අරාබි භූමි මෙහෙයුම් නිමාවට
’’ දිට්ටා ’’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කරමින් , එම භටයන්ගෙන් කොටසක් , ඒ සදහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් අද (14) එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත ආපසු රැගෙන ගියේය .