(අංජුල මහික වීරරත්න සහ සිතුම් චතුරංග)
සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මෙම උත්සව අවස්ථාව සඳහා චන්ද්‍රිකා තාක්ෂණය මගින් සම්බන්ධවී ගිලන්රථ සේවය විවෘත කිරීමට එක්වීම විශේෂත්වයක් විය.
1990 සුවසැරිය ගිලන්රථ සේවය දෙවන අදියර යටතේ මෙලෙස ඇරඹෙන්නේ ඉන්දීය රජයෙන් යළි නොගෙවිය යුතු ප‍්‍රදානයක් ලෙස ලැබුණු ඩොලර් මිලියන 15.02 ක පරිත්‍යාගයෙනි. ඒ අනුව සුවසැරිය ගිලන්රථ සේවය ගිලන්රථ 297 දක්වාත් ප‍්‍රාදේශිය කාර්ය මණ්ඩලය 1998 දක්වාත් ඉහල නැගෙනු ඇත.
සුවසැරිය පළමු අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත් වල නොමිලේ සැපයන මෙම ගිලන්රථ සේවය ක‍්‍රියාත්මක කෙරුණු අතර දෙවන අදියර යටතේ සමස්ථ දිවයිනේම ක‍්‍රියාත්මක වීමට නියමිතය. ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ උත්සවයට සහභාගීවූ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා එකම මොහොතේ සංඥාවක් නිකුත් කිරීමත් සම`ග ගිලන්රථ සේවයේ දෙවන අදියර නිලවශයෙන් ආරම්භ කෙරිණි.
සුවසැරිය දෙවන අදියර ආරම්භක උත්සවය සදහා ගිලන්රථ සේවයේ නිර්මාතෘවරයා වන ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා , උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් , ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාවේ සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන්, එස්. ශ‍්‍රීදරන් , විජයකලා මහේෂ්වරන් මහත්ම මහත්මීහුද ඇතු`ඵ විශාල පිරිසක් සහභාගීවූහ.
(ඡායාරූප -ශාන්ත රත්නායක)





COMMENTS
මේ නොමිලේ ලැබෙන ගිලන්රථ හදිසි ප්‍රතිකාර සහ ප්‍රවාහන සේවය ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන විශිෂ්ට ක්‍රියාවලියක් බව කිවයුතුය. මෙයින් උපරිම ප්‍රයෝජනයක් ලබාගැනීමට නම් මුළු මහත් රටවැසියාම එයින් සේවය ලබාගත යුත්තේ කුමන ආකාරයටද සහ කුමන අවස්ථාවලදීද යන්න පිළිබඳව දැනුවත් කලයුතුය.
මේ සේවාව මුලින්ම ගේනකොට අපේම මිනිස්සු මොනතරම් විරුද්ධ වුනාද? ඒ වුනාට රටේ ජනතාව දන්නවා කොයි තරම් වටිනා දෙයක්ද මේක කියලා. පාට පක්ෂ වලින් තොරව අගය කල යුතු දෙයක්.
මෙය ඉතාමත් හොඳ වැඩ පිලිවෙලකි. මා දන්නා බොහෝ පිරිසක් මෙම සේවයෙන් ප්‍රයෝජන ලබා ගෙන ඇත. මේ පිළිබඳ දැනුවත් කිරීම මඟින් වඩා හොඳ සේවාවක් ලබා දිය හැක.
GMOA එකෙන් ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ.
ජනතාවට විශාල සහනයක්, සේවයක් මේක. අපේ දොස්තර සංගමය මේකත් එපා කියල කෑගැහුවනෙ ඉතිං..
ඉතාමත් අනර්ඝ වැඩක්... හර්ෂ තුමා ඔබට පින්..
ලොකු පින් වැඩක්. ඔබතුමන්ලට වැඩි වැඩියෙන් ලැබේවා
පත්තර මල්ලිලා, මේක ගැන වෛද්‍ය සංගමයේ අදහසත් අහල ලිව්වා නම් හොඳයි නේද?
වෛද්‍ය සංගමයේ හාල්පාරුවන් මොකද දැන් කියන්නේ? යළි නොගෙවිය යුතු ප‍්‍රදානයත් කුමන්ත්‍රණයක්ද?
සහන හෝ වෙනත් සංවර්ධන වැඩ පිළිවෙල වලදීත් දකුණටත්, උතුරටත් එක සමානවම සැලකීමට මධ්‍යම රජය මූලිකත්වය ගෙන ක්‍රියාකිරීම ඉතා වටනේය. උතුරේත් සිටින්නේ ලාංකිකයන්ය. දකුණේත් සිටින්නේ ලාංකිකයන්ය. උතුරේ සිටින තරුණ තරුණියන්ට විදෙස් ගතව හෝ රැකියා කිරීමට මධ්‍යම රජය මැදිහත්වී යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකිනම් විරැකියාවට ඉක්මන් විසඳුමක් දීමට හැකිය. හරීන් ඇමැතිවරයා මේ ගැන සොයා බලා උතුරේ සිටින රැකියා නොමැති තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදිය යුතුය.
තමන්ගේ රටේ මිනිසුන්ට වැසිකිලි නැහැ ලෙඩ්ඩු කරේ තියාගෙන පයින් යනවා අනුන්ගේ රටවලට ගිලන්රථ සපයනවා.