දළ පුට්ටුවාගේ ඇත්දළ හා ශරීර කොටස් සැසදෙන බව අධිකරණයට දැනුම් දෙයි වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුව දළ පුට්ටුවාගේ ඇත්දළ යුගළයේ හා ශරීර කොටස් එකිනෙක සැසදෙන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (10) අධිකරණයට දැනුම් දුන්නේය. 10 October 2018
කරාපිටියේ වෛද්‍යවරුන් අතර ආරවුලකින් සායනික කටයුතු නවතී කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු සහ වාට්ටුබාර වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් නිසා අද(10) පෙරවරුවේ සිට රෝහලේ සායන නතර කර දමා බාහිර රෝගි අංශයද වසා දමා තිබිණි. 10 October 2018
පිදුරංගල අසභ්‍ය ඡායාරූප සිද්ධියේ තිදෙනා වරද පිළිගනිති පිදුරංගල ගල මත අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය හරහා මුදා හැරියේ යැයි සැකපිට රිමාන්ඩි බාරයේ සිටි තිදෙනා අද (10) වරඳ පිළිගත්හ. 10 October 2018
දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය උණුසුම් වෙයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු එහි පැමිණි එළවළු මිලට ගන්නා ව්‍යාපාරිකයන් මිලදී නොගැනීම නිසා අද(10 ) පෙරවරුවේ සිට එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විණි. 10 October 2018
‘නේවි සම්පත්ට‘රැකවරණය දුන් අයෙක් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දුන් බව කියන ලක්සිරි අමරසිංහ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) අත්අඩංගුවට ගෙන ඇත. 10 October 2018
‘නේවි සම්පත් ‘යළි රිමාන්ඩ් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(10) නියෝග කළාය. 10 October 2018
වැස්සෙන් ගාල්ලේ පවුල් 3416 ක් පීඩාවට ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැති වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක ග්‍රාම නිලධාරී වසම් 200ක සාමාජිකයින් 12943 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි. 10 October 2018
රතුපස්වල නඩුව ලබන වසරට කල් යයි ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන් සිව්දෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා විසින් අද (10) ලබන වසරේ ජනවාරි 04 දක්වා කල්තැබීය. 10 October 2018
60 වැඩි ප්රසාංගික කලාකරුවන්ගේ දීමනාව 1000 කින් වැඩිවෙයි ටවර් හෝල් රඟහල පදනමේ ටවර් ශිල්පි අරමුදලෙන් සහ ප්රසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුබසාධක අරමුදල මගින් දීමනා ලබන වයස අවුරුදු 60ට වැඩි කලාකරුවන් 179 දෙනෙකු සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව රුපියල් 1000 කින් වැඩිකර තිබේ. 10 October 2018
ජනපතිත් එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ‘ෂී ෂෙල්ස්‘ රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් අද (10) යළි දි දිවයිනට පැමිණියහ. 10 October 2018
සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකු ගිනි අවි සමඟ අල්ලයි හෝමාගම මාගම්මනදී, පිටිපන දකුණේදී සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකු මයික්‍රො වර්ගයේ ගිනි අවි දෙකක් හා උණ්ඩ තුනක් සමඟ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි. 10 October 2018
සිංගිමලේ උමඟේ වැහිලිහිණි කූඩු කැඩීමේ ජාවාරම ජයටම හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල් වලට අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති. 10 October 2018
හැටන්-මස්කෙළිය අතර ගමනාගමනය එක් මං තීරුවක හැටන් බගවන්තලාව, බලංගොඩ , මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ස්ථන කිහිපයකම නායයාමේ අවදානම් තත්ත්ව හේතුවෙන් ඇතැම් ස්ථානවල රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි. 10 October 2018
බස්නාහිර සභාවේ සුවඳ පතුරුවන්න එක්කෝටි හැටතුන් ලක්ෂයක් බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල සුවඳවත් කරන්නට රුපියල් 1,63,62,500ක් වැය කරමින් එයාර් ෆ්රෙෂ්නර් සවිකර ඇතැයි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ඊයේ (09) පැවසීය. 10 October 2018
පොලිස් කොමිසමේ සේවය ඉටුකරන්න වයස බලපාන්නේ නෑ මහජන පැමිණිලිවලින් සියයට 86 ක් විමර්ශනය කර අවසන් කිරීම ඇතුළු කාර්යයන් රැසක් නිමකර තිබියදීත් කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යය කොතෙක් දුරට ඉටුකර ඇත්දැයි යන්න පිළිබඳව තක්සේරුවක් නොමැතිව මත ප්‍රකාශ කිරීම බෙහෙවින් හානිකර යැයි ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 10 October 2018
ජොන්ස්ටන් නිදහස් කරනවාද නඩුව ඉදිරියට ගෙනයනවාද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (09) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන්කර විත්තිකරුවන් තිදෙනා නිදොස්කර නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් පිළිබඳ තීන්දුව ලබන 17 වන දින ප්‍රකාශයට පත් කරන බව කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය. 10 October 2018
ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි අරඹයි කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ කටයුතු යළි ඇරැඹු බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. 10 October 2018
නාමල් - නාලක කටහඬ ගැළපෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන දෙදෙනාගේ කටහඬ, අදාළ දුරකතන සංවාදය සමග සැසඳෙන බවට රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 10 October 2018
යාපනයේ වෙළඳසැළකට ආවා කල්ලියෙන් පහරදීමක් යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ඊයේ (9) රාත්‍රී 10 ට පමණ ආවා කල්ලියෙන් පහරදීමක් සිදු කර පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසයි. 10 October 2018
රාජකාරී ගිනි අවිය පත්තුවී සැරයන් රෝහලේ දැදිගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු අතින් පොලිසිය තුළදිම ගිනි අවියක් ක්‍රියාත්මක වි තවත් පොලිස් නිලධාරියෙකු බරපතල ලෙස තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. 10 October 2018
අගමැති යළි දිවයිනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරය නිමා කරමින් අද (10) උදෑසන 8.30 ට ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 10 October 2018
‘සභාග ආණ්ඩුවක් හදනවා නම් අවසන් තීරණ බලය මහින්දට‘ සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. 09 October 2018
‘අකුරට වැඩකිරීම යනු නියමිත වේලාවට වැඩ කිරීම - ලංකාවේ එය නොවීම කණගාටුවට කරුණක්‘ ලෝකයේ වෙනත් රටවල අකුරට වැඩකිරීම යනු නියමිත වේලාවට වැඩ කිරීම වුවත් ලංකාවේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම වීම කණගාටුවට කරුණක් බව කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය. 09 October 2018
20 වගන්ති 38න් 36ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය තීරණය කරයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ 20 වැනි සංශෝධනයේ ඇති 38 න් 36 ක් ජනමත විචාරණකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 October 2018
රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිපති - අංශ ප්‍රධානීන් තනතුරු වලින් ඉල්ලා අස්වෙයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ දෙපාර්තමේන්තු දහහතරක අංශ ප්‍රධානීන් අද (09) ඔවුන් දැරු තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත. 09 October 2018
ජනපති රැඳී සිටි හෝටලයක විස්තර අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීම ගැන විමර්ශනයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වන සමුලූව ඇමතීමට විදේශ ගතවූ අවස්ථාවේදී එරට රැදී සිටි හෝටලයේ විස්තර ඇතුලූ සංවේදී සහ අධි ආරක්ෂිත තොරතුරු පෞද්ගලික වෙබ් අඩවියකට මුදා හැර ඇති අතර ඒවා කවර ආකාරයෙන් අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වූවාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කර ඇත. 09 October 2018
ශ්‍රී ලන්කන් හිටපු සභාපතිගේ මුදල් අක්‍රමිකතාවක් හෙළිවෙයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා 2012 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඩුබායිහි සිටි අලෙවි සහකාරිනියකට මහල් නිවසක් ලබාගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 2.4ක මුදලක් වෙන් කර ඇතැයි අනාවරණය වී ඇත. 09 October 2018
තවත් හඬපට 20 ක් අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාල තවත් හඬපට 20 ක් අනිද්දා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා පවසයි. 09 October 2018
‘20 ජනමත විචාරණයකට ගෙන්න තියෙන අවස්ථාවට බාධා කරන්න එපා‘ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යෑමට තිබෙන අවස්ථාවට බාධා නොකරන ලෙස මන්ත්‍රීවරු 225 දෙනාගෙන්ම ජවීපෙ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ඉල්ලා සිටියේය. 09 October 2018
ජාතික පාසල් ගුරු හිඟය මේ වසරේ විසඳනවා ජාතික පාසල්වල ගුරු හිඟය මේ වසරේ දී විසඳන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026