විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට පළා යෑමට ඉඩදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්න නියෝග යාපනය පුන්කුඩතිව්හිදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පළායාමට උපකාර කළ බව පවසන එවකට යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ. ජුඩ්සන් මහතා නියෝග කළේය. 11 October 2018
නොවැ. 16 වැනි දා උසාවි එන්නැයි වෛද්‍ය සභාවට නොතීසි තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් සයිටම් වෛද්‍ය 11 October 2018
අයි ඕ සී සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි අයි. ඕ. සී. සමාගම ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ නංවා තිබේ. 11 October 2018
පැලවත්තේ නිමි ඇඳුම් හළක ගින්නක් බත්තරමුල්ල පැලවත්ත නිමි ඇඳුම් හළක ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය පවසයි. 11 October 2018
අත්අඩංගුවට ගත් ධීවරයන් මුදා ගත් බව ජනපති කියයි සී ෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයින් පිරිසක් මුදවා ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 11 October 2018
බස්නැවතුමේ අතරමංවු සාමනේර හිමිනම පොලීසියට වැඩම කරවයි මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක සිට වැලිමඩ දක්වා යන අතරතුරදී බදුල්ලේ බස් නැවතුම්පොලේ අතරමං වී සිටි දා හත් හැවිරිදි සාමනේර හිමි නමක් අද (11) උදෑසන පොලිසියට වැඩමවාගෙන ආ බව බදුල්ල පොලිසිය පවසයි. 11 October 2018
සභාපති සමඟ ගැටී පපුව අල්ලාගෙන රෝහලට යයි බළන්ගොඩ නගර සභාවේ අද (11) පැවති නගර සභා මාසික රැස්වීමේ දී මුලාසනයේ සිටි සභාපති චමික ජයමිණ විමලසේන මහතාට ආණ්ඩු පක්ෂයේ ම සිටි සභිකයකු විසින් පහරදීමට තැත්කිරිම නිසා සභාව ගාලගෝට්ටියක් බවට පත්ව කෙටි වෙලාවක් කල් තබා පොලීසිය කැඳවා රැස්වීම යළි පවත්වාගෙන යාම සිදුවිය. 11 October 2018
ඇලෝසියස් -පලිසේනගේ ඇපෑල ඉවතට තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන මහත්වරුන් ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දමන ලදී. 11 October 2018
රජරට වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග නවතී දිරි දීමනා ගෙවීම අත්හිටුවීම පිළිබඳව විරෝධය පළකරමින් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සහ එහි සියලු දෙපාර්තමේන්තුවල අංශ ප්‍රධානීන් පෙරේදා (09) සිය ධුරවලින් ඉවත්වීම නිසා ලබන සඳුදා (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ එම පීඨයේ වෛද්‍ය සිසුන්ගේ විභාග කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 11 October 2018
වැලි ලොරිය මුදාහළ ඕ.අයි.සී. ට එරෙහිව පරීක්ෂණයක් තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියේ ප්‍රවාහන බලපත්‍රයේ වැරදි කිපයක්ම තිබෙන බව පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවල දී තහවුරු වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ. 11 October 2018
මැකො දේශපාලන පක්ෂ කැඳවයි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද පස්වරුවේ සාකච්ජාවකට කැඳවා තිබේ. 11 October 2018
දඹුල්ල ක්‍රීඩාංගනයේ බීමතින් හැසිරුණු 5 ක් අත්අඩංගුවට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 October 2018
බලන්ගොඩ නගර සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට බලන්ගොඩ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ නගර සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී නිමල් ගාමිණී විරසිංහ මන්ත්‍රීවරයා අද (11) පෙරවරුවේ කලු පටි පැළඳ බලන්ගොඩ නගර සභාවේ දී මාසික රැස්වීමට පැමිණියේය. 11 October 2018
විද්‍යුත් මාධ්‍යය බොහෝ වේලාවක් පරිහරණයෙන් මොළයට හානි අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යය බොහෝ වේලාවක් පරිහරණය කිරීමෙන් මොළයට හානි සිදුවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය සඳහන් කරයි. 10 October 2018
‘‘ජනතාවගේ ප්‍රශ්නයකදී එය උතුරේද - දකුණේද කියලා අහක දාන්න බෑ‘‘ ‘‘ජනතාවගේ ප්‍රශ්නයකදී එය උතුරේද - දකුණේද නැත්නම් තවත් තැනකද කියලා අහක දාන්න බැහැ‘‘ යැයි උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජීලිංගම් මහතා අද (10) පුත්තලමේදී පැවසීය. 10 October 2018
භාරකාර ආණ්ඩුව ගැන සාකච්ඡා කරන්න ඒකාබද්ධ මන්ත්‍රීවරු හෙට රැස්වෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩු අදහස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට හෙට (11) පස්වරුවේ කැඳවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 October 2018
ඉන්ධන මිල යළි ඉහළට මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 10 October 2018
ක්‍රිකට් තරග පාවාදීමට එරෙහිව නීති හදයි ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවිය හැකි දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දඬුවම් දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය. 10 October 2018
