IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


1000 හොර නෝට්ටු 45 ක් අල්ලයි

(සිතුම් චතුරංග)     

                             
රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු 45 ක් යාපනය සිට රැගෙන ආ  යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායේ සිවිල් කම්කරුවකු වවුනියාව බස්නැවතුම්පොලේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසයි. 

                                        
සැකකරු කොහොලාන අලව්ව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වේ.


ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් රැගෙන එන පුද්ගලයකු පිළිබඳ වවුනියාව පොලිස්  අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.   

                                                     
අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලෙහි සූක්ෂම ලෙස සඟවා තිබූ ව්‍යාජ මුදල් නොට්ටු තොගය සොයාගෙන ඇති අතර හමුවූ මුදල් නොට්ටුවල 155/735093 ලෙස එකම අංකය සඳහන් වී ඇත.     

                                               
හමුවූ ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් පැමිණි යාපනය සිට වවුනියාව දක්වා  ධාවනයවූ බස්රථයේ අසුනක් යට තිබී මුදල් නොට්ටු හමුවී ඇති බවයි. 



අදහස් (1)

1000 හොර නෝට්ටු 45 ක් අල්ලයි

Sanath Thursday, 12 April 2018 05:05 AM

චීනයේ මෙහෙම හොර සල්ලි අච්චු ගැහුවත් ළඟ තියාගෙන ඉඳල අහුවුනත් මරණ දඬුවම තමයි දෙන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site