උලපනේ හිමිගේ පෙත්සමට කරුණු කියන්න බැසිල් අධිකරණයට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට අභියාචනාධිකරණය අද (12) පෙත්සම්කරුවන්ට නියෝග කළේය. 12 January 2022
වජිර එළවළු මල්ලක් රැගෙන සිරිකොතට එයි ලෙඩෙකුට සුප් එකක් හදාගෙන බොන්න බැරි තත්වයකට වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය වලපල්ලට ඇද දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (12)පැවසීය. 12 January 2022
නවීන පිස්තෝල දෙකක් හෑගොඩ නිවසකින් එළියට බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවසකින් නවීන පිස්තෝල ගිනි අවි දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 12 January 2022
කොළඹ සරසවියට නව උප කුලපතිවරයෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා පත්කරනු ලැබ ඇත. 12 January 2022
බාලවයස් දරුවෝ දෙන්නෙක් නාගොල්ලාගම කැලයෙන් මතුවෙති බාලවයස්කාර දරුවන් දෙදෙනකු මහව නාගොල්ලාගම තම්මිටගම කැලෑබද ප්‍රදේශයකදී අද (12) සොයා ගත් බව නාගොල්ලාගම පොලිසිය කියයි . 12 January 2022
එල්.පී. ගෑස් නියාමනයට විශේෂ ගැසට්ටුවක් එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ආනයන හා අපනයන පාලකවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 January 2022
‘මේ ගොවියාටත්, ගොවිතැනටත් දෙවියන්ගේ පිහිට අවශ්‍ය වෙලාවක්‘ කෘෂිකර්මාන්තයට, ගොවියාට හිරු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නා තෛපොංගල් දිනය මෙවර සමරන්නේ කෘෂිකර්මාත්නයටත්, ගොවිජනතාවටත් දෙවියන්ගේ පිහිට අවශ්‍යම මොහොතක යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 12 January 2022
මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින එනම් අනිද්දා (14) පාපැදි තරග මාලාවක් පැවැත්වේ. 12 January 2022
‘දුම්රිය ස්ථානාධිපතිවරු ආසන වෙන්කිරීමෙන් ඉවත් වෙයි‘ දුම්රිය ආසන කලින් වෙන්කරගැනීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (12) පස්වරුවේ සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 12 January 2022
බල්ලන් කා දැමු බිලිඳු සිරුරක් රක්වානෙන් හමුවෙයි සතුන් විසින් සපා කමින් තිබු නොමෙිරූ බිළිඳු මළ සිරුරක් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක පාසල අසල ඉදිරිපිට මාර්ගයේ තිබියදි ඊයේ (11) උදෑසන සොයාගත් බව පොතුපිටිය පොලිසිය කියයි. 12 January 2022
‘ක්‍රිකට් තරග බලන්න ‘කොවිඩ්’ එන්නත් දෙකම ඕනෑ‘ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීමට නම් අවම වශයෙන් අදාල තරගයට දින 14 කට පෙර දෙවැනි ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගෙන තිබිය යුතු බවත් ප්‍රවේශපත් හිමියන් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 12 January 2022
ලොතරැයියෙන් බිහිවූ කෝටිපතියන්ට තෑගි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කෝටිපති කප්රුක’ සහ ‘අද කෝටිපති’ යන ලොතරැයි දෙකෙන් පසුගිය දෙසැම්බර් මස බිහිවූ කෝටිපතියන් දෙදෙනෙක් ඇතුළු ජයග්‍රහකයන් රැසකට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූලස්ථානයේදී අද (12) පෙරවරුවේ ත්‍යාග පිරිනැමීය. 12 January 2022
බලු ප්‍රශ්නයක් දුරදිග ගිහින් දෙදෙනක් රෝහලේ නිවසක සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනෙකු නිසා ඉකුත් (09) දා රාත්‍රියේ හට ගත් ආරවුලක් හේතුවෙන් දෙදෙනෙකු රත්නපුර රෝහලටත් තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විමේ සිදු විමක් රක්වාන පොලිසියෙන් වාර්තා වෙයි. 12 January 2022
‘කාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණා‘ කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 12 January 2022
මහනුවර ගණිකා මඩමක් වටලයි දීර්ඝ කාලයක් තිස්සේ මහනුවර නගරයේ සංචාරක හෝටලයක් ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලා එහි කළමණාකාරු සමග අවුරුදු 28,27 යන වයසේ තරුණියන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි. 12 January 2022
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 786ක් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 786 ක් වෙන් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 12 January 2022
‘රජරට රැජින’ යළි ගමන් අරඹයි ‘කොවිඩ්’ වසංගත හේතුවෙන් වසරකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ බෙලිඅත්ත සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා වන ‘රජරට රැජින’ සීඝ්‍රගාමී දුම්රිය අද (12) නැවත ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 January 2022
මාධ්‍යවේදීන්ට ඇන්ටිජන් පරීක්ෂණ අනිවාර්ය කරයි නව වෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආවරණය කිරීම සඳහා පැමිණෙන සියලු මාධ්‍යවේදීන් ලබන 18 වැනිදා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ (Rapid antigen test) සඳහා පෙනී සිටීම අනිවාර්ය කර ඇත. 12 January 2022
අධිකරණ සේවිකාවගේ මාලය කැඩූ ඉංජිනේරුවා මාට්ටු අධිකරණ සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලය කුරුණෑගල නගරයේ දි කඩාගෙන පලා යාමට තැත් කළ සිවිල් ඉංජිනේරුවෙකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි. 12 January 2022
යුගදනවි පෙත්සම සළකා බැලීම කල්යයි කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 19, 20 සහ 21 දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළේය. 12 January 2022
අනාරක්ෂිත වළක වැටී දැරිය මරුට හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේ අවුරුද්දයි මාස 10 පමණ කුඩා දියණියක, අලුතින් කපන ලද ජලය පිරුණු වළකට වැටී මියගොස් ඇතැයි හබරණ ගල්ඔය පොලිසිය කියයි. 12 January 2022
මාස 6ක ඖෂධ වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකාවට ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) ලබාදෙන ලෙසත් එම වාර්තාව කාර්තු දෙකක අවශ්‍යතාව ලෙස සකස් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය. 12 January 2022
අද පැයක විදුලි කප්පාදුවක් පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 January 2022
හිටපු ඇමැති මංගල ගැන ශෝක යෝජනා විවාදය 21 දා හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21 වෙනිදා සිකුරාදා පැවැත්වීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කෙරිණ. 12 January 2022
පළාත් කීපයකට තැනින් තැන වැස්ස උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රිකකයේ වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 January 2022
සිංගප්පූරු ජාතිකයා මතුකුඩු ගිනි අවි සමග මාට්ටු සිංගප්පුරු ජාතිකයකු පදිංචි තලංගම පැලවත්ත නිවස පරීක්ෂා කිරීමේදි ඔහු සන්තයේ තිබී හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 11 January 2022
නීතිඥ සංගමයේ සභාපති-ලේකම් නිතරගයෙන් පත්වෙති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා නිතරගයෙන් තේරී පත්වූහ. 11 January 2022
අලුත් කොරෝනා රෝගීහු 623 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 623 දෙනකු අද (11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 January 2022
අලුත් කොරෝනා මරණ 15 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 11 January 2022
හැකි නම් ඡන්දෙකට යන්න ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය උරගා බැලිමට හැකිනම් මැතිවරණයක් පවත්වන්නැයි අභියෝග කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11)පැවසීය. 11 January 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026