‘‘එක්නැළිගොඩගේ විමර්ශන වාර්තා සැඟවිය හැකි පිරිස් යුද හමුදාවේ ඉන්නවා ‘‘ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කටයුතු රැසක් සිදුකර ඇති නමුත් ඒ කිසිදු වාර්තාවක් තමන් අතට පත්ව නොමැති බවත් සිය ස්වාමිපුරුෂයා ඇතුරුදන් කරවීම පිළිබඳව යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා සැඟවිය හැකි පිරිස් යුද හමුදාවේ සිටින බවත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (10) මහනුවරදී සඳහන් කළාය. 10 October 2018
උමා ඔයේ සහනාධාර ප්‍රමාදවීම ගැන හොයන්නැයි නීතිපතිට නියෝග උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන්ට සහනාධාර ලබා දීමට ප්‍රමාද වන හේතු ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නීතිපතිවරායට නියෝග කළේය. 10 October 2018
ලොටස් පාර වහයි විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් මාර්ගය අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි. 10 October 2018
යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් පස් දෙනාගේ පෙත්සම කල් යයි යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ ශිෂ්‍යයින් පස් දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බ්ර් 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය. 10 October 2018
ජනපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂ හොරට හැදූ දෙදෙනෙක් රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයන් ව්‍යාජ ලෙස සකස් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති වෙත ඉදිරිපත් කරමින් මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂකවරයා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරී මහත්මියගේ පෞද්ගලික උපදේශිකාව ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (10) නියෝග කළාය. 10 October 2018
නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු 5කට අධිචෝදනා බාරදෙයි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබිම සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුලු විත්තිකරුවන් පස් දෙනෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදි අද (10)අධි චෝදනා බාරදෙන ලදී. 10 October 2018
වැස්සෙන් සිදුවු මරණ 12 දක්වා ඉහළට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකට බලපෑ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 October 2018
‘ඉතාලි සමන්ත’ පිංවත්තේදී අත්අඩංගුවට කුලී පදනම මත වාහන ලබා ගන්නා සහ විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කරන බව පවසමින් රුපියල් කෝටි හතරක් වටිනා වාහන හා රුපියල් කෝටි දෙකක් වටිනා මුදලක් වංචා කර සැඟවී සිටි විවාහක පුද්ගලයෙකු වන ‘ඉතාලි සමන්ත’ නැමැත්තා පානදුර පිංවත්තේදී ප්‍රදේශයේදී අද(10) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. 10 October 2018
ඡන්ද කාලේ ලංගමට කෝටි 12 ක් පාඩු කළැයි නඩුවේ උත්තර බඳින්න නියෝග පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනරැලි සඳහා ලංගම බස් රථ යොදා ගැනීම වෙනුවෙන් ලංගමට ගෙවිය යුතු රුපියල් කෝටි 12 මුදල ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පවරා තිබු නඩුවෙන් හිටපු අමාත්‍යවරු දෙදෙනකුගේ නම් ඉවත් කර සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වයට හා වග උත්තරකාර පාර්ශ්වයට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගු 10 October 2018
මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 175 දක්වා ඉහළට මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් අද (10) උදෑසන වන විට සිරුරු කොටස් 175 ක් හමුවී ඇති කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 10 October 2018
නීතීඥවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් විශේෂ ගැසට්ටුවක් නීතිඥවරියනගේ ඇඳුම සම්බන්ධයෙන් අගවිනිසුරු පුමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව සාමාජිකයන් ගනු ලැබූ තීරණය අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කරනු ලැබ ඇත. 10 October 2018
‘ විෂ කිරි පැකට් දුන් බවට චෝදනා කළාට මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසි යවනවා‘ ඒකාබද්ධ විපක්ෂය සැප්තැම්බර් 05 වනදා කොළඹදි සංවිධානය කර තිබූ විරෝධතා රැළියට තමන් විෂ සහිත කිරි පැකට් බෙදා දුන් බවට චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර යන මහත්වරුන්ට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා එන්තර් වාසි යවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය. 10 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026