
(යොහාන් භාසුර)
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.
මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පැවැති අතර . රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවට පත්ව තිබේ.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමහරක් හිතන් හිටියේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බස් වලයි ත්‍රීවිල් වලයි වලයි සුදුසු යකඩ කෑලි ගලවන එක කියලානේ
හරියටම. අපි අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුයි. ඒ සඳහා අපි අපේ මොළ සෝදාගත යුතුයි. පළමුව අපි අපව වෙනස් කර පසුව අන් අයව වෙනස් කරමු. අමාරුම බාධකය අපේ මමත්වයයි. ඔයා වගේ අගමැති කෙනෙක් ඉන්න එක ගැන අපිට ආඩම්බරයි මැඩම්. වාසනාව !
ශ්‍රී ලංකා අගමැතිට පිරිසිදු කිරීම්, සාප්පු සවාරි සහ වෙනත් වැඩකට නැති කටයුතු සඳහා කාලය තිබේ. බදු ගෙවන්නන්ගේ මුදලින් මෙම කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය නැත. මෙම වැදගත් තනතුරේ ප්‍රමුඛතා මොනවාද සහ වගකිවයුතු අගමැතිවරයෙකු ලෙස අපේක්ෂා කරන්නේ කුමක්දැයි සඳහන් කරමින් උගත් කෙනෙකු ඇයට ලිපියක් එවිය හැකිද?
ඕක සිංගප්පූරුව වගේ දුප්පත් රටවලත් කරානේ. ඕවා වැඩක් නෑ. ලංකාවත් සිංගප්පූරුව වගේ දුප්පත් කරන්න ද මේ ආණ්ඩුව දගලන්නේ. ලංකාව හරි නම් සෝමාලියාව වගේ දියුණු කරනවා මහින්ද මහත්තයා ජනපති නම්.
මාර සොයාගැනීමක්. යුරේකා යුරේකා... පුනරුද යුගයට අයත් දන්තාලේපයක් හමු වුණා.
කලින් උන්ට හොදට කාලේ තිබුන හොරාකන්නයි, වන්දි ගෙවන්නයි, හාමුලගේ කටු ලෙවකන සත්තුන්ට මොනවා කලත් පේන්නෙම අඩු පාඩු
තමන් කරන ඕනෑම සෙප්පඩ විජ්ජාවක් මාරයි කියන ඩෝබි සංගමයට හැර මේවා නිකන් මෝඩ ආතල් පමණි. ප්ලාස්තික් භාවිතය අවම කිරීමට ජනතාව පෙළඹ වීම සහ ළමා පරපුර ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වැනි දිගු කාලීන වැඩ නොකර මෙවැනි ප්‍රදර්ශනාත්මක තුට්ටු දෙකේ වැඩ කරන්න ආණ්ඩුවක් අහවල් එකට ද?
හොරුන්ගේ පශ්චාත්තාපය
ජෙබයියන්ගේ පශ්චාත්තාපය