ඉන්දියාව සමඟ ඇති වූ වැරදි වැටහීම් අමතක කර ඉදිරියට යෑමට කාලය එළැඹ ඇතැයි ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේදී තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන්නේ යැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.
තම පාලන කාලය සමයේදී ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර වැරැුදි වැටහීම් රැුසක් ඇති වූ බවත් ඒවා අමතක ඉදිරියට යෑමට කාලය පැමිණ ඇති බවත් හිටපු ජනාධිපතිවරයා එම පුවත්පත් සාකච්ඡුාවේදී සඳහන් කර ඇත.
චීනය සමඟ ගිවිසුම් ඇති කරගන්නා අවස්ථාවලදී ඉන්දියාවේ ලැදියාවන් කිසිවක් අමතක නොකළ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.
භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමිගේ ආරාධනයක් මත ‘ඉන්දු-ලංකා’ සබඳතා මැයෙන් දේශනයක් කිරීම සඳහා ඉන්දියාවට ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කර ඇත.
තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට නිර්දේශ කිරීම, ඉන්දු-ලංකා සබඳතා, චීන ණය සහ සංවර්ධන ව්‍යාපෘති, ඉදිරි මැතිවරණය යනාදි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙහිද අදහස් දක්වා ඇත.
‘ද හින්දු’ පුවත්පතේ සුභාෂිනි හයිදර් සහ අමිත් බරුහ් හිටපු ජනාධිපතිවරයා සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදි ඔවුන් අසන ලද ප‍්‍රශ්න සහ හිටපු ජනාධිපතිවරයා ඒවාට දුන් පිළිතුරු පහත වේ.

ප‍්‍රශ්නය : ඔබට ඉන්දියාය සමඟ රළු සබඳතාවක් තිබුණේ. ඔබ මේ සංචාරය කරන්නේ 2015 වසරෙන් පසු මෝදි ආණ්ඩුව සමඟ සංහිඳියාවක් ඇති කරගැනීමට ද ?
පිළිතුර : ඔව්. මැතිවරණයට (2015 ජනාධිපතිවරණය) පෙරත් පසුවත් අපට අතර බොහෝ වැරැදි වටහාගැනීම් ඇතිවුණා. ඇත්ත වශයෙන්ම ඉදිරියට යෑමට කාලය ඇවිත් තියෙන්නේ කියලා මම හිතනවා.
ප‍්‍රශ්නය : වසර 2015 මාර්තු මාසයේදී ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔබ ඉන්දියාවේ බුද්ධි ඒජන්සිය වන ‘රෝ’ වෙත චෝදනා කළා. විපක්ෂය එකතු කළේත් ඔබගේ පරාජයට හේතු වූයේත් ‘රෝ’ යැයි ඔබ චෝදනා කළා. ඉන්දියව ශ‍්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවිය යුතු යැයි ඔබ මීට සති කිහිපයකට පෙර ප‍්‍රකාශ කළා. ඔබ ඒ ගැන වද වෙනවද ?
පිළිතුර : එය ඉන්දියාව ගැන පමණක් නෙවෙයි. මා එහිදි ඉන්දියාව විතරක් සඳහන් කළේ නැහැ. කවුරුවත් කාගේවත් මැතිවරණවලට මැදිහත් නොවිය යුතුයි. එය රටක අභ්‍යන්තර කරුණක්. කවුද බලයට පැමිණි යුත්තේ කවුදැයි කියලා ජනතාව තමයි තීරණය කරන්නේ. එයයි මගේ ඔළුවේ තිබුණේ. අද වනවිට හැමෝටම තේරුම් ගිහින් තියෙනවා මොකක්ද වැරදුණේ කියලා. අද ඔවුන් තේරුම් ගෙන තිබෙනවා මොකක් ද වුණේ කියලා. ඒ නිසා අපි අතීතය අමතක කළ යුතුයි. ඉදිරියට යෑමටත් ඉදිරිය දෙස බැලීමටත් කාලය ඇවිල්ලා.
ප‍්‍රශ්නය : ඔබේ පක්ෂය චීන සමාගම්වලින් මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය සඳහා අරමුදල් ලබාගත් බවට චෝදනාවක් තිබෙනවා.
