
(රේඛා තරංගනී ෆොන්සේකා, ආනන්ද ඊ ජයකොඩි සහ කීර්ති ප්‍රනාන්දු)
දිවයිනේ නගර රැසක දී දේශපාලානාඥයන් ගමන් ගත් මෝටර් රථවලට සහ ප්‍රදේශීය දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වෙයි.
නිට්ටඹුව,කඩවත,මිනුවන්ගො ආදි ප්‍රදේශවලදී බස් වලට සහ සුඛෝපභෝගී මෝටර් රථවලට පහදී හානි සිදු කර ඇත.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මොරටුව නගර සභා සභාපති සමන්ලාල්ගේ නිවෙසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි
නගරාධිපතිවරයාගේ ගින්න නිවීමට ආ ගිනි නිවන රථවලට ද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වි ඇතැයි වාර්තා වෙයි.

සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවස

COMMENTS
මේ අය පන්නන්න ඕන අනිවාර්යයෙන්ම... ඒත් පොදු දේපළ... ජීවිත විනාශ කරන්න එපා.
බොරු කැටයම් දාන්නේ නැතිව කියපු විදිහට අස්වීමේ ලිපිය දුන්නා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ..? උද්ඝෝෂකයන්ට තුවාල වෙන්නෙත් නැහැ. බයියෝ බේරෙ වැවේ නාන්නෙත් නැහැ.
මේ තත්ත්වය 89 කාලයේ තම බලය අතට ගෙන ක්‍රියාකළ ආකාරයට සමාන වන බැවින් කිසිවිටක අනුමත කර ඔවුන් ඔසවා නොතැබිය යුතුය. හොරකම් කර රට ප්‍රපාතයට තල්ලු කළ සියලු දේශපාලකයින් පාඩම් ඉගෙන ගත යුතු නමුදු දේපල විනාශ කර ජීවිත අනතුරු දක්වා සමාජය තල්ලු වී යෑම වළකාගත යුතුයි.
මහින්දගෙන්ම වන්දි ඉල්ලගන්න.
ලැබුවා වූ ජයග්‍රහණය මහජනතාව ඉතාමත්ම සාමකාමීව සමරන බව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි. ඒ වගේම කුරුණෑගල, පුත්තලම ආදී ප්‍රදේශවලත් ජයග්‍රහණය සමරන්න. රජයේ දේපළවලට පමණක් කිසිම හානියක් නොකරන්න...
ජෙප්පන් 88-89 කළ දේම යළිත්...!