විදේශ භාෂා උගන්වන්න රාජ්‍ය පාසල්වලට උපාධිධරයෝ බඳවා ගනිති රජයේ පාසල් වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 25 October 2019
ලබන සඳුදා දෙමළ පාසල් නිවාඩු දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන සඳුදා(28) සියලු දෙමළ පාසල්වලට(මුස්ලිම් පාසල් හැර) නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. 25 October 2019
අන්තරේ සිසුන් 53 දෙනාට ඇප නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වූ විශ්ව විද්‍යාල සිසුන් 53 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය. 25 October 2019
අත්අඩංගුවට ගත් අන්තරේ සිසුන් 53 දෙනා අද අධිකරණයට අධිකරණ නියෝග නොතකා, මැතිවරණ නීති උල්ලංඝනට කරමින් කොළඹ කොටුවේ දී විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට සරසවි සිසුවිය ඇතුළු සිසුන් 53 දෙනා අද (25) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. 25 October 2019
‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘ හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය. 25 October 2019
මැතිවරණ කොමිසමට පැමිණිලි 1618 ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ පැමිණිලි 1618 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 25 October 2019
මුහුද රළු වෙයි ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2019
ඇතැම් පිරිස් කැලිෆෝනියා අධිකරණයේ නඩු තීන්දුව අවභාවිත කරනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය දුන් නියෝගය අවභාවිත කරමින් ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් සිටින බව ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා අද (24) ප්‍රකාශ කළේය. 25 October 2019
‘රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිටින මකරුන්ගෙන් බේරාගත යුතුයි‘ රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිට රට ගිලගැනීමට බලා සිටින මකරුන්ගෙන් හා මංකොල්ලකාරයින්ගෙන් රට බේරාගත යුතු යැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (24) පැවසීය. 24 October 2019
පහරදීමේ සිද්ධියකට වැල්ලවාය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පුද්ගලයින් තිදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි. 24 October 2019
මහේෂ් සේනානායක රෝහලේ සිට පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැය දෙකක කාලයක් අවසර ලබාගෙන පැමිණ මීට සුළු මොහොතකට පෙර සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය. 24 October 2019
විරෝධතාවයක් නිසා වනජීවි නිලධාරීන්ට දුන් ඇප අහෝසි වෙයි වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වනජීවි නිලධාරීන් පස්දෙනෙකුට පොතුවිල් මහේස්ත්‍රාත් මොහොමඩ් රාපි මහතා ඇප අද (24) ඇප ලබා දුන්නද එයට පැමිණි විරෝධතාවයක් හේතුවෙන් යළි ඇප අහෝසි මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. 24 October 2019
බංගලාදේශයේ සිසුවියක පුළුස්සා ඝාතනය කළ 16කට මරණ දඬුවම පාසැල් සිසුවියක පුළුස්සා මරාදැමූ බවට චෝදනා ලැබ වරදකරුවන් වූ, එම සිසුවිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති ඇතුළු චූදිතයින් 16දෙනකුට බංගලාදේශයේ අධිකරණය අද(24) මරණ දඬුවම නියම කළේය. 24 October 2019
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සමෘද්ධි අධ්‍යක්ෂකට චෝදනා සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිසන් සභාවේ නියෝග නොතකා දිගින් දිගටම සමෘද්ධි පත්වීම් ලබාදෙන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි. 24 October 2019
දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙක් මරුට දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් ලාංකිකයෙකු මිය ගොස් තවත් ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 24 October 2019
ශිෂ්‍යත්වයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා ඇති සිසුන් 250කට ශිෂ්‍යාධාර මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 24 October 2019
‘ජනපති අපේක්ෂකයෝ 6දෙනෙක් වත්කම් බැරකම් ප්‍රකාශ බාර දී නැහැ’ ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනා අතරින් අපේක්ෂකයන් හයදෙනෙකු මේ වනතුරු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නැතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(24) ‘ලංකාදීප’ යට පැවැසීය. 24 October 2019
විරෝධතාවයෙහි නියැලුණ සිසුහු 50 ක් අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුන් 50 දෙනෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 24 October 2019
වැල්ලවාය ප්‍රා.සබේ මන්ත්‍රීවරයකුගෙන් පහර කෑ පිය-පුතු රෝහලේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකු සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකුගෙන් අසාධ්‍ය තත්වයේ පසුවූ පිය පුතු දෙදෙනකු අද (24) හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. 24 October 2019
මානව හිමිකම් කොමිසමත් ජනාධිපතිවරණ පැමිණිලි බාරගනී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සිදුකරන මානව හිමිකම් උල්ලංඝන සහ කඩකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි බාරගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත. 24 October 2019
විරෝධතාවයෙහි නියැලුණ සිසුන්ට කඳුළු ගෑස් -ජල ප්‍රහාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. 24 October 2019
හමුදාපතිගේ රුව මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම ගැන ලිඛිත පැමිණිල්ලක් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ රුව සහ ඔහුගේ ප්‍රකාශයක්, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගනිමින් සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මානව හිමිකම් කොමිසමට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කර ඇත. 24 October 2019
ලෝටස් පාර වහයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලීසිය කියයි. 24 October 2019
වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. 24 October 2019
විරෝධතා පා ගමනෙන් කොටුව අවට මාර්ග අවහිර වෙයි ජීවන වියදමට සරිලන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු පිරිසක් විරෝධතා පා ගමනක් ඇරැඹුහ. 24 October 2019
අනතුරකින් සිරම්බිඅඩියේ දී 3 ක් මරුට පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී අද(24) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 24 October 2019
සුදුවැල්ලේ ලැඟුම්හළක සිටි 13 ක් අත්අඩංගුවට සැකසහිත ලෙස හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි . 24 October 2019
පාස්කු ප්‍රහාරයේ වගකීම රාජ්‍ය බුද්ධි ලොක්කන් කරපිටට පාස්කු ඉරුදින ප්‍රහාරයේ මූලික වගකීම රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානීන් බාරගත යුතු බව එම ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන් වෙයි. 24 October 2019
කටුනායකට ආ යානයක් මත්තලට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත කාළගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ. 24 October 2019
කොස්තාපල්වරියන්ට දුරකතනයෙන් අයුතු යෝජනා කළ අයෙක් අත්අඩංගුවට මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිටින කොස්තාපල්වරියන්ට රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් අයුතු යෝජනා කළ බව කියන පුද්ගලයෙකු අද (23) මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026