පිළිතුර : ඔවුන් මට අරමුදල් සැපයුවේ නැහැ. එහෙත් මේවා තමයි මිනිස්සු කතා වෙන්නේ. මොකද (මෛත‍්‍රීපාල සිරිසේන) ආණ්ඩුවට ඒ ගැන අපට චෝදනා කරනවා හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන් බලයට පැමිණි විට මගේ එක්සත් ජනපද ඩොලර් බිලියන 18ක් ගැන හෙව්වා. ඔවුන් තවමත් එය සොයනවා (සිනාසෙයි*. ඇමෙරිකාවේ සහ තවත් රටවල් කිහිපයක උදවු උපකාර ලැබිලත් ඔවුන්ට අද වනතෙක් එක ඩොලරයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.
ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකාවේ චීන ණය ගැන හැමෝගෙම ඇස් යොමුවෙලා තියෙනවා. ඔබ හිතනවද හම්බන්තොට සහ කොළඹ වරාය සම්බන්ධයෙන් ඔබ මුලින්ම කරන ලද ගනුදෙනුව වෙනත් අයුරකින් කරන්න තිබුණා කියලා ?
පිළිතුර : බලන්න, අපි ගත්තු ණය, ශ‍්‍රී ලංකාවට නැවත ගෙවා දැමිය හැකිව තිබුණා. එහෙත් සිරිසේන ආණ්ඩුව සියල්ල අවුල් කරලා. කොළඹ වරාය නගරයට කිසිවක් ගෙවිය යුතුව තිබුණේ නැහැ. එය කොන්ත‍්‍රාත් බෙදාගැනීමේ සැලැස්මක්. එහිදි ඔවුන් සංවර්ධනය කරන ඉඩමට ඔවුන්ට කොටසක් ලැබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුමට එළැඹෙන කාලයේදී අපේ චීනයට වඩා ඇමෙරිකාවට ණයයි. චීනයට වඩා ඇමෙරිකාවට ණය ගෙවිය යුතුව තිබුණා. ඒ වගේම අනිත් රටවලූත්. දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය තිබුණේ පාලනය කළ හැකි මට්ටමක. එසේ නම් ප‍්‍රශ්න වැඩි වෙලා නම්, ආණ්ඩුව එය කළමනාකරණය කරලා නැහැ. එහෙනම් කොහොමද අපට චෝදනා කරන්නේ ?
ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය සමඟ පවත්වන සබඳතා සම්බන්ධයෙන් ඔබේ දීර්ඝකාලීන දැක්ම මොකක් ද ? ඒ කාලයේදී වැරැදි වටහාගැනීම්වලට හේතුවුණේ එයයි.
පිළිතුර : මම කිව්වොත් ඉන්දියාව තමයි අපේ සමීපතම මිතුරා. ඒ වගේම අපේ අසල්වැසියා. ඒ වගේම චීනය අපේ දීර්ඝකාලීන මිතුරෙක්. අපි චීනය සමඟ ඇති කරගන්නා ලද සෑම ගිවිසුමකදීම කරන ලද සෑම ගනුදෙනුවකදීම අපි ඉන්දියාවේ ලැදියාවන් අමතක කළේ නැහැ. අපිට ඉන්දීය රජය සමඟ හොඳ අවබෝධයක් තිබුණා. අපේ භූමිය අපේ අසල්වැසියන්ට එරෙහිව යොදාගැනීමට කිසිදු අවස්ථාවකදී ඉඩ නොදෙන බව අපි ඔවුන්ට කියා සිටියා.
ප‍්‍රශ්නය : චීනයට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණා. එය ඉන්දියාවේ දැඩි අවධානයට යොමු වුණා. ඉන් පාකිස්තානයේ ග්වදාර් වරයා. මාලදිවයිනේ චීනය කරන මාර්ග සංවර්ධනය ඇතුළු සංවර්ධන කටයුතු. ඉන්දියාව ඔබ සමඟ ඇති කරගන්නා ලද සැකසංකා, සිත් කලබල කරගැනීම් සාධාරණීයකරණය කළා ද ?
