
(ගයාන් සූරියආරච්චි)
මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මුල්ලිවයිකාල් නැගෙනහිර, මුලතිව් හි පදිංචි මාස 11 ක් වන ඒ. තුයිෂිකා නැමැති දැරියක බව පොලිසිය පවසයි.
සිද්ධිය වූ දින දැරියගේ මව එම දැරිය නහවා ඇති අතර පසුව දැරිය එම බේසම අසල තබා යමක් ගැනීම සඳහා නිවෙසට ගොස් ඇති බව පොලිසිය පවසයි.
එහිදී දැරිය නැවත බේසමට වැටී පාවෙමින් සිටිනු දැක මව විසින් දැරිය බේසමෙන් ගෙන රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම මවට තවත් අවුරුදු 4 ක දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.
මුලතිව් දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.යූ.පී. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි ඩබ්.පී.එම්.ඒ. අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
763
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට