(අජන්ත කුමාර අගලකඩ)

අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යැමීමට ආණ්ඩුවේ ස්වාධීන වූ කණ්ඩායම තීරණය කර ඇත.

 ඒ අනුව එම නම් තුන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විසින් අද රාත්‍රී යවනු ඇත.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය තනතුර බාර ගන්නේ නැති නම්  ආණ්ඩුපක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එය ගැනීමට තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ටිලාන් අලස් මහතාගේ නිවසේ පැවැති රැස්වීමකදී එම තිරණය ගෙන ඇත. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, ටිලාන් අලස් යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.