පිළිතුර : මේ අහන්න, චීන සබ්මැරීන ගල්ෆ් කලාපය දෙසටත් දකුණු අපි‍්‍රකාව දෙසටත් ගමන් කරමින් තිබුණු එවා. ඔවුන් කොළඹ වරායට පැමිණියේ කෙටි කාලයකට. එච්චරයි. මම හිතනවා ඉන්දියාව ඒ කාලයේදී එය නිදහසට කරුණක් කරගත්තා කියලා.
ප‍්‍රශ්නය : එහෙනම් සබඳතා බිඳ වැටෙන්න හේතු වුණේ මොනවද ?
පිළිතුර : අනවබෝධය. හැමතිස්සෙම මගේ ප‍්‍රමුඛත්වය වුණේ මගේ රට සංවර්ධනය කිරීමයි. මම හැම තිස්සෙම ඉන්දියාව දැනුවත් කළා. වරාය හදන්න, ගුවන් තොටුපොළ හදන්න ඒ වගේම මහාමාර්ග, අධිවේගී මාර්ග හදන්න මම මුලින්ම ඇහුවේ ඉන්දියාවෙන්. අපි නිරන්තරයෙන් ඉන්දියාවට ආවා. අපි ඔවුන්ට තමයි මුලින්ම දුන්නේ. ඊළඟට තමයි අපි චීනයට ගියේ. මොකද ඔවුන් තමයි එය කළ හැකි එකම මිනිස්සු. මාස අටක් ඇතුළත චීනය සංවර්ධන කටයුතු ආරම්භ කළා.
ප‍්‍රශ්නය : ඔබ එහෙම කියනවා. එහෙත් මෑතකදී ඔබේ පක්ෂය මත්තල ගුවන් තොටුපොළ කල්බදු ක‍්‍රමවේදය යටතේ ඉන්දියාවට දීමට විරුද්ධ වුණා. මොකක්ද ඔබේ විරෝධතාව ?
පිළිතුර : මම ඉන්දියාවට විරුද්ධ නැහැ. මම විරුද්ධ පෞද්ගලීකරණයටයි. එය තමයි සිරිසේන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. මම කවදාවත් ඔවුන් පෞද්ගලීකරණය කරන ආකාරයට කළේ නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ගෑස් සමාගමේ කොටස් නැවත ගත්තා. රක්ෂණ සමාගමේ කොටස් නැවත ගත්තා. ඒ වගේම එමිරේට්ස් වෙත විකුණලා තිබුණු ශ‍්‍රී ලන්කන් එයාර්ලයින්ස් නැවත ගත්තා.
ප‍්‍රශ්නය : වත්මන් ඉන්දු -ලංකා දෙස ඔබ දකින්නේ කොහොමද ? නායකත්වය කියනවා එය තමයි ඔවුන්ගේ සමීපතම සබඳතාව කියලා. බොහෝ ගිවිසුම් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. විශේෂයෙන්ම එට්කා ගිවිසුම ( ආර්ථික, තාක්ෂණික සහයෝගීතා ගිවිසුම), ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සහ මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නැහැ.
පිළිතුර : ඔව්, දෙරට අතර ඉතා හොඳ සබඳතාවක් තියෙනවා ඔවුන් කියනවා. කලින් තිබුණටත් වඩා හොඳ සම්බන්ධයක් නායකයන් අතර තියෙනවා කියලා ඔවුන් කියනවා. එහෙත් මම හිතන්නේ අපේ පැත්තෙන් කතා විතරයි කියලා. විදේශයක සිටියදී මගේ ආණ්ඩුව විවේචනය කරන්න මට වුවමනා නැහැ. ඔවුන් පැවැත්වූ සියලූ හමුවීම් සහ සාකච්ඡා මම අගය කරනවා. එහෙත් ශ‍්‍රී ලංකාවට කිසිදු ආයෝජනයක් එන්නේ නැහැ. ආණ්ඩුව ස්ථාවර නැහැ. ඉන්දියාවේ ආරක්ෂාවට ශ‍්‍රී ලංකාවේ ස්ථාවර වීම ඉතා වැදගත්. දුර්වල ආණ්ඩුවට එම සහතිකය දෙන්න බැහැ.
ප‍්‍රශ්නය : ඔබේ පක්ෂයට බලයට පැමිණියහොත් ඉන්දියාව සමඟ සබඳතාවලදී ඔබේ ප‍්‍රමුඛත්වය වනු ඇත්තේ කුමක් ද ?
