IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

පසුගියදා පූජා භූමි රක්ෂිතයට අලි 6 යුත් රංචුවක් පැමිණ සිටි බවත් අලුයම 5.30 පමණ මෙම රෝහල ප්‍රදේශයේ අලි කිහිපදෙනෙකු සැරිසරමින් සිටිය බව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසිය දැනුවත් කර ඇත.

මෙම ගල් කණු පෙරලා විනාශය සිදු කළ පසු පුරාවිද්‍ය නිළදාරීන්එම ස්ථානයට යනවිටත් එක් අලියෙකු ඒ් සමීපයේ සිටි තිබේ.

බැතිමතුන් ගැවසෙන මෙම ප්‍රදේශයේ අලි ගැවසීම හේතුවෙන් වනජීවී නිළදාරීන්ට මේ පිළිබදව දැනුවත් කර ඇති අතර දහවල් කාලයේ අලි එලවීම සිදු කළහොත් අවට ගම්වාසීන්ට සහ මාර්ගය භාවිතා කරන්නන්ට හානියක් වීම හේතුවෙන් අලි එලවීම සිදු කර නොමැත.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට නිරන්තරයෙන් ගම්මාන්යන්ට වල් අලි කඩාවදින අතර මේ දිනවල ගොවීන් අස්වනු නෙලීම අවසන් කර තිබීම හේතුවෙන් මැදිරිගිරිය වටදාගෙය පූජාභූමිය දක්වා ප්‍රදේශයට අලි කඩා වදින බවත් මේවනවිටත් වටදාගෙය රක්ෂිතයේ අලි රංචුවක් සිටින බව ගම්මු පවසති.

මෙලෙස දහවල් කාලයේ පවා විශාල වශයෙන් ඒ් අවට මාර්ගය භාවිතා කරන්නන්ට සහ බැතිමතුන්ට මෙය දැඩි අවදානමක්ව ඇති බවද ඔවුහු පවසති.

 



අදහස් (2)

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි

ජිල්බු Monday, 07 October 2024 05:57 PM

අලි කිව්වා නේද? හිටපු අලිද? එහෙනම් නිධන් හෙව්වාද දන්නෑ..!

:       7       21

Venrix Tuesday, 08 October 2024 10:24 AM

වල් අලි මේ රටට අවශ්‍ය නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site