(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 3 ක මුදලක් ලබාගත් බව කියන අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් හෝදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් 2024 වර්ෂයේ බන්ධනාගාර ගත කර සිටි රැදවියකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු බන්ධනගාර රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර කිරීම සදහා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) පිටකෝට්ටේ පිහිටි වෛද්‍ය නයනජිත් හේමන්ත රණසිංහ මහතාගේ නිවසේදී අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් දැලේ
බකල ජයා Wednesday, 13 August 2025 03:17 PM
අන්න නියමයි... නම සමග ප්‍රවෘත්තිය...
wedage Wednesday, 13 August 2025 03:22 PM
විකාර අනේ...
සජබංගWednesday, 13 August 2025 03:57 PM
ඔයාටද, දොස්තරටද?
wedage Wednesday, 13 August 2025 04:57 PM
පිස්සු අනේ... නේද මෙයා..?
විජිත යාපා Wednesday, 13 August 2025 06:36 PM
සමහරවිට ඔයා ලෙඩා තාත්තා වෙන්න ඇති. ඒ දරුවෝ අමාරුවෙන් හරි බලා ගත්තා නම් හරි යන්නත් ඉඩ තියෙනවා. පව්...!