IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘16 දෙනාගෙන් පක්ෂයට වැඩ නොකරන අය ගැන බලනවා‘

(විනීතා එම් ගමගේ)

පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩවල දී සක‍්‍රිය දායකත්වයක් නොදෙන ආසන සංවීධායකයන් ගැන යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නට සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා  ප‍්‍රකාශ කළේය.

16 කණ්ඩායමේ බොහෝ දෙනෙක් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩවල දී සහය දෙන බවත් සමහරු සාකච්ඡාවල දී පමණක් සහභාගි වන අතර ක‍්‍රියාකාරි නොවන බවත් හෙතෙම කියා සිටියේය.

16  කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ සිටියදීත් ආණ්ඩුව අපහසුවට පත් වන වැඩ කළේ යැයි කී දිසානායක මහතා යම් තැනක හිඳ එතැනට යටි කූට්ටු වැඩ කරනවා නම් ඒ අය විශ්වාස කරන්නේ  කෙසේ දැයි විමසා සිටියේය. 

උදේ ඇති මතය දහවල් වන විට වෙනස් වන දේශපාලකයන්ගෙන් රටට වැඩක් නැති බවත් ජනතාව ඔවුන් විශ්වාස නොකරන බවත් කී  අමාත්‍යවරයා අඳුරේ වැටුණු වලේ දහවල් වැටෙන්නේ කුමට දැයි විමසීය. 

16 දෙනා යැයි කියතත් එම කණ්ඩායමේ 16 දෙනෙකු නොමැති බවත් ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඔහු  සඳහන් කළේය. 

දිසානායක මහතා මේ අදහස් පළ කළේ මහවැලි කේන්ද්‍රයේ අද  (21) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 



අදහස් (1)

‘16 දෙනාගෙන් පක්ෂයට වැඩ නොකරන අය ගැන බලනවා‘

Bamunuarachchi Wednesday, 22 August 2018 01:15 AM

ඔහේ කෙරුවේ පක්ෂට වැඩ කෝටි ගණන් කුලී ගෙවලා ගෙවල් කුලියට අරගෙන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site