වියදම් පියව ගන්නේ දේශීය ණය වලින්. මාස 6 ට බිලියන 5000 ත් පැනලා.
පැලවත්තෙ පඩියට ලියන කට්ටිය රනිල් දැක්ක ගමං කුලප්පු වෙනව.අවුලක් නෑ කීයක් හරි හම්බකර ගන්නත් එපෑ.
සීයෙ ඔයාට කළුපොල් කැවිලද ? උඹ වගේ උන් මෝඩ නැහැ. උන්ගේ කනින් රිංගන්න ලේසි නැහැ.
අපේ කණගාටුව, ඔබ හොඳ හා වැදගත් පුද්ගලයෙකු ලෙස සිතා ඔබට රැවටීම ගැන. ඔබ අපරාධ රැසකට දායකත්වය දී ඇති බවට කරුණු හෙළිවමින් තිබේ. ඔබේ නිරදෝෂිතවීම කිසිම සැකයක් නොතබා ඔප්පු කරන්න. නැතිනම්, මට කියන්න තියෙන්නේ ඔබලා වගේ පාලකයින් අපේ රටට මහ ශාපයක් සහ ඔබවන් රටක් පාලනය කිරීමට නුසුදුසු බවයි.
පැරදිලා පැරදිලා දැන්වත් ගෙදර හිටපන්කෝ.... පුදුම කරුමයක් මේ මනුස්සයා