යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය. 01 March 2025
වෛද්‍යවරුන්ගේ දීමනා අඩු කිරීම සාධාරණ නෑ වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන මහතා අද (28) පැවසීය. 28 February 2025
ඉන්ධන මිලේ වෙනසක් නෑ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. 28 February 2025
අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්ද හොයනවා අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 February 2025
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය. 28 February 2025
දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය. 28 February 2025
පාර්ලිමේන්තුවේ බොරු කියන්න හැකි වරප්‍රසාදය ඉවත් කරන්න වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 February 2025
උද්ධමනය තවත් පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය. 28 February 2025
බෙදුම්කරුවෝ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වෙති ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 February 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මාර්තු මස වෙනස් නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 28 February 2025
වාහන නෞකා දෙකක් මෙම මස 10 - 12 එයි වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගාවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා අද (28) පැවසීය. 28 February 2025
රජ්‍ය ආයතන 52ක් කෝටි 42800ක ලාභ ලබලා රජයේ ආයතන 52ක් 2024 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී රුපියල් කෝටි 42800ක ලාභයක් ලබා ඇතැයි මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 28 February 2025
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. 28 February 2025
’’පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරනවා’’ පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 February 2025
මින්දෙනිය ඝාතනය පිටුපස දේශපාලකයන් ඉක්මනට හෙළිවෙයි මිද්දෙණිය ඝාතනය පිටුපස සිටින දේශපාලකයන් කවුදැයි ඉතා නොබෝ දිනකින් හෙළිදරව් වනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 February 2025
වසන්ත මුදලිගේට වරෙන්තු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය . 28 February 2025
අලුත් පාස්පෝට් එකේ අකුරු වැරදියි අලුත් පාස්පෝට් එකේ ඇතැම් තැන් වල අකුරු පවා වැරැදි යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 February 2025
බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හෙට වහයි ඔරුගොඩවත්ත සිට වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියාවක් කිරීම සඳහා හෙට (01) මහාමාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 28 February 2025
බදුල්ල සහ නුවරඑළිය නායයාමේ අවධානමක් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 28 February 2025
සාපෙළට දින දෙයි අ.පො.ස.සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 දින ආරම්භ කර මාර්තු 26 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 28 February 2025
විදුලි සැපයුමට අය කළ මුදල්වලට පොලී දෙන්නැයි නියෝගයක් විදුලි සැපයුම දීමේ දී ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් සහ කර්මාන්ත කරුවන්ගෙන් අයකර ගත් තැන්පතු මුදල් සඳහා මහ බැංකුවේ වාර්ෂික පොලී අනුපාතයට අනුව හිමි විය යුතු පොලිය ඔවුන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලි මණ්ඩලයට අද නියෝග කළේය. 28 February 2025
පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙරට ප්රමුඛ මහජන සම්බන්ධතා ආයතනයක් වන Mark and Comm හි කළමනාකාර අධ්යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා විසින් පිළිගන්වනු ලැබීය. 28 February 2025
හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම ’’හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030’’ එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 28 February 2025
ජනාධිපති රට ගියේ භාගෙ ටිකට් අරං ද? අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදීී පැවසීය. 28 February 2025
ඝාතන සඳහා යතුරුපැදි සැපයූ දෙන්නෙක් අල්ලයි විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඝාතන සඳහා යතුරු පැදි සැපයූ එගොඩ උයන පොල් කට්ටා සහ තවත් පුද්ගලයෙකු ව්‍යාජ අංක තහඩු ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික සහ හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 28 February 2025
සෙලෙන්ස්කී ට්‍රම්ප් හමුවක් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය. 28 February 2025
පොලිස් කොමිසම- ජනපති -පොලිස්පති අතර ප්‍රශ්නයක් තියෙනවා පොලිස් කොමිසම, ජනාධිපති සහ පොලිස් පති අතර ප්‍රශ්නයක් පැන නැගී තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 February 2025
නිධන් ගන්න ගිය 5ක් අත්අඩංගුවට කරඩික්කුලම වැව අසල පහිටි ගල්පොත්ත ආසන්නයේදි නිධානයකින් ගොඩගත් බවට කියන පාෂාණ කිහිපයක් සමඟ කපුවෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 28 February 2025
මහජන ආරක්ෂක ඇමති උපාලි කොමිසම පතුරු ගහයි අපකීර්තිමත් උපාලි අබේරත්න කොමිෂන් සභාව මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් නැති නාස්ති කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 February 2025
ඌරාට තැබූ වෙඩිල්ල වැදී දැරිය මරුට ඌරන් දඩයම් කිරීමට තැබූ වෙඩිල්ලකින් දැරියක මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. 28 February 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026