
(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
යෝජිත ජල සූත්‍රය හඳුන්වාදීම ජනතාව පීඩාවට පත් නොකරන ආකාරයකට සිදු කරන බව ද අමාත්‍යවරයා කීය .
කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකර ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බව ද තොණ්ඩමාන් මහතා සඳහන් කළේය.
ඇතැම් දේශපාලන පක්ෂ කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට යැයි පවසමින් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක් මඟකට” යන මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහප්පගෙ කාලේ ඉඳලා දෙමළ මිනිස්සු රවටනවා. ඒ මිනිස්සුන්ට ලැජ්ජාවකුත් නෑ.