සරණ ගුණවර්ධන රිමාන්ඩ් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 04 September 2017
ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර් මුදාහැරී යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 13 වැනි දා තෙක් යළි රිමනාඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද (4) නියෝග කළේය. 04 September 2017
සබරගමු සබේ සභාපතිගේ විශ්වාසභංගය ලත් තැනම නවතී විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නොගෙන පසුගිය 28 දා පැවති සබරගමු පළාත් සභා රැස්වීම කල් දැමීමට එරෙහිව පළාත් සභා සභාපති කංචන ජයරත්න (එජනිස) මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එක්සත් ජාතික පක්ෂ විපක්ෂ කණ්ඩායම පැවසුව ද, එය ගෙන එන්නේ පක්ෂයේ ඉහළ උපදෙස් මත බවට එජාපයේ පසුපෙළ පළාත් සභා මන්ත්‍රීවරු පවසති. 04 September 2017
ප්‍රශ්නපත්‍ර සිද්ධියේ වෛද්‍ය පියා ඇප මත මුදාහරී මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පාසල් සිසුවාගේ වෛද්‍ය පියා ඇප මත මුදා හැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (4) නියෝග කළේය. 04 September 2017
වවුනියාව ව්‍යාපාරිකයකු තියුණූ ආයුධ වලින් කපා කොටලා වවුනියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට තියුණු ආයුධ රැගත් කිසියම් පිරිසක් කපා කොටා පළා ගොස් ඇති බවට වව්නියාව පොලිසිය පවසයි. 04 September 2017
ඒටීඑම් මැෂින් වලින් සල්ලි කොල්ලකන අමුතු කල්ලියක් බැංකු නිළධාරීන් ලෙස පෙනි සිටිමින් ඒ ටී එම් යන්ත්‍ර මගින් මුදල් වංචාකරන කල්ලියක් පිළිබඳ නාඋල රාජ්‍ය බැංකුවක් මහජනතාව දැනුවත් කරයි. 04 September 2017
ජාතික ආර්ථික සභාව 12 වැනිදා රැස්වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාව ලබන 12 වැනි දා පළමු වරට රැස්වීමට නියමිතය. 03 September 2017
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට වැඩ වරති දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (04) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 03 September 2017
ඊළඟ ඡන්දයට පොහොට්ටුවෙන් එන බව මහින්ද රාජපක්ෂ කියයි එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. 03 September 2017
අමිර්තලිංගම්ගේ පුතා මාධ්‍යවේදියකුට පහර දෙයි පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයකු වන අමිර්තලිංගම් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඡන්දය නොදී නැගිට ගියේනම් ඔහු දෙමළ නායකයකු ලෙස පිළිගත නොහැකි බවට පත්‍රිකාවක් බෙදූ එම් පරමේෂ්වරන් මාධ්‍යවේදියා පහරකෑමට ලක්වී ඇතැයි පොලිසිය කියයි. 03 September 2017
මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - ජනපති හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් පැවසීය. 03 September 2017
කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අරියි මේ දිනවල පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අද (03) විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 September 2017
වංචා ගැන ජනපති කොමිසමේ කාලය අවසන් බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය අදින් (03) අවසන් වන බව එම කොමිසමේ ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා පවසයි. 03 September 2017
තිදරු පියා කළු ගලට යටවී මිය යයි නිවසට යන මාර්ගයේ පැති බැම්මේ ඉදිරියට නෙරා තිබූ විශාල කළුගලක් ඉවත් කිරිමට උත්සාහ දරමින් සිටි තිදරු පියකු එම ගල හිස මතට පතිත වීමෙන් මියගිය බව ඉමදුව පොලීසිය කියයි. 03 September 2017
ශ්‍රීලනිප සම්මේලනය ඇරැඹෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66වැනි සංවත්සර සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණි. 03 September 2017
ගීතා සුව අතට පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත කර සිටින සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව ලංකා හොස්පිටල් හි වෛද්‍ය අධ්යක්ෂ ඩබ්ලිව් එම් එස් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 03 September 2017
පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල ටයිල් පුපුරයි බණ්ඩාරවෙලට මිලි මීටර් හයක පොද වැස්සක් වැටීමත් සමගම නිවාසවල ටයිල් පුපුරායාම් 50 ක් පමණ වාර්තා වී ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසයි. 03 September 2017
කැළණි ගං මිටියාවතේ වර්ෂාව වැඩිවෙයි ලක්ෂපාන ජල විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද (03) උදෑසන විවෘත කර උදැසන 11.30 පමණ වනවිට වසා දමා ඇත. 03 September 2017
දඹුල්ලේ බස් - වෑන් අනතුරින් අයෙක් මරුට - 12කට තුවාල දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ පන්නම්පිටියේ දී අද(3) වෑන් රියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 03 September 2017
උතුරු කොරියානු බෝම්බයෙන් භූමිකම්පාවක් උතුරු කොරියාව 06 වැනි වරටත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කර ඇතැයි ජපානය සහ දකුණු කොරියාව ප්‍රකාශ කරයි. 03 September 2017
කළු - අත්තනගලු ජල මට්ටම ඉහළට දිස්ත්‍රික්ක කිහිපයකට දින දෙකක් පමණ තිස්සේ ඇද හැලූණු තද වැසි හේතුවෙන් කළු ගඟ සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 September 2017
දිස්ත්‍රික්ක හතරකට අනතුරු ඇඟවීමක් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.. 03 September 2017
රිය අනතුරකින් ජ‘පුර සිසුන් 19ක් රොහලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් සෙනසුරාදා රාත්‍රී 11.20 ට පමණ හෝමාගම හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියේදී මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බස් රථයේ ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුන් 19 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 September 2017
වාහනයක් නොමැති පාසලට රියදුරෙක් කිසිදු වාහනයක් නොමැති නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ සේවය කිරීම සදහා වසර එකහමාරකට පෙර සිට රියදුරු පත්වීමක් ලබාදී සේවකයකු ඒවා තිබෙන බවත් ජනතා මුදලින් ඔහුට වැටුප් ගෙවා වාහනයක් ලැබෙන තුරු පාසලේ රැදී සිටින බවත් එම පාසලේ සංවර්ධන සමිතියේ දෙමාපියෝ පිරිසක් පවසති . 03 September 2017
දක්ෂිණ අධිවේගී සේවකයෝ පොල් ගසති තම රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත් රැකියා අහිමි වුවහොත් එසේ කරන අයට දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අංශ කීපයක සේවකයෝ පිරිසක් අද (2) කන්දේ විහාරයේ කාලි දේවාලයේ පොල් ගැසුහ. 02 September 2017
ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත. 02 September 2017
‘ශ්‍රී ලංකාව කොකේන් හුවමාරු මධ්‍යස්ථානයක්‘ ජාත්‍යන්තර කොකේන් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව ආසියාවේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව බලධාරීහූ පවසති. 02 September 2017
මහින්දටත් මෛත්‍රීපාල අසළින්ම පුටුවක් තියෙනවා - මුතුහෙට්ටිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 02 September 2017
කුඩා විදුලි බලාගාