පච්ච කෙටූ සංචාරක රුසියානුවා අත්අඩංගුවට සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ ප්‍රදේශවලට ගොස් පච්ච කොටා මුදල් උපයා ගැනිමේ යෙදි සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් රුසියානු ජාතිකයෙකු 23 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන් කැකුණවෙල මහතා නියෝග කලේය. 13 October 2018
ආයුර්වේද ඩිප්ලෝමාධාරීන්ගේ විභාගය සිව්වැනි වරටත් අත්හිටුවයි ආයුර්වේද වෛද්‍ය ආයතනයන්හි ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් අද (13) සහ හෙට යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට තිබු ආයුර්වේද ශාස්ත්‍රී වාර්ෂික පරීක්ෂණයට පෙනී සිටීමට යක්කල ආයුර්වේද සිසු සිසුවියන් ඉඩ නොදීම මත එය හතරවන වරටත් අත්හිටුවීමට සිදුවිය. 13 October 2018
එංගලන්තය කඩුලු 9 ට 278 යි එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය. ලසිත් මාලිංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. 13 October 2018
නායයාමේ අවදානම නිසා හැටන් - බගවන්තලාව මාර්ගයේ ගමන් නවතයි හැටන් බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (13) දහවල් 11.30 සිට සම්පුර්ණයෙන්ම තාවකාලිකව නතර කල බව නොර්වුඩ් පොලිසිය පවසයි. 13 October 2018
කෝටි 3 ක හෙරොයින් සමග පාකිස්තානුවෙක් අත්අඩංගුවට රුපියල් කෝටි තුනක් වටිනා ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි පාකිස්තානු ජාතික ගුවන් මගියෙකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 13 October 2018
පියා සිය පුතු ඝාතනය කරයි වෙන්නප්පුව කඩවත ප්‍රදේශයේ නිවෙසක ඊයේ (12) රාත්‍රි 10.00 ට පමණ ඇතිවු ආරවුලකදි පියා සිය පුතාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි. 13 October 2018
පූජිත ජයසුන්දර ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 October 2018
ශ්‍රිලනිප 15 දෙනාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව වහා ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 15දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හෙට (13) ලිඛිතව ඉල්ලීමක් කරන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය. 12 October 2018
මහැදුරු සෝමදේවගේ කැනීම් වාර්තා පිරික්සන්න පුලුවන් හපනෙක් පුරාවිද්‍යාවේ නැතිලු පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකරන ලද පුරා විද්‍යා කැණීම් වල වාර්තා පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් දැනුමක් ඇති පුද්ගලයින් නොමැති බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වේ. 12 October 2018
ලලිත් - අනූෂගේ අැපෑල සලකා බැලීම 19 තෙක් කල්යයි සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවම් ලබා දැනට ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් සළකා බැලීම ලබන 19 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. 12 October 2018
නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා දිවුරුම් දෙයි නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 12 October 2018
මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන අයිතිකරු වන හර්ෂණ සිල්වා යන අයට මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග අනුව අද (12) එම වාහනය රැගෙන ගියේය. 12 October 2018
සයිටම් සිසුන්ට ලියාපදිංචි වෙන්න 30 දක්වා කොතලාවල සරසවිය කල්දෙයි සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ලියාපදිංචිවීම සඳහා ජනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ මස 30 වැනි දා දක්වා කල් ලබාදී තිබේ. 12 October 2018
සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක් සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 12 October 2018
කනේ පහර සී.ඩී. තැටි සී.අයි.ඩී. යෙන් ඉල්ලයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් බුදු දහම අපහාසයට සහ උපහාසයට ලක් කෙරෙන නාට්‍ය මාලාවක් නිෂ්පාදනය 12 October 2018
ඉන්ධන මිල දිගටම ඉහළ ගියොත් පොදු ප්‍රවාහනයට සහනාධාරයක් දිනෙන් දින ඉන්ධන මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා සහනාධාරයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවදානය යොමු වී ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (12) පැවසීය. 12 October 2018
‘භාරත ලක්ෂ්මන් නඩු තීන්දුව සමඟ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු වුණා‘ භාරත ඝාතන නඩු තීන්දුවත් සමඟ අධිකරණයේ ස්වාධිපත්‍යය අධිකරණයේ ශක්තිමත් භාවය පිළිබඳ ලොකු පිටුවක් පෙරලූණු බවත් කිසිම රජයකින් මේ තරම් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වූ අවස්ථාවක් වාර්ථා වී නොමැති බවත් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කොළඹදී අද(12) පැවසුවාය. 12 October 2018
‘හොරු එලවන්න ආ ආණ්ඩුව අද හොරු රකිනවා’ හොරු එළවන්න ආ මේ ආණ්ඩුවත් අද හොරු රකින බව කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 October 2018
‘ත්‍රි’මලේ තෙල් ටැංකි රජය සතුව තබා ගැනීමේ තීරණයේ වෙනසක් නෑ’ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම් තවදුරටත් රජය සන්තකයේ තබා ගැනීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 October 2018
පාසල් සිසුවකු ඝාතනය කළැයි වසර 22 ට පසු මරණ දඬුවම් පිහියකින් ඇන 14 වියැති පාසල් සිසුවකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට වසර 22 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(12) මරණ දඬුවම නියම කළේය 12 October 2018
ලක්ෂ 5 ක මත්කුඩු සමඟ කතක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවන හෙරොයින් මත්කුඩු ජාවාරමක නිරත වූ කාන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 600ක් සමඟ පානදුරේ දී අද (12) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 12 October 2018
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරාට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අගවිනිසුරු තනතුරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද (12) ලැබිණ. 12 October 2018
බැසිල්ට එරෙහි ගම්පහ ඉඩම් නඩුව කල්යයි දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව නොවැම්බර් මස 14 වැනිදාට කල් තබන ලෙසට ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(12) නියම කළේය. 12 October 2018
බොරු බෝම්බ බියකින් මීගමුවේ බාලිකා පාසලක් කැළඹෙයි මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් තුළ කාල බොම්බයක් ඇති බවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් නිසා විදුහලේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. 12 October 2018
ත්‍රි’මලේ -මුලතිව්වල විනාශ කරන පුරාවිද්‍යා ස්ථානවල වාර්තාවක් ජනපතිට අන්තවාදී කොටස් විසින් ත්‍රිකුණාමල හා මුලතිව් දිස්ත්‍රික්කවල විනාශ කරමින් සිටින පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (12) භාර දුන් බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පැවැසීය. 12 October 2018
සෞදි - ඇමෙරිකා අභ්‍යාවකාශ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි සෞදි අරාබිය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් අභ්‍යාවකාශ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවන බව බ්‍රිතාන්‍යයේ බිලියනපති ව්‍යාපාරික රිචඞ් බ්‍රැන්සන් මහතා පැවැසීය. 12 October 2018
‘වසර 30 කට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු පදවියට කෙනෙක් නම්කළා‘ අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 12 October 2018
ලුණුගම්වෙහෙර බස් අනතුරින් කාන්තාවක් මරුට ලුණුගම්වෙහෙරේදී සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලබා සිටි එක් කාන්තාවක් හම්බන්තොට මහ රෝහලේදී මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි. 12 October 2018
උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් ඩයස්පෝරාවට විවෘත ආරාධනාවක් විදේශ රටවල ස්ථීර හා තාවකාලික ලෙස පදිංචි දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ආයෝජන ආරම්භ කිරීම සඳහා උනන්දු කරවීමේ අරමුණින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා හා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා පැරීසියට නුදුරු ලාකුරනව් නගරයේදී රැස්වීමක් පැවැත්විණි. 12 October 2018
ටිට්ලි සුළි කුණාටුවෙන් අාන්ද්‍රා ප්‍රදේශයේ අටක් මරුට ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය හරහා හමාගිය ටිට්ලි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට අන්ද්‍රා ප්‍රදේශයේ අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 12 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026