IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


2020 වෙද්දී දුම්කොළ නිෂ්පාදන අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)

වසර 2020 වනවිට රටේ සියලූම දුම්කොළ වගාවන් සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන නතර කිරීමට තීන්දුවක් ගෙන ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දුම්කොළ ආශ්‍රයෙන් 35000 ක පමණ පිරිසක් ජීවත්වන බවත් ඒ අයට වෙනත් වගාවන් සදහා ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියයි.

දුම්කොළ නිවාරණය පිළිබඳ ලෝක සෞඛ්‍යය සංවිධානයේ පස් අවුරුදු වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේදී අද (28) ආරම්භ කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය සදහා බි‍්‍රතාන්‍යය රජය මගින් පවුම් මිලියන 15ක මුදලක් ප‍්‍රධානය කෙරෙන අතර ශ්‍රී ලංකාවට අමතරව වෙනත් රටවල් 15ක මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.
 



අදහස් (10)

2020 වෙද්දී දුම්කොළ නිෂ්පාදන අත්හිටුවයි

don Thursday, 28 September 2017 08:24 PM

ආණ්ඩුව පෙරලගන්න වැඩක් කරගන්න තමයි ඇමති තුමාගේ උත්සාහය.. මම නම් දැනටමත් තීරණය කරලා ඉවරයි මේ ප්‍රශ්නය මත මේ ආණ්ඩුව පෙරලන්න සහයෝගය දෙන්න .. සිගරට් බොන මිනිස්සු ගොඩක් මේ රටේ ඉන්නවා කියලා ඇමතිතුමා මතක තියාගත්තොත් හොඳයි.

:       0       0

Fernando Thursday, 28 September 2017 09:24 PM

ඇයි ඇමතිතුමා ඒ වෙනකම් විතරද මේ රටේ බෙහෙත් තියෙන්නේ? දැන්ම ඒ තීරණය ගත්තොත් මොකද වෙන්නේ....

:       0       1

Lakvidu Thursday, 28 September 2017 10:44 PM

බහු ජාතික බූවල්ලා මෝඩ දේශපාලකයින්ගේ කණෙන් රිංගනවා. දේශීය දුම්කොළ නිෂ්පාදනය නැවැත්වූවාම ඔක්කොම නිෂ්පාදන ගන්න වෙන්නේ පිටරටින්... එතකොට ඒ සල්ලි ඔක්කොම යන්නේ බහුජාතික සමාගම්වලට. දේශීය නිෂ්පාදකයාට සතයක් වත් නැහැ. ඔච්චර නීති දාන්න මේ ගොල්ලෝ ඇයි දුම්වැටි සහ ඒවා නිෂ්පාදනයට දාලා අමුද්‍රව්‍ය ආනයනය කිරීම නවත්වන්නේ නැත්තේ...

:       0       1

one srilankan Thursday, 28 September 2017 11:53 PM

2020 වනවිට තමන්ගේ දේසපාලන ගමනත් ශ්‍රීලංකා වැසි ජනතාව නවත්වා රටේ සෞඛ්‍යයට සහ නිදහස් අධ්‍යාපනයට කරන විනාශය සලකලා කටයුතු කරන්න.

:       0       1

Lalith Friday, 29 September 2017 01:36 AM

බලාගෙන ගියාම 2020 මාර අවුරුද්දක්නේ? ඔබතුමා කියනවා 2020 දුම්කොළ වගාව නවත්වනවා කියලා. තවත් කෙනෙක් කියනවා 2020 වෙද්දී සංචාරකයෝ වැහි වහින්න වගේ ගේනවා කියලා. දැන් ඔය කාලෙටම නේද ඔබතුමාලගේ කාලේ ඉවර වෙලා අකුලාගෙන යන්න තියෙන්නෙත්? ඒ සේරම අස්සේ ජනාධිපතිතුමා කියනවා කිසිම ආණ්ඩුවකට මේ වගේ සුළු කාලෙකින් වැඩක් කරන්න බැහැ කියලත්? මේවා අහල අපට දැන් මොලේ කුරුවල් වෙලා.

:       0       1

SW Friday, 29 September 2017 02:15 AM

මේකට තමයි කියන්නේ "හිඟන්නාගේ තුවාලේ" කියල.

:       0       0

shameer Friday, 29 September 2017 03:55 AM

නියමයි... මින් ඉදිරියට ජනගහනය සීඝ්‍රයෙන් වැඩි වෙයි... වද බෙහෙත් නතර කරමු...

:       0       15

ama Friday, 29 September 2017 05:16 AM

පිටරටින් සිගරට් ගේන එකත් නතර කරන්න.

:       0       1

Lanka Friday, 29 September 2017 07:25 AM

එඩිතර තීරණයක් ඇමතිතුමනි,

:       0       0

lal Friday, 29 September 2017 01:19 PM

මෙයා දුමට තිත තියනව. තව කෙනෙක් හංදියක් ගානේ බියර් විකුණනවා. මේක එක ආණ්ඩුවක් නැත්නම් ආණ්ඩු ගානක්ද? දෙයියෝ තමයි දන්නේ, මේ තව එකක්, මෙයා පාර්ලිමේන්තුවේ දී අනුර සහෝදරයාට දබර ඇඟිල්ල පෙන්නුවා... වැඩිය උඩ පනින්න එපා, දැන් රනිල්ට අනුරට වැඩිය කෙනෙක් නෑ. මොකද ඉස්සරහටත් තුනෙන් දෙක ඕනනේ... අනික එයා ඒක කරන්නේ අතින් පාඩුකර ගෙනනේ... දැන් දැනගන්න... සයිටම් අවසාන කැමැත්ත ඔයාගේ නෙමෙයි දැන් ඒක අනුරට මාරුවෙලා. ඒක නිසා ඒ කරුණ සම්බන්ධයෙන් වැඩි උජාරු කථා එපා....

:       0       118

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site