(ගයාන් සූරියආරච්චි)
අන්තර්ජාතික විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය සංවිධානය කළ ‘2017 IEEE සංවේදක සම්මේලනයේදී ගොඩනැගිලි ස්වයංක‍්‍රීයකරණ පද්ධතියක් ඉදිරිපත් කළ මොරටුව සරසවියේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට තෙවන ස්ථානය හිමි වී තිබේ.
මෙම සම්මේලනය එංගලන්තයේ ග්ලාස්ගොව් හීදී 16 වැනි වරට පැවැත්වූ අතර ලෝකයේ ඉතා දියුණු රටවල් ඇතුළු විවිධ රටවල් විසින් විවිධ තාක්‍ෂණික අංශ නියෝජනය කරමින් සංවේදක හා ඒවායේ යෙදුම් සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති 1000 කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.
පශ්චාත් උපාධි පර්යේෂණයේ එක් අදියරක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ජානක බස්නායක සහ කසුන් දේවින්ද විසින් නිර්මාණය කරන ලදි. එය නිර්මාණයේදී යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මෙකාට්‍රොනික්ස් අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය රංජිත් අමරසිංහ, යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහචාර්ය රාහුල අතලගේ, විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය බුද්ධික ජයසේකර යන මහත්වරුන්ගේ උපදේශන සහ අධීක්‍ෂණයට යටතේ මෙය නිර්මාණය වී තිබිණි. එමෙන්ම මෙකාට්‍රොනික්ස් විද්‍යාගාරයේ සලිත රණසිංහ සහ චතුර ජීවන්ත යන මහත්වරුන්ගේ ද සහාය ලැබී ඇත.
අප කළ විමසුමකදී ආචාර්ය රංජිත් අමරසිංහ මහතා ‘ලංකාදීප’ යට මෙසේ අදහස් දැක්වීය.
‘‘සමස්ත බලශක්ති පරිභෝජනයෙන් සියයට 30 ක් 50 ක් පමණ ගෘහස්ථ සහ වාණිජමය ගොඩනැගිලි සඳහා වැයවනවා. ගොඩනැගිලි තුළ සුවපහසුව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මත ස්වයංක‍්‍රීයකරණ කිරීමට අපේ අවධානය යොමුවුණා. ක්ෂුද්‍ර විද්‍යුත්, විශේෂිතව නිපදවූ සංවේදක කීපයක් සහ ඩිජිටල් සංඥා සකසන මත මෙම පද්ධතිය ගොඩනැඟී තිබෙනවා.
‘‘මෙම සම්මේලනයට ලෝකයේ දැවැන්ත රටවල් රැසක් සහභාගි වුණා. එහිදී හොඳම පර්යේෂණ 22 අතරට අපට එන්න හැකිවුණා. ඉන් අනතුරු එම පර්යේෂණ 22 අතරින් විශිෂ්ට පර්යේෂණ අතරින් තුන්වැනි ස්ථානය දිනාගැනීමට හැකිවුණා. එහි ප‍්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවුණා. 2016 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕලන්ඩෝ හීදී පැවැති මෙම සමුළුවේදීම අවසන් 33 අතරට මෙම පර්යේෂණ කණ්ඩායම තේරී පත් වුණා. මෙවර ලෝකයෙන්ම තෙවැනි තැන දිනාගැනීම අප ලද ලොකු ජයග‍්‍රහණයක්.’’
මෙහිදී මූලික වශයෙන් සිදු කෙරෙනුයේ ගොඩනැගිල්ල තුළ ක‍්‍රියාකාරී උපකරණ සහ ඒවායේ විදුලි පරිභෝජන තත්ත්ව ස්වයංක‍්‍රීයව සංවේදනය වීමයි. ගොඩනැගිල්ල තුළ සිටින මිනිසුන්, ඔවුන්ගේ ස්ථාන, ගොඩනැගිල්ලේ බිම් තලය මත විවිධ ස්ථාන (ක‍්‍රියාකාරී ස්ථාන, අක‍්‍රීය ස්ථාන, පදික ස්ථාන) සැකසී ඇති ආකාරයත්, ගොඩනැගිල්ලේ ඇතුළත සහ පිටත පාරිසරික තත්ත්වයනුත් සංවේදනයවීම මෙම පද්ධතිය තුළින් සිදුකෙරෙනවා. මෙම පද්ධතියේ සංවේදන දත්ත පරිගණක අතුරු මුහුණතක් මතින් නිරීක්‍ෂණය කළ හැකිවනවා. මෙය රැහැන් රහිතව ස්වයංක‍්‍රිය පද්ධතියක් සමඟ සම්බන්ධ වෙමින් ගොඩනැගිල්ල තුළ වඩා කාර්යක්‍ෂම සහ සුවපහසු පරිශ‍්‍රයක් පවත්වාගෙන යාමට අවස්ථාව සලස්වනවා.’’




ජානක බස්නායක

කසුන් දේවින්ද
2025 නොවැම්බර් මස 04
412
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
IEEE සංවේදක සමුළුවේදී මොරටු සරසවිය තෙවැනි තැනට
බිසෝහාමි Wednesday, 15 November 2017 08:38 AM
මොනවා කළත් වැඩක් නෑ මනුස්සයන් තමන්ගේ අධ්‍යාත්මය පිරිසිඳු කරගන්නා තුරු දරුවනේ
Ruwan Wednesday, 15 November 2017 09:43 AM
නියමයි! ජය වේවා!!!
අරුජුන පේමරත්නේ Wednesday, 15 November 2017 02:00 PM
ලංකාවේ කොපමණ දක්ෂකම් තියෙන දරුවෝ හිටියත් ලෝකය ජය ගත්තට. ලෝකයේ හීනමානය, ඉරිසියාව, කුහකකම, තියෙන මින්සුන්ගෙන් ලැබෙන්නේ ගැරහුම් පමණි. කොපමණ විවේචන, ගැරහුම්, බාධක පැමිණියත් ඉදිරියටම යන්න ඔබසැමට සුබපැතුම් !!!
බිසොහමිනේ Wednesday, 15 November 2017 06:26 PM
මම නොදන්න බිසෝහාමි ගේ අධ්‍යාත්මය...... කොල්ලන්ට සුබපතන්නේ නැතුව අධ්‍යාත්මය වගේ ලොකුදෙවල් කතාකරන්නේ ඇයි කියලා හොඳට පැහැදිලියි. මම නම් හදවතින්ම සුබපතනවා ... කාටද ආඩම්බර ?