IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අගෝ.12 පෙර අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන්නැයි නියෝග

(මහින්ද නිශ්ශංක)

කටුනායක නිදහස් වෙළඳ කලාපය පරිශ්‍රයේ ගබඩාකර තිබෙන අපද්‍රව්‍ය තොගය ලබන අගෝස්තු 12 වන දින හෝ ඊට පෙර කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නියෝග කර තිබේ.

එසේ කඩිනමින් එම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරිමට පියවර නොගතහොත් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආයෝජන මණ්ඩලය පවසයි.

හේලිස් සමාගම කොළඹ වරායෙන් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 130 ක් මුදාගෙන ඇති බවද එම අපද්‍රව්‍ය කටුනායක වෙළඳ කලාපයේ පරිශ්‍රයක ගබඩා කර තිබේ.



අදහස් (17)

අගෝ.12 පෙර අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන්නැයි නියෝග

Raveendra Friday, 26 July 2019 10:13 AM

ඔය දහජරාව ගේන්න සම්බන්ධ වූ හැම හරකෙක්ම ඇතුළටම දාලා ඒ දහජරාවත් එක්කම යවන්න පුලුවන් නම් කොතරම් "සුන්දරද"?

:       0       1341

SL Friday, 26 July 2019 10:17 AM

මෙවැනි කුහක, සල්ලි වලට පෙරේත කමට, රටේ මහජනයාගේ සෞඛ්‍ය ගැන නොසිතා කරපු වැඩේට අනිවාර්ය දඬුවම් ලැබිය යුතුයි.

:       1       809

SankaSaturday, 27 July 2019 02:08 AM

ඔය දහජරාව රේගුවෙන් පන්නලා දෙන්න සම්බන්ධ වූ සියලුම රේගු නිලධාරීන්ට දඬුවම් කළයුතුයි. මේවා මහ ජාතික අපරාධ. මොකද අපි පිටරටින් නීතිමය විදියට මොන දෙයක් ගෙනාවත්..., අපිට පරීක්ෂණ තියලා දඩත් ගහලා රේගු නිලධාරීන් අතයටින් ලොකු පගාවකුත් අරගෙන තමයි අමාරුවෙන් බඩු ටික නිදහස් කර ගන්නේ...

:       0       800

RaveendraSaturday, 27 July 2019 04:17 AM

Sanka මයා වෙත, ඔබගේ අදහස් 100% නිවැරදිය. රේගුවේ සිටින්නේ වැඩිපුරම ජරා බයිලා බව නොරහසකි. එනමුත් තම සේවය නිසිලෙස කරන අවංක නිලධාරීන් සිටින බවත් කිව යුතුය. (අප ඔවුන්ට අපගේ හදපිරි ස්තුතිය සැමවිටම ප්‍රකාශ කරන්නෙමු. ඔවුන්ගේ සියලුම පැතුම් සාර්ථක වේවා යන්න අප මුළු හදින්ම ප්‍රර්ථනා කරන්නෙමු.) මෙවන් සිදුවීම් අවම කර ගැනීමට අප මෙවන් යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. මීට පෙරද අප මෙය සඳහන් කළබවත් කියන්නෙමු. කිසියම් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් කිනම් හෝ අායතනයක සිදුවූවිට එයට සම්බන්ධ සියල්ලන්ගේම (එයට දේශපාලකයෙක් සම්බන්ධ වුනත් ඔහුටද එලෙසම විය යුතුය) නම්ගම් ලිපිනයන් සහිතව ප්‍රසිද්ධ මාධ්‍යවල සඳහන් කළ යුතුමයි. එමගින් ඒ ඒ කාලකන්නින්ගේ අඹුදරුවන් ඥාතින් හට පාරේ යාමට නොහැකි වෙන තත්වයක් ඇතිවෙන දවසට මෙවන් ජඩවැඩ කිරීමට එම පරයන් ඉදිරිපත් නොවෙනු ඇත. මක්නිසාදයත් මම මෙහෙම ජඩවැඩ කර අසුවුනොත් මගේ බිරියටත්, දරුවන්ටත් පාරේ යාමටවත් බැරිවෙයි යන බිය නිසා යන්න වැටහෙන බැවිනි..

:       0       428

Krisha Friday, 26 July 2019 10:43 AM

''එසේ කඩිනමින් එම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරිමට පියවර නොගතහොත් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආයෝජන මණ්ඩලය පවසයි'' ඇයි එතකොට ඒවා ගෙන්නුවාට නඩු නැද්ද? පොඩි මිනිහාට නම් ''බූරු ගැහුවත් එකයි එතන හිටියත් එකයි'' ප්‍රතිපත්තියනේ...

