කෝටි 15 ක නිමි ඇඳුම් රේගු භාරයට
රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා අද (13) පැවසීය.