IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තොරතුරු කොමිසමට මාසයක් තිස්සේ සතයක්වත් නෑ

(තරිඳු ජයවර්ධන)
 
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඔක්තෝබර පළමු වැනි දා සිට කිසිදු මුදලක් ලබා දී නැතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
කොමිෂන් සභාවේ සේවකයන්ට, නිලධාරීන්ට සහ කොමිෂන් සභා සාමාජිකයන්ට ඔක්තෝබර මාසයේ වැටුප පවා මේ වන තුරු ගෙවා නැතැයි එම ආරංචි මාර්ග පවසයි. ඇතැම් නිලධාරීන්ට මාස දෙකකින් වැටුප් ගෙවා නැතැයි දැනගන්නට තිබේ.
 
මුදල් නොමැතිකම නිසා කොමිෂන් සභාවේ පිරිස පසුගිය දින කිහිපයේ වතුර බෝතලයක් මිලදී ගැනීමටවත් නොහැකිව අපහසුතාවට පත්ව සිටියහ. කොමිෂන් සභාවට මේ වන විට අභියාචනා රැසක් ලැබී ඇති අතර මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා ඒවා විභාග කිරීමේ ගැටළු මතුවී ඇති බවත්, ඇතැම් නිලධාරීන් තම පෞද්ගලික මුදලින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් දැනගන්නට තිබේ.
 
මුදල් වෙන් නොකිරීම ගැන කළ විමසීමක දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ එම ගැටළුව දැන් නිරාකරණය කර ඇති බවයි. තොරතුරු කොමිෂන් සභාවට ප්‍රතිපාදන ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ජනමාධ්‍ය අමාත්‍යංශයට මාරු කළ බවත්, ඒ නිසා යම් ප්‍රමාදයක් සිදුවූ බවත් මේ වන විට ඒ ගැටළු සියල්ල විසඳා අවසන් බවත් අතිරේක ලේකම්වරිය ප්‍රකාශ කළාය.
 
තොරතුරු දැන ගැනීමේ පනත අනුව පිහිටවූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ. ඊට සේවකයන් 10 දෙනකු පමණ අවශ්‍ය වුවත් මුදල් ගැටළුව නිසා තිදෙනකු පමණක් සේවය කරන බව දැනගන්නට ඇත.
 
මහින්ද ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් තොරතුරු කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස නීතීඥ එස් ජී පුංචිහේවා, නීතීඥ ක්‍රිෂාලි පින්ටො ජයවර්ධන සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.  

 



අදහස් (4)

තොරතුරු කොමිසමට මාසයක් තිස්සේ සතයක්වත් නෑ

කපිල ගුණරත්න Friday, 10 November 2017 08:51 AM

මා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රශ්ණ කිහිපයක් රජයේ එක් ආයතනයකට යොමු කලා. නමුත් ඔවුන් මා හට ලියා එවා ඇත්තේ ප්‍රශ්ණ වලට තොරතුරු දැනගැනීමේ පනත යටතේ පිළිතුරු ලබා නොදෙන බවයි. මෙහි සත්‍යය පහදා දෙන්න...

:       34       31

බුද්ධික Saturday, 11 November 2017 03:53 PM

එහෙම නම් ඔබතුමාට කරන්න තියෙන්නේ තොරතුරු කොමිසමට අභියාචනය කරන එක. සමහර තොරතුරු දෙන්න බැරි අවස්ථා පනත යටතේ තියෙනවා. නමුත් එයට මුවාවී යම්කිසි රාජ්‍ය ආයතනයක් ලබා දිය යුතු තොරතුරුද මඟහරිමින් කටයුතු කරනවා නම් කොමිසමට පුළුවන් නියෝග කරන්න එම තොරතුරු ලබා දෙන්න

:       0       0

Nandalal DE SILVA - France Friday, 10 November 2017 11:44 AM

[මහින්ද ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් තොරතුරු කොමිසමේ......] මේ මහත්තයා (අ)පිවිතුරු හෙළ උරුමයේ බොස්ගේ පවුලේ අයට සම්බන්ධ කෙනෙක්ද ? ඒ නිසාද දන්නේ නැහැ කපිල ගුණරත්නට තොරතුරු කොමිසම මගින් පිළිතුරු නොලැබුණේ....

:       0       0

daham Friday, 10 November 2017 12:19 PM

අධ්‍යාපන අමාත්‍යංශයෙන් අහන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ නැහැ කියල පහුගිය දිනවල මාධ්‍ය ගණනාවකම පුවත් පල වුණා.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site