ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන කවුන්සිලයක් එයි විධිමත් හා ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 12 February 2026
තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ තුර්කි පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතරේ ගුටිබැට හුවමාරුවක් තෙක් දුරදිග ගියේය. 12 February 2026
ජලයේ ගුණදොස් කියන්න මධ්‍යම පළාතට විද්‍යාගාරයක් මධ්‍යම පළාතේ පානීය ජල සාම්පල පරීක්ෂාවට කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කෙරිණි. 12 February 2026
මත් සැකකරුවෝ 742ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 742 ක් ඊයේ (11) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 12 February 2026
ගල්අඟුරු මගඩි හොයන්න ’’කෝප්’’ වැඩට බහී පසුගිය වසර පහේදී ගල් අඟුරු ආනයනය සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 12 February 2026
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 12 February 2026
මන්ත්‍රීලාගේ ’’පැන්ෂන්’’ කපන කෙටුම්පතට මැතිසබා කමිටුවේ අනුමැතිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 12 February 2026
සාම පා ගමනට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හරසර ලෝක සාමය වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු ‘සාම පා ගමන’ මේ වනවිට එහි ගමනාන්තය වන වොෂින්ටන් බලා පැමිණ අවසන්ය. පා ගමනට එක්වුණු භික්ෂූන් වහන්සේලා පිරිස උණුසුම් ලෙස පිළි ගැනීමට වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කිරීම ද සුවිශේෂී වෙයි. 12 February 2026
ට්‍රම්ප් කැනඩාවට දැමූ බදු පාර්ලිමේන්තුව ‘රිවස්’ කරයි කැනඩාව අමනාප වන ආකාරයට, කැනඩාට පැනැවූ තීරුබදු ආපසු හැරවීමේ පනත් කෙටුම්පතකට ඇමෛරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. 12 February 2026
ඇමෙරිකා බලශක්ති ලේකම් වෙනිසියුලාවේ ඇමෙරිකන් බලශක්ති ලේකම් (ඇමති) ක්‍රිස් රයිට්, නිල සංචාරයක් සඳහා වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පැමිණියේය. කැරැකස් අගනුවරදී ක්‍රිස් රයිට් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්රීගස් අතරේ හමුවක් පැවැත්විණි. 12 February 2026
ටිල්වින්- කේරළ මහ ඇමති හමු වෙයි සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් මහතා අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී සිදුවිය. 12 February 2026
ගිනි අවි- උණ්ඩ අපරාධ සඳහා යොදාගත් වාහන අංක තහඩු තොගයක් සොයාගනී රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන අපරාධ අපරාධ කල්ලි සාමාජිකාවකගෙන් අනාවරණ වූ තොරතුරු අනුව සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට අයත් රුසියාවේ නිෂ්පාදිත ’’බ්රෙනෙකි ‘ ලෙස සඳහන් ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් ජිව උණ්ඩයක් හා විවිධ අපරාධ සඳහා යොදාගත් වාහන අංක තහඩු තොගයක් සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන්කරයි. 12 February 2026
ඉරාන සාකච්ඡා නවත්වන්න එපා: නෙදන්යාහු කොතරම් බාධා ආවත් ඉරානය සමඟ පවත්වන සාකච්ඡා නොනවත්වා දිගටම කරගෙන යන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තමන්ට පැහැදිලි කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි. 12 February 2026
සටන් විරාමයකට ගියොත් ජනපතිවරණය පවත්වනවා: යුක්රේන ජනපති යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු සෙසු යුරෝපා රටවල් සහතිකයක් දෙන්නේ නම් සහ රුසියාව සමඟ සටන් විරාමයකට යෑමට හැකියාව ඇති නම් දිනෙන් දින ප්‍රමාද වුණු ජනාධිපතිවරණය පැවැත්විය හැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 12 February 2026
