ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ. 02 July 2024
ගොඩබිමට ගෙනා ධීවර සිරුරේ කොටස් රස පරීක්ෂකට මහ මූහුදේ පාවූ නොහඳුනන බෝතලයක දියර පානයක් කර ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් අතරින් දැනට ගොඩබිමට ගෙනවිත් හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති ධීවර කාර්මිකයාගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් එතෙක් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීම සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දිල්හානී අමරසිංහ මහත්මිය හම්බන්තොට වරාය පොලිසියට නියෝග කළාය. 02 July 2024
ආර්ථික පරිවර්තන කෙටුම්පත ගැන කතානායකගෙන් ප්‍රකාශයක් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (02)දා පැවසීය. 02 July 2024
පුත්තලම හිටපු මන්ත්‍රීගේ දඬුවම තහවුරු වේ පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ලබා දී තිබූ වසර 05 ක අත්හිටවූ සිර දඩුවමක් නැවතත් 02 වැනිදා අද දින නැවත වරක් තහවුරු කර ඇත. 02 July 2024
ජනපති සම්පන්තන්ට අවසන් ගෞරව දක්වයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ උත්තරීතර නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්තන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. 02 July 2024
මාස තුනට බූස්සට ජංගම දුරකතන 36 රිංගවලා බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’කැස්බෑව හල්පිට රැවුල් කුමාර’’ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඉකුත් මාස තුනක පමණ කාලයක් තුළ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ජංගම දුරකථන 36ක් ඇතුළු උපාංග රැසක් ලබා දී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 02 July 2024
තරුෂිට - නදීෂාට ඔලිම්පික් වරම් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. 02 July 2024
කතරගම කපු වලියේ කපුවෙක්ට ඇප රුහුණු කතරගම මහා දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර ඇති කර ගන්නා ලද ගැටුමක ප්‍රතිපලයක් ලෙස රත්නායක පරපුරේ උපුල් රත්නායක කපු මහතාට දේවාලයේ දී පහර දුන්නේයැයි කියන ආරාපක්ෂ පරපුරේ ගයාන් ආරාපක්ෂ කපු මහතා තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමිර සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කළේය. 02 July 2024
‘ ජනපති යටතේ ජාතික ආණ්ඩුවකට සහාය නෑ‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 02 July 2024
ව්‍යාජ ලිපියක් ගැන දැනුම්දීමක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ බවට හැඟවෙන ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 02 July 2024
ණය තිරසර බව ස්ථිරයි ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 02 July 2024
උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා 2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති. 02 July 2024
රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි? ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්රතිපත්තියකින් ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද(2)පැවසීය. 02 July 2024
පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් මෙම මස තුළ නොවන බව ලාෆ් ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය. 02 July 2024
පැතිබැම්මක් කඩා වැටි අයෙක් මරුට මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීරිගම පොලීසිය කියයි . 02 July 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක් මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය හා වාද්දූව දුම්රිය ස්ථාන අතර මගීන් රහිත අළුත්වැඩියා කටයුතු කිරීමට සඳහා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත. 02 July 2024
ඇමරිකාවෙන් දෙන ප්‍රදානයක් වැඩි කරයි ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
නියාමක කඩු සමග මාට්ටු මඩකළපුව බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය එම බන්ධනාගාරයේ නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි. 02 July 2024
’’පාසල් වෑන් ගාස්තු අඩු කරන්න බෑ’’ පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. 02 July 2024
රට තුළ මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් සඳහනන් කරයි. 02 July 2024
ජනපති සම්පන්තන්ට සොව පළ කරයි ආර්.සම්පන්දන් සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 July 2024
පොලිසියේ 15කට ස්ථාන මාරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ඇතුළු උසස් නිලධාරීන් 15 දෙනකුට පොලිස් කොමිසමේ නිර්දේශ පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 02 July 2024
සම්බන්දන්ට ගෞරව කරන්න දේශපාලන සගයෝ එති දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාට දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් අද (2) අවසන් ගෞරව දැක්වූහ. 02 July 2024
ඔක්ටේන් 100 අලෙවිය ඇරඹේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි. 02 July 2024
මහබාගෙට සම්පූර්ණ පොලිසියක් මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
කාන්තාවන් ’’හයිය’’ කරන යෝජනාව අනුමතයි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
මහනුවර බොරු බෝම්බයට වටවල අයෙක් මාට්ටු මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 July 2024
ත්‍රිරෝද රියදුරා හිටිහැටියේම මිය ගිහින් බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපිට මහමග ගමන් ගන්නා ජනතාවට ගිමන් නිවා ගැනීමට සකසා ඇති ස්ථානයට ත්‍රිරෝද රථයක් පදවා පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදීම හිටි හැටියේ මියගොස් ඇතැයි පොලීසිය කියයි. 02 July 2024
මහනුවර අධිකරණයේ සියලු නඩු 16 වැනිදාට කල් තබයි මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඇතිවූ බෝම්බ බිය නිසා අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ . 02 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025