:       0       1007

ජයරත්න Friday, 26 July 2019 11:43 AM

රටේ සාමාන්‍ය මිනිස්සු නොදන්න තව කොච්චර විනාශකාරි දේවල් මේ රටේ වෙන ඇත්ද? අරයගේ මෙයාගේ ඇඟේ ගැහුවට මේවට කීදෙනෙක් සම්බන්ධ ඇත්ද? මේකත් ත්‍රස්ත ක්‍රියාවක් නොවේද? අනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය...

:       0       703

මොහොමඩ් Friday, 26 July 2019 12:08 PM

වෙලාවට මේකට තම්බියෙක් සම්බන්ධ නොවුනේ... එහෙම වුණා නම්, මේක ත්‍රස්තවාදයටත්, වඳභාවයටත්, කොහොම කොහොම හරි අමාරුවෙන් සම්බන්ධ කරගෙන... අපේ රටේ අඩුම තරමින් මුස්ලිම් ව්‍යාපාර 1000ක් වත් ගිනිතියන්න තිබුණා.

:       1047       602

AkilaFriday, 26 July 2019 03:40 PM

තම්බියෙක් ගෙනාවා නම් ඕකේ තියෙන්නේ එක්කෝ කුඩු.. නැත්නම් පුපුරන ද්‍රව්‍ය...

:       20       1604

kanjipaani Friday, 26 July 2019 09:55 PM

උඹලා වගේ සිංහල උන් වැරදි කරපු එකාව සුද්ද කරන්නේ නැහැ. පෙනෙනවානේ මිනිස්සු බනින තරම. ඒකට උඹලා.. තොප්පිය තියෙනවා නම් කොයි පැත්තට හැරුණත් කමක් නැහැ හොඳයි.. එ්කනේ විල්පත්තුවම විනාශ කරපු අර කැලෑපාළුව තවමත් යහතින් ඉන්නේ..

:       6       204

d.upul Friday, 26 July 2019 04:52 PM

රුපියල් 500ක් අරන් කොළඹ ඇවිත් ව්‍යාපාර පටන් අරන් කෙටි කලකින් කෝටිපතියන් වීමේ රහස දැන් දැනගත්තා.

:       2       887

ranjith Saturday, 27 July 2019 01:43 AM

මේ වගේ අනුන්ගේ රටවල් වල ජරාව ගෙන්න තරම් කසල ශෝධකයෝ මේ රටේ ඉන්න එක අපිට ලැජ්ජයි. මොවුන්ට ගිහින් ඒ රටවල කක්කුස්සි අදින්න කිව්වා නම් හරි ...

:       1       23

laal Saturday, 27 July 2019 03:44 AM

කුණු පිටිපස්සේ ඉන්න කුණුගොඩවල් වලට මොකද වෙන්නේ...? ඔවුන් නිදහස්ද? ඔවුන්ට නඩු නැද්ද? කවුද කියලාවත් කියන්නැද්ද?

:       3       111

විජිත් Saturday, 27 July 2019 05:05 AM

මෙහෙම කට්ටිය තමයි ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නේ.

:       4       47

sisira Saturday, 27 July 2019 05:31 AM

කාලකන්නි...! රටට වෙලා තියෙන විනාශය මදිවට පිට රට්ටුන්ගේ කුණුත් මෙහාට ගෙන්නලා, අපේ මිනිස්සු නැත්තටම නැති කරන්න හදන හැටි...

:       2       92

anura Saturday, 27 July 2019 08:16 AM

අශූචි ආනයනය කළහොත් මා පුදුම නොවෙමි. සමහර විට එ්කත් දනටමත් කරලා ඇති රට වැසියා නොදැන හිටියට..

:       0       17

sisira Saturday, 27 July 2019 02:06 PM

කුඩුවලට විතරක් නෙමෙයි, කුණු වලටත් මරණ දඬුවම දෙන්න ජනාධිපතිතුමෝ...

:       0       18

Chandima Saturday, 27 July 2019 06:44 PM

ඔය කුණු වැඩේට අනිවාර්යයෙන්ම අර 225 දෙනාගෙන් කීප දෙනෙක් සම්බන්ධ ඇති. දේශපාලයෙක් සම්බන්ධ නම් ඒකාගේ විශ්‍රාම වැටුපත් අහෝසි කල යුතුයි. ඔන්න ඕක නිසා තමයි සමහරු පහුගිය කාලේ දඩි බිදී ගාල කසල අංගන රටේ තැන තැන ඉදිකරන්න වළි කෑවේ. අනික තමයි මේ සමහර රටවල් ඒවා හදන්න වියදම් කරන්නත් ලෝබ නැතිව ආධාර දෙන්න හැදුවේ මේ වගේ රටින් ගෙන්නන විස කුණුත් ඔය පුත්තලම වගේ තැන් වල හදන්න යන කසල අංගන වලටම තල්ලු කරන්න හිතාගෙන වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site