පිළිතුර : මම හිතන්නේ අපේ පළමු ප‍්‍රමුඛත්වය ආයෝජනයි. ඒ වගේම හොඳ සන්නිවේදනයක්. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය (2009)සමයේදී දෙරට අතර ට්‍රොයිකා නමින් සන්නිවේදන යාන්ත‍්‍රණයක් තිබුණා. රටවල් දෙකෙන්ම නියෝජිතයන් තුන් දෙනා බැගින් ඊට සම්බන්ධ වුණා. ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් ගැන ඔවුන් සාකච්ඡා කළා. රාති‍්‍රයේදී වුවත් ඔවුන් සාකච්ඡා කළා. ආර්ථික කටයුතුවලටත් අපිට ඒ වගේ යාන්ත‍්‍රණයක් ඕනේ. අපට අද තිබෙන සෑම ප‍්‍රශ්නයක්ම සම්බන්ධයෙන්ම ඉන්දියාවටත් ශී‍්‍ර ලංකාවටත් අතර සම්බන්ධීකරණයක් ඇතිවිය යුතුයි.
ප‍්‍රශ්නය : ඔබේ ආණ්ඩුව ශක්තිමත් යැයි ඔබ විස්තර කළා. ඔබේ ආණ්ඩුව වුවමනාවටත් වඩා ශක්තිමත් යැයි චෝදනා එල්ල වුණා. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිත් විවේචනයට ලක්වුණා.
පිළිතුර : ආණ්ඩුවක් ශක්තිමත් විය යුතුයි. එක හඬකින් කතා කළ යුතුයි. වර්තමානයේදී (ශ‍්‍රී ලංකාවේ) අගමැතිවරයා එකක් කියනවා. ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිවිරුද්ධ යමක් කියනවා. ආණ්ඩුව ඇතුළේම ප‍්‍රතිපත්ති වෙනස්.
ප‍්‍රශ්නය : විවිධ අභියෝග සහ විශ්වාස භංගය හමුවේ වුවත් මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගෙන් සමන්විත පාලක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය - එක්සත් ජාතික පක්ෂය එකට ඉන්නවා. ඔවුන් මැතිවරණය එක්ව තරගකරාවි යැයි ඔබ සිතනවා ද ?
පිළිතුර : මට ඒ ගැන සැකයක් තියෙනවා. ඔවුන් එකට තරග කළත් ඔවුන්ට දිනන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
ප‍්‍රශ්නය : ඔබේ පැරණි පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔබේ පැරණි සගය වන සිරිසේන මහතා සමඟ වැඩ කරන්න ඔබ කැමැති ද ?
පිළිතුර : අවාසනාවකට මා සමඟ වැඩ කරන්න ඔහු සූදානම් නැහැ. අපට නව පක්ෂයක් ( ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ) තිබෙනවා. අපේ පක්ෂයේ සභාපතිවරයා ජී.එල්.පීරිස්. තුන්කොන් සටනේදී අපි සියයට 45ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමි කරගත්තා. එම නිසා ඔහු අප සමඟ කතා කළ යුතුයි.
ප‍්‍රශ්නය : වසර 2015 දී ඔබට විරුද්ධව පැමිණියේ විපක්ෂය පමණක් නෙවෙයි. දෙමළ ජනතාව, මුස්ලිම් සුළුතරය තමන් කොන්වී ඇතැයි නොවැදගත් යැයි ඔවුන්ට හැඟුණා. ඔබගේ සමයේදී ඔවුන් හිංසාවට ලක්වුණා. ඔවුන් ඔබට ඡුන්දය දිය යුතුයි කියලා ඔබ හිතන්නේ ඇයි ?
