IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම් දිගටම

ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට යද්දී, අතුරුදන් වූ කුඩා සබ්මැරීනයේ (කුමුඳුවේ) සිරවුණු පස් දෙනා සොයමින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, සිරවුණු පස්දෙනාට ඔක්සිජන් ඇත්තේ තව පැය 30 කට පමණක් බවය.

සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බව වෙරළාරක්ෂකයෝ පෙන්වා දෙති. පසුගිය ඉරිදා (18) රාත්‍රියේ, පිරිස අතුරුදන් වූයේ ‘ටයිටන්’ නමැති සබ්මැරීනයෙන්, අඩි 3,800 ක් පහළින් ඇති ටයිටැනික් නැවේ සුන්බුන් ඇති ස්ථානය බලා යමින් සිටිද්දීය.

ඇමෙරිකා වෙරළාරක්ෂකයන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට නායකත්වය දෙන අතර, ප්‍රංශ වෙරළාරක්ෂකයන්, නාවික සහ ගුවන් හමුදාව මෙහෙයුම් සඳහා එක් වී සිටී. ඊට අමතරව, ප්‍රංශ රජය ද ඔවුන්ගේ නාවික යාත්‍රාවක් සෝදිසි මෙහෙයුමට එක්  කර තිබේ.

මුහුදේ වර්ග කිලෝ මීටර් 20,000 ක ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාම්තක වන බව ද වාර්තා වේ. රේඩාර්වලින් සමන්විත විශේෂ ගුවන් යානා සහ මුහුදු පතුල ගවේෂණය කරන නාවික යාත්‍රා මෙහෙයුමට එක් වී සිටින බව වාර්තා වේ.
සබ්මැරීනයේ සිරවුණු පිරිස සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කර තිබේ. පිරිස බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම ඇමෙරිකා රජය සිදු කරන බව බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

1912 වසරේ අප්‍රේල් 14 වැනිදා ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමය.

‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම ටයිටැනික් නැව ගිලුණු ස්ථානයට ගොස් සුන්බුන් නැරැඹීමට සලස්වා ආපසු එම දින 8 කින් සිදු කරයි. ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීම වෙනුවෙන් එක් අයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කෙරේ. ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2021 වසරේ සිටය.

අතුරුදන් වුණු කුමුඳුවේ නියමුවා පෝල් හෙන්රි නාර්ජියෝලේ ය. අවස්ථා ගණනාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය මොහු ප්‍රංශ ජාතික විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි.

සංචාරකයන් ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට කටයුතු සංවිධානය කරන ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උපසභාපති ස්ටොකොන් රෂ් ද අතුරුදන් සබ්මැරීනයේ සිටී.

සංචාරකයන් ලෙස ගමනට එක්වූයේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති  හාමීෂ් හාඩින්ය. මොහු ‘ඇක්ෂන් ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමේ ප්‍රධානියාය. අනෙක් දෙදෙනා ‘එන්ග්‍රෝ’ සමාගමේ උප සභාපති බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ෂෙහ්සාද් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ය. පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස ෂෙහ්සාද් දාවුද් සැලකෙයි.



අදහස් (1)

අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම් දිගටම

රෂීඩ් Thursday, 22 June 2023 08:50 AM

අල්ලාහු අක්බර්!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site