( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ඉදිරි දිනවලදී කථානායකවරයා වෙත යොමු කිරීමට අද (17) තීන්දු කළේය.
අදාළ පෙත්සම විභාගය සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
පුරා දින තුනක් තිස්සේ පැවති මෙම පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවන සංශෝධන යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල, රාවණා බලය සංවිධානය පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ,ආචාර්ය ගුණදාස අමරසේකර ,නීතිඥ පාලිත සේනාධීර ඇතුළු 16 දෙනෙකු පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් සිය පෙත්සම් වලින් සඳහන් කර තිබුනේ 20 වන සංශෝධන යෝජනාවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
අදාළ යෝජනාව තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවටත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ද අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේය.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
20 තීන්දුව කතානායකට