පිළිතුර : මේ ආණ්ඩුව කරපු වැරැුදි මොනවද කියලා ඔවුන් තේරුම් ගැන ඇතැයි මම හිතනවා. උදාහරණයකට 2014 වසරේ මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට වගකිව යුතු ඇමැතිවරයා මේ ආණ්ඩුවෙත් ඇමැතිවරයෙක්. හානියට පත්වූ නිවාස අපි ඒ කාලයේදීම නැවත ගොඩනැගුවා. එහෙත් මේ අවුරුද්දේ මහනුවර ඇතිවුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් කළේ නැහැ. මේ වසරේ පෙබරවාරි මාසයේදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූ වහාම මම ඒ ප‍්‍රදේශවලට ගියා. ආගමික නායකයන් ද ඇතුළුව සියලූ ජනකොටස් කැඳවමින් මම රැස්වීමක් පැවැත්වුවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එහි ගියේ ඉන් පසුවයි.
ප‍්‍රශ්නය : එහෙත් ඔබ නියෝජනය කරන්නේ අති විශාල ශක්තිමත් සිංහල -බෞද්ධ බහුතරය බවට යම් කනගාටුවක් සහ සැලකිල්ලක් තිබෙනවා. එහිදි සුළු ජාතිකයන්ට තමන්ට ආරක්ෂාවක් නැතැයි හැඟී ගොස් තිබෙනවා.
පිළිතුර : මේ බලන්න. මේ වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සමස්ත ආසනවලින් සියයට 71ක බලය හිමි කරගැනීමට අපි සමත්වුණා. ඒක නිසා බොහෝ පිරිසක් අප සමඟ ඉන්නවා කියලා මම හිතනවා. මේක නිකං විපක්ෂය ව්‍යාප්ත කරපු බොරුවක්. මගේ විරුද්ධවාදීන් පතුරන අසත්‍ය ප‍්‍රචාරයක්. මම හිතන්නේ නැහැ මේ මිනිස්සු අතර තියෙන අවබෝධය කියලා.
ප‍්‍රශ්නය : එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවැති යුද්ධයේදී සහ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔබේ අතීත කාර්යභාරය කෙසේ සිදු වූයේ ද ? මාධ්‍යවේදීයකු වදහිංසා කිරීම සම්බන්ධයෙන් මෑතකදී ඔබෙන් ද ප‍්‍රශ්න කළා. මේ චෝදනාවලට කොතරම් වගකීමක් තිබෙනවා ද ?
පිළිතුර : මම හිතන්නේ නෑ මේ දේවල් ප‍්‍රශ්නයක් වේවි කියලා. මේ චෝදනා ගෙන එන්නේ අපට හිරිහැර කරන්න කියලා මිනිස්සු දන්නවා. මොකද මේ චෝදනා ඔක්කොම තියෙන්නේ රාජපක්ෂ පවුලට විරුද්ධව. ඒ වගේම ඔවුන්ගේ ආධාරකරුවන්ට විරුද්ධව. එතකොට මගේ ආණ්ඩුවේ හිටපු දැන් මේ ආණ්ඩුවේ ඉන්න අය ගැන මොකද කියන්නේ ? මේවා නිස්සාර චෝදනා. වසර කිහිපයක් ගිහිල්ලත් මේ චෝදනා කිසිවක් ඔප්පු වෙලා නැහැ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන යන විදියට, ඔවුන්ට මගේ පස්සෙන් එන්න දෙන්න. අපට සඟවන්න කිසිවක් නැහැ. ඔක්කොම පස්සේ අපි එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළා. එය කළේ අප වෙනුවෙන් විතරක් ද ? එහෙම නෙවෙයි ද ? එය එක් ප‍්‍රජාවකට එක් රටකට පමණක් නෙවෙයි. ඔවුන් රජිව් ගාන්ධි ඝාතනය කළා. ඔවුන් අනෙක් රටවල සිටි තවත් සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වූවා. ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර ලෝකයට හඳුන්වා දුන්නා. ඒ නිසා ඔවුන් පරාජයට පත් කිරීම රටවල් බොහෝමයකට උපකාරයක් වුණා.
ප‍්‍රශ්නය : තමිල්නාඩු ප‍්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ නිර්දේශ මත රජිව් ගාන්ධි ඝාතකයට වරදකරුවන් වී සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් නිදහස් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පසුගිය දින කිහිපයේදී ප‍්‍රශ්නයක් පැන නැගී තිබුණා. මේ ගැන ඔබේ මතය කුමක් ද ?
