මාතලේ මරණ 10යි: දෙකක් අතුරුදන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර කාලයේ පුද්ගල මරණ දහයක් වාර්තා වී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව පුද්ගලයන් 1040 ක් අවතැන්ව ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් .එස් .කේ වික්‍රමනායක මහතා පැවසීය. 29 November 2025
කන්ටේනර් පරීක්ෂණ; රේගු ලොක්කන් ඉවත් කරන්න කියයි කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර එවැනි සිද්ධියක් නොවූ බවට සුදුහුණු ගෑ බව කියන රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ප්‍රධානීන් එම තනතුරු වලින් වහා ඉවත් කළ යුතු බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් ඉල්ලීමක් කරති. 29 November 2025
එගොඩ කැලණිය පන්සලත් යටවෙලා කැලණි ගඟ පිටාර ගැලීමෙන් මේ වන විට කැලණි ගඟ දෙපස පහත් බිම් රැසක පිටි නිවාස විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන තහවුරු කරයි. 29 November 2025
දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 29 November 2025
ගුවන් හමුදාව ජීවිත බේරා ගැනීමේ රටපුරා මෙහෙයුම් නිකවැරටිය ප්‍රදේශයේ අවතැන්ව සිටි හිමිනමක ඇතුළු පුද්ගලයන් 04 දෙනකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් අද (29) උදෑසන බේරා ගත් බව ගුවන් හමුදාව පවසයි. 29 November 2025
කලාඔයේ සිර වී සිටි 40ක් බේරා ගැනෙති රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 40 දෙනකු මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. 29 November 2025
කොළඹ - මහනුවර මාර්ගයත් යක්කලින් යටවේ කොළඹ මහනුවර මාර්ගයෙ යක්කල මහවිට ප්‍රදේශයෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 29 November 2025
පූනාගල පවුල් 58 ඉවත් කරයි හල්දුම්මුල්ල පූනාගල එල්. එල්. ජී. කොටසේ හදිසියේ මතුවූ නායයාමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචි පවුල් දාහතරක් අද 29 අලුයම ඉවත් කර ගත් බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් කේ. ඒ. ජී. ප්‍රියංගිකා මහත්මිය කීවාය. 29 November 2025
මාතලේ මරණ 10 යි අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාතලේදිස්ත%ික්කයේ 10 දෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා පවසයි. 29 November 2025
ඉන්දියාවෙන් ටොන් අසූවක ආධාරයක් ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ගුවන් යානයක් අද(29) අලුයම මෙරටට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 29 November 2025
හෙට ලංකාදිප පත්‍රය නෑ හෙට සෙනසුරාදා දින ලංකාදිප පත්‍රය මුද්‍රණය නොවන බව සියලු පාඨකයනට දැනුම් දෙන්නෙමු. 29 November 2025
වවුනියාවේ 4157ක් අවතැන් වවුනියාව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 1228 අයත් පුද්ගලයින් 4157 ක් පීඩාවටපත්ව ඇතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පවසයි. 28 November 2025
කොච්චියෙන් කොළඹ ආ 700ක් අ‘පුරේ කොටුවෙති කන්කසන්තරයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගීන් 700කට ආසන්න පිරිසක් අද අලුයම සිට අනුරාධපුර දුම්රිය ස්ථානයේ කොටුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 28 November 2025
බදුල්ලේ මරණ 35යි බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාවත් සමග නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් සිදුවු ආපදාවන් වලින් මියගිය ගණන අද (28) පස්වරුව වනවිට 35 දක්වා ඉහල ගිය බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 28 November 2025
කලාඔයේ පිරිස බේරා ගන්න කණ්ඩායම් කීපයක් රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේදී බස් රථයක සිටියදී එම බස් රථයෙන් බේරාගෙන අසල තිබූ නිවසක වහලය මත රඳවා සිටින මඟීන් පිරිස බේරා ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ වන විට මෙහෙයුම්වල නිරත වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බාන ගොඩ මහතා පැවසීය. 28 November 2025
අ‘පුර පූජා නගරය දැඩි වාර්ෂාපතනය හේතුවෙන් මල්වතු ඔය පිටාර ගලා අනුරාධපුර පැරණි පූජා නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 28 November 2025
මහනුවර 50ක් මිය ගිහින්:67ක් අතුරුදන් මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් පස්කඳු සහ ගල් පර්වත පෙරළීම් හේතුවෙන් සිදූවූ 50 දෙනකු මියගොස් තවත් 67 දෙනකු,අතුරුදහන් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවැසිය. 28 November 2025
නාගොඩ රෝහලේ පියගැටපෙළ පුපුරලා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකක ගොඩනැගිල්ලේ පියගැට පෙලෙහි පිපිරීමක් හේතුවෙන් නේවාසික රෝගීන් කලබලයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය . 28 November 2025
වැස්සෙන් මාතරටත් හානි මාතර දිස්ත්‍රික්කයට බලපෑ අයහයහපත් කාලගුණය, විටින් විට ඇදහැලෙන සුළු වර්ෂාව සමග හමා ආ දැඩි සුළගින් නිවාස 160ක් පමණ අර්ධ හානි සිදු වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසති. 28 November 2025
අධිවේගයෙන් ගිය යතුරුපැදි කරු අල්ලයි නීති විරෝධී අයුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී කුරුඳුගහ හැතැක්ම පොලිසිය කියයි. 28 November 2025
ලංකාවේ ප්‍රදේශ වලින් සියයට තිහක් කළුවරේ ලංකාවේ ප්‍රදේශ වලින් සියයට තිහක පමණ විදුලිය විසන්ධි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ එස් අයි කුමාර මහතා පැවසීය. 28 November 2025
රෝගීන්ගේ සායන ඖෂධ ගෙවල්වලටම සායන පවතින ප්‍රදේශවලට යෑමට අපහසුතා ඇති රෝගීන්ට සායන ඖෂධ නිවෙස් වලටම ගොස් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 November 2025
දිස්ත්‍රික්කය 11ක කොට්ඨාශ 91 කට රතු නිවේදන දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද නිකුත් කරනු ලැබීය. 28 November 2025
යුද හමුදා මූලස්ථානයේ විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව යුද හමුදාව පවසයි. 28 November 2025
විදෙස් ආධාර ගන්න ගිණුම් අංක දෙකක් ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් උදව් කිරීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්ගේ ආධාර බැර කිරීම සඳහා ගිණුම් අංක දෙකක් හඳුන්වා දී ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි. 28 November 2025
සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල නිවාඩු අවලංගුයි සෞඛ්‍ය ක්ෂේත්රයට අදාලව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. 28 November 2025
කලාඔයේ සිරවූ බසයේ පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ බස් රථයෙන් මුදවාගෙන අසල පිහිටි නිවසක වහලය මත රඳවා තැබූ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාව මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. 28 November 2025
පාසල් නිවාඩුව දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කරයි පාසල් නිවාඩුව දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය 28 November 2025
හෙට කෝච්චි ගමන මෙහෙමයි දුම්රිය කිහිපයක් හෙට(29) දිනයේ දී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 28 November 2025
ලංකාවට උදව් කරන බව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ කියති හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ රට යථාතත්වයට පත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා වන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(28) පැවැත්විණි. 28 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026