ඇමෙරිකන් ටෙලි නළු ජේම්ස් වැන් ඩර් බීක් සමුගනී 90 දශකයේ යොවුන් හදවත් දිනූ, අතිශය ජනප්‍රිය ‘ඩෝසන්ස් ක්‍රීක්’ ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු ජේම්ස් වැන් ඩර් බීක් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 48 කි. 12 February 2026
මත්ද්‍රව්‍ය භාවිත කර බස් සේවයේ යෙදුණු 7ක් අත්ඩංගුවට විෂ මත්ද්‍රව්‍ය පානය කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 12 February 2026
පැවැති කාලගුණයේ වෙනසක් අද මධ්‍යම,ඌව, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 12 February 2026
බංග්ලාදේශ මහ මැතිවරණය අද බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වී, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වෙයි. 12 February 2026
රනිල් චීන-ඉන්දියා පරණ ආදර අන්දරයක් සොයා ගනියි ඉන්දියාවෙන් වැඩම කරවන ලද දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන-ඉන්දියා ඓතිහාසික සබඳතා ගැන මතු කළ කාරණයක් නිසා ඉන්දීය නිලධාරිනියද නිරුත්තර විය. 11 February 2026
විස මත රටින් අතුගා මිස ආපසු හැරෙන්නේ නෑ මත් ව්‍යසනය රටින් අතුගා දමා මිස ආපසු හැරෙන්නේ නැතැයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා නුවරඑළියේදී අද (11)පැවසීය. 11 February 2026
පියුමි හංසමාලිගේ පුත් අතුළු 6ක් රිමාන්ඩ් රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (11) නියෝග කළේය 11 February 2026
ඇඹිලිපිටිය බිය කරන නින්ජා සොරා ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ගොඩකවෙල ඇඹිලිපිටිය හා උඩවලව යන පොලිස් බල ප්‍රදේශවල නිවාස හා වෙළද ව්‍යාපාරවලට මධ්‍යම රාත්‍රියේ සොරකු ඇතුල්වීම හේතුවෙන් එම ජනතාව දැඩි භීතියට පත්වී සිටිති. 11 February 2026
සමන් ඒකනායක යළි රිමාන්ඩ් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සැකකරු ලබන 18 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද නියෝග කළේය. 11 February 2026
බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නම සහ සෙසු සැකකරුවන් හය දෙනා එක් අයකුට මුදලින් රුපියල් දහදහස බැගින් වූ ඇප සහ රුපියල් ලක්ෂ 10 ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ල මහතා නියෝග කළේය. 11 February 2026
හැම රෝහලකටම මසකට වරක් ඖෂධ සමාලෝචනයක් සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පැවැත්විය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 11 February 2026
අනවසර හේනේ වටේ මර උගුල් 121ක් ඇදලා තිරප්පනේ උට්ටිමඩුව ප්‍රදේශයේ, පල්ලංකූලමවැව ආසන්නයේ කහපත්විල ගම්මානයේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක අනවසරයෙන් සකස් කර තිබූ බඩඉරිඟු හේනක් වටා අටවා තිබූ බඳින තුවක්කු 20ක් සහ මර උගුල් (මදු) 121ක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 11 February 2026
සෝමාලියා ගුවන් නියමු දස්කමින් 50 ක් බේරෙයි තාක්ෂණික දෝෂයකට ලක්වුණු සෝමාලියා ගුවන් යානයක් කඩා වැටෙන්න නොදී ගොඩබෑමට එහි නියමුවකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 February 2026
කතානායකගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පැමිණිල්ලක සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අද (11) පෙරවරැවේ බාර දෙමින් ඉල්ලීමක් කළහ. 11 February 2026
උසාවි ගෙනයද්දි සැකකරුවෙක්ට සැකකරුවෙක්ගෙන් බෝතල් ප්‍රහාරයක් ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ සිට පොලිස් ජීප් රථයෙන් ඇල්පිටිය අධිකරණයට අද(11) දහවල් රැගෙන යමින් සිටි සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු තවත් සැකකරුවකුට එල්ල කළ වීදුරු බෝතල් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ සැකකරුවෙක් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 11 February 2026
අමරකීර්ති ඝාතනයට දොළහක් පෝරකයට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය. 11 February 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026