පිළිතුර : මේ ගැන මට කිසිම අදහසක් නැහැ. ඒක ආණ්ඩුවට අයිති දෙයක්. එය ඉන්දියාවේ අභයන්තර කටයුත්තක්. මේක ශී‍්‍ර ලංකාවේ වුණා නම් අපි ඉන්නේ මීට වඩා වෙනස් තැනක. එහෙත් ඉන්දියාවේ දෙයක් සම්බන්ධයෙන් මම කොහොමද අදහස් දක්වන්නේ ?
ප‍්‍රශ්නය : 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ධුර කාලය සීමා කර තිබෙනවා. ඒ අනුව ඔබ ධුර කාල දෙක අවසන් කර තිබෙනවා. ලබන වසරේ දී (2019) මැතිවරණවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවන්නේ කවුද ?
පිළිතුර : මම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙනවා. සංශෝධනය තිබුණත් මට මැතිවරණයට තරග කළ හැකි බවට මතයක් තිබෙනවා. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට යනවා. එහෙත් එම අවදානම ගන්නවාද නැද්ද කියලා මම තීරණය කළ යුතුය. සියලූදෙනාටම පිළිගත හැකි අපේක්ෂකයකු ප‍්‍රකාශයට පත් කිරීම අනෙක් විකල්පයයි.
ප‍්‍රශ්නය : මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔබේ පවුලේ අයෙක් ද ? නැතිනම් ඔබ වෙනත් අයෙක් සලකා බලනවාද?
‘මගේ පුතා (නාමල් රාජපක්ෂට) ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්න බැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 35ක් දක්වා වැඩි කරලා. කලින් එය 30ක්. ඒ නිසා 2019ට ඔහු සලකා බලන්න බැහැ. මගේ සහෝදරය නිසැකයෙන්ම තරගකරුවෙක්. එහෙත් ජනතාවට අවශ්‍ය කවුද කියලා පක්ෂය සහ සන්ධානය තීරණය කළ යුතුයි’’.
සිංහල පරිවර්තනය - හර්ෂණ තුෂාර සිල්වා
(ද හින්දු ඇසුරෙනි)

COMMENTS
දිට්ඨධම්මවේදනීය කර්මය යනු කෙනෙක් කළ පව්වල කොටසක් මෙලොවදීම ඵලදීමයි.. මේ කතාවලට වෙන මොනවා ලියන්නද?
රාජපක්ෂ පවුලේ කෙනෙක් හැර වෙන කිසිම කෙනෙක් නැද්ද ඔය පොහොට්ටුව ඇතුලේ... කවුරු මොනවා කිව්වත් කතා දෙකක් නැහැ. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂ. රාජපක්ෂ කියන්නේ පොහොට්ටුව. එහෙව් එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන ඉන්නේ මන්ත්‍රීකම නැතිවෙන නිසාද නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට හදිසියේ බලාපොරොත්තු නොවුණු අකර තැබ්බයක් වුණොත් පක්ෂයේ බලය අල්ලා ගන්නද?
මහින්දගේ ප්‍රකාශය අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඔහුගේ සොහොයුරෙකු ඉදිරිපත් කරනවා නම් අදාල සුදුසුකම් සපුරා ගත හැක්කේ චමල් රාජපක්ෂට පමණි. එහෙම නම් මේ හදන්නේ චමල් ඉදිරිපත් කොට ජයග්‍රහණයක් ලබා අවශ්‍ය අන්දමට අවශ්‍ය දේ වෙනස් කර ගැනීමට විය යුතුය. අපට මතකයි කලින් දවසක කිව්වා " නාගයෙක් බැරිනම් මාපිලෙක් හරි දාල දිනුවට පස්සේ කරන දේ අපි දන්නවා " කියලා. ගෝඨාභය සහ බැසිල් යන දෙදෙනාම ඇමරිකානු පුරවැසියන් සහිත ද්විත්ව පුරවැසියන් වේ. ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට අදාල සුදුසුකම් තිබිය යුතුය. ලංකාවේ නව නීතිය අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකිය. ගෝඨාභය පසුගියදා කියා තිබුණේ අවශ්‍ය වෙලාවට ඒ ප්‍රශ්නය නිරවුල් කර ගන්නා බවයි. නමුත් ඇමෙරිකානු පුරවැසි භාවය අත්හැරීමට ඔහු කර ඇති ඉල්ලීම දැනට තුන්වතාවක්ම ප්‍රතික්ෂේප වී ඇතිබවත් පසුගියදා වාර්තාවී තිබුණි. ඔහුට ඇමෙරිකාවේ නඩු ඇති නිසා මෙසේ සිදුවූ බවක්ද කියැවෙයි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසා සිටිය යුතු කාලයකි මේ...
කවුරු ආවත් පරදිනවා... ඒකේ ආයේ දෙකක් නැහැ. නැවත මේ රටට රජවරු රජ පවුල් අවශය නැත. සුදුවෑන් අවශම නැත. චීනාගෙන් ගිනි පොළියට ණය අරගෙන හදන වැඩකට නැති කොමිස් ව්‍යාපෘති මේ රටට අවශ්‍ය නැත. දැන් මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ රජ පවුල හා ඒ අයගේ අනුගාමිකයන් කළ වැරදිවලට නිසි දඬුවම් විඳිනවා බලන්නයි...
බොලිවෝඩ් සිනමාව වගේනේ. රාජපක්ෂවරු විතරද රගන්නේ? ඉන්දියාවේත් ඛාන් නළුවෝ කපුර් නළුවෝ නිලියෝ සිනමාවේ තමන්ගේ ආධිපත්‍ය පතුරුවන් ඉන්නේ. මේකත් නිකන් එවගේනේ.. රාජපක්ෂවරු රඟන්නම තමා උත්සාහය නේද?
ජයෙන් ජය ඔබතුමාට !
ශ්‍රීලංකාව තවමත් වැඩවසම් යුගයක වහල්ලු ජීවත් වෙන රටක් බවට මේ ප්‍රකාශය මඟින් ජනතාව තේරුම් ගතයුතුව ඇත. ලේ උරුමයට රටේ පාලනය හිමිකර දීමට තවදුරටත් ජනතාව සුදානම්ද?අවු. 70 ක් ලගින මඩේ තවදුරටත් අපි ලගිමුද?
දැන් පොහොට්ටුවෙන් ජනාධිපතවරණයට ඉල්ලන් පුළුවන් රාජපක්ෂලට විතරද? ඒක යන්නෙ එයාගෙන් මල්ලිට නැත්නම් පුතාට විතරද රාජකම වගේද පොහොට්ටුව යන්නේ වැඩවසම් යුගයටද ගම්වල ඉදල කන්න බොන්න සියල්ල දීල මිනිස්සු උද්ඝෝෂනයට කොළඹට ගෙනල්ල ගිනි අව්වේ උද්ඝෝෂණ කරන්නේ පවුලක් බලයට ගන්නද? අනික ඔය කියන අප්පල පුතාල සහෝදරයෝ ඔක්කොම බරපතල මූල්‍ය චෝදනා තියෙනවා. මිනිස්සු එක දෙයක් තියෙනවා. මහින්ද පරාද වුණ අයගේ එදත් මහින්ද රැස්වීම්වල සෙනග හිටියා. අදත් ඉන්නව එදත් පරාදයි රාජපක්ෂල කවුරු ඉල්ලුවත් පරාජය ස්ථීරයි.
බලාගෙන ඉන්න මහත්තයෝ... දෙන්නම් මල්ලි කෙනෙකුට තව ටිකක් හොරකම් කරන්න.
අනේ අනිච්චන් ! හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ මේ රට රාජපක්ෂලාගේ කියල.
කිසියම් වියවුල් බවක් මෙම කඳවුරේද දැන් දැන් දක්නට ලැබේ !
කවුරු ආවත් අපේ රට ගොඩගන්න බෑ. කාලා කාලා තව කන්න එනවා ලජ්ජා නැතුව
මොහුව වටකරගෙන ඉන්න සගයන්ට අපි කියනවා තණ්හාව පුරුදු පුහුණු නොකර අනිත්‍ය වටහා දෙන්න කියා..
කවුද. මේ සහෝදරයා රජයේ කිසිම දේකට අත නොතියපු කෙනෙක්ද. බැසිල් වගේ කෙනෙක් නම් හොඳයි.
චීනය බෞද්ධ දිවයිනකි.
