මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බරත් රසත් අඩු වෙලා පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති . 10 August 2022
බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර ගේන්න බිත්තර මිල වැඩි කිරීම පාලනය කිරීම සඳහාත් අඩු මිලට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට වහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටී. 10 August 2022
මහින්ද-බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය. 10 August 2022
ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම්: පෙත්සම්කරුවෝ පෙත්සම් 4 ක් ඉල්ලා අස්කරගනිති ’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ඉල්ලා අස් කරගන්නා බව එහි පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයට අද (05) දැනුම් දුන්හ. 10 August 2022
ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් අත්අඩංගුවට ගනී නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2022
ඡන්දයක් තිව්වොත් බහුතර පිළිගැනීම රනිල්ට ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 10 August 2022
ගෝඨාභය තායිලන්තයට සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර් පුවත් සේවය පවසයි. 10 August 2022
පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබීය. 10 August 2022
තවත් බිහිසුණු වයිරසයක් චීනයෙන් හමුවෙලා නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 10 August 2022
විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි දේ සම්බන්ධයෙන් මූලික ඇගයීම් නොකර එහි දුර්වලතා සහ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත නැතැයි, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 10 August 2022
පොළොන්නරුවේ අතඇරදා තිබූ කෘෂි උපකරණ කන්දකාඩුවේදී වැඩට ගන්න යයි පොලොන්නරුව ගල්ලෑල්ල ජාතික පශු සම්පත් ගොවිපොළේ වසර කිහිපයක් තිස්සේ භාවිතයට නොගත් වටිනා කෘෂි උපකරණ රැසක් කන්දකාඩු බඩඉරිඟු වගාව සඳහා යෙදවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 10 August 2022
තෙල් පිරිපහදු දීමනා කෝටි 300යි තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 August 2022
පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. 10 August 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා නැවත විවෘත කරයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 10 August 2022
අරගලකරුවෝ ගාලු මුවදොර අරගලභූමියෙන් ඉවත් වෙති ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත්වීමට එම අරගලකරුවෝ ඊයේ (9) රාත්‍රියේ ඒකාබද්ධව තීරණය කළහ. 10 August 2022
බරණ ඇතාගේ ඝාතක කොස්තාපල්ගේ වැඩ තහනම් කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගනනාවක් සැරිසරමින් සිටි බරණ දළ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා පවසයි. 10 August 2022
අගෝස්තු 13 බොර තෙල් නැවක් එයි අගෝස්තු 13 වැනිදා බොරතෙල් නැවක් ලංකාවට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 August 2022
සතුන්ගෙන් වන බෝග හානිය වලකන්න මාස දෙකකින් පියවර ආහාර බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 10 August 2022
මෝදිගේ පක්ෂයට බිහාරයේ බලය අහිමි වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ට බිහාර් ප්‍රාන්තයේ බලය අහිමි විය. 10 August 2022
ඩීසල් ලීටර් 19,000ක් අල්ලයි නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායකියයි. 10 August 2022
ගාස්තුව වැඩිවීමෙන් පාරිභෝජනය අඩු වෙයි ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පසුගිය මාස දෙක තුළ සියයට 25 කින් අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 10 August 2022
පළාත් කීපයකට මද වැසි තත්ත්වයක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (10) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2022
22 අද මැති සබයට විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. 10 August 2022
ලක්විජය තාප විදුලි බලාගාරයේ කොරෝනා පොකුරක් නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 දෙනකුට කොවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි කල්පිටිය සෞඛය වෛද්‍යය නිළධාරි කාර්යාලය සදහන් කරයි. 09 August 2022
ජන අරගලයට ගෞරව දක්වන්නැයි පුරවැසි ආඥාවක් වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා අද (9) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය. 09 August 2022
කෙටි ධාවන ශූර හිමාෂට වසර 4 ක තහනමක් ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ. 09 August 2022
කෝටියක් වටිනා රත්තරං තොගයක් සමග යුවළක් කටුනායකදී දැලේ රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි හ්‍රී ලාංකික විවාහක යුවළක් අද (9) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 09 August 2022
කොවිඩ් මරණ තවත් 6 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) පස්වරුවේ තහවුරු කළේය. 09 August 2022
‘කොවිඩ්’ ආසාදිතයෝ 214 ක් ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 214 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 09 August 2022
කොටහේනේ මහ දවල් කොල්ලයට කාන්තාවෝ දෙකක් ඇතුලු 4 ක් මාට්ටු කොටහේන, බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවස ඊයේ (8) කොල්ලකෑමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 09 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026