IMG-LOGO

අණ නොතකා ගිය යතුරු පැදියට විශේෂ කාර්ය බලකායෙන් වෙඩි

(ඉන්දිකා  රාමනායක)

අංගොඩ කැළණිමුල්ල පාලම අසල විශේෂ කාර්ය බලකාය  මගින් යොදා තිබු  ක්ෂණික මාර්ග බාධකයකදි  අණ නොතකා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට භට පිරිස්  (1)  පස්වරුවේ  වෙඩි තැබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

එම වෙඩි පහර හමුවේ  යතුරු පැදිය නොනවත්වාම පලා ගොස් ඇතැයි කාර්ය බලකායේ පවසයි.

විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මාර්ග බාධකය හරහා අද පස්වරුවේ  අංගොඩ සිට කැලණිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට නැවැත්වීමට අණ කර ඇත.

එම අණ අනුව යතුරු පැදිය නවත්වන මුවාවෙන් වේගය අඩුකර  එකවරම පලා ගොස් ඇති අතර  එම යතුරුපැදියට   විශේෂ කාර්ය බලකායේ භටයකු  වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව    විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග පවසයි.

මෙම වෙඩි  ප්‍රහාරයක් සමඟම යතුරුපැදිය නොනවත්වාම කැලණිය දෙසට ධාවනය වී ඇතැයි ද විශේෂ කාර්ය බලකාය සදහන් කරයි 

පලා ගිය සැකකරුවන් සොයා ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කළද  සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත..

මොවුන් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දෙදෙනකු බවට විශේෂ කාර්ය බලකාය සැකකරයි.



අදහස් (1)

අණ නොතකා ගිය යතුරු පැදියට විශේෂ කාර්ය බලකායෙන් වෙඩි

චින්තක Saturday, 02 September 2023 07:31 AM

හදිසි මාර්ග බාධක ඇතිකරන අවස්ථාවේ තාවකාලික CCTV සවිකරන්න ක්‍රමයක් නැද්ද? එහෙම තියෙනවා නම් ඕවා වළක්වන්න අමාරු නැහැ. එහෙම නැත්නම් බාධකයට මීටර් දහයක්, පහළොවක් දුරින් දෙපසින් හමුදා හෝ පොලිස් සන්නද්ධ නිලධාරීන් කීප දෙනෙක් සිටෙව්වොත් ඔහොම නොවෙන්න පුළුවන්...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site