ඔබතුමා අගමැති වෙන්න සහෝදරයා ජනාධිපති කරන්න බලනවා. ලගදී සිරිසේන ජනාධිපතිතුමා කිව්වනේ ජනාධිපතිට වැඩිය අගමැති බලවත් කියලා. හා හා හොරෙ අහුවුණා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්. වැඩේ නරක නැහැ.
රාජපක්ෂලාට හැර වෙන කිසිවෙකුට මේ රට පාලනය කල නො..හැකිද ??? ..!!!
මේවා කියවන විට මට නම් හිතෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ තියෙන අවබෝධය උඩින් පල්ලෙන් මෙහෙම කතා කරන නිසා තමයි ඔය නිකම් හිටපු අය අද වීරයෝ වෙලා තියෙන්නේ... එදා ඔය ගෝඨාභය රට හැර ගියේ යුද්දෙට බයේ අන්තිම දවසේ හමුදාවේ තිබුණු පාටි එකේදී කියලා තිබුණේ ඉදිරියට මැරෙන්නේ සෝල්ජර්ස්ලා නොවේ,... කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා... ඊට කලින් යන එක හොඳයි. මානසික රෝගයක් තියෙනවා කියලා රන්ජන්ගෙන් අත්සන අරගෙන පැන ගත්තේ අවුරුදු 15ක් පැනලා හිටපු මිනිහා වීරයෙක් වුනේ කොහොමද? මොනවා වුණත් සරත් ෆොන්සේකා නොහිටින්න ඔය යුද්ධය දිනනවා බොරු බව හමුදාවේ සිටින බොහෝ ඉහළ නිලධාරීන් දන්නවා. එ් වගේම ඔහු ඔය තනතුරට නිකම්ම පත් කලේ නැහැ. එදා රාජපක්ෂලාගේ හොඳම මිත්‍රයෙක්.. ඔහු ඒවගේම මතක තබා ගන්න ඕනෑ ඔහු හමුදාපති වූ දවසෙම ඔහු රටට පොරොන්දු 2 ක් දුන්නා. එකක් මේ යුද්දය තවත් හමුදාපති කෙනෙකුට තියන්නේ නැති බව... 2 එම වසරේ ප්‍රභාකරන්ට මහවිරු සමරුව තියන්න දෙන්නෙත් නැහැ... දෙකම ඔහු කළා. අයිය මලෝ සේරම කලේ යුද්ධයට ගෙනාපු සේරම අවි යුධ යන සේරම එකට එකක් කොමිස් තියාගෙන ගරපු එක එදා මාවිල් අාරු වහපු වෙලාවේ මහින්ද බයවුණා. එවිට ඔහු යුද්ධය කලේ ජවිපයේ සහ හෙළ උරුමයේ බල කිරීම් මතයි..
"රාජපක්ෂලාට හැර වෙන කිසිවෙකුටත් මෙරට පාලනය කලනොහැකිද අහනවා" අපෙන් අහන්නේ ඔයගොල්ලෝ පාලනය දීල බැලුවා නේද? මොකද වුණේ? ඉන්නවා නම් විහිළුවට වගේ කියන්න බලන්න. ඔය රාජපක්ෂ ගොඩට බැසිල්, නාමල් දාගන්න එපා. බැසිල් හොඳ සංවිධායකයෙක්. නාමල් "ගුඩ් ෆෝ නතින්"... නියම පුද්ගලයා ගෝඨාභය. ඇමතියන්ට ඕනෑ විදිහට එයාව නටවන්න බැරිබව අපි දන්නවා. එයා මුලින්ම පාතාලය නැතිකරාවි. අද වෙනත් පත්‍රයක පාතාලය සම්බන්ධ ලිපියක් තිබෙනවා. ඒ ලිපියේ තිබෙනවා පාතාලයින් නොඑන ගමන් යවපු හැටි...
ඔව්... ඔව්...ඔව්... ඔබ පවුලේ අය හැරෙන්ට මේ සිරි ලකේ අන් කිසිවෙකුට ඔබ සමග හැප්පෙන්න සුදුසුකම් නැති බව හොඳින් හෝ නරකින් හෝ මේ රටේ වැසියන් නිතර මෙනෙහි කලයුතුය... දැන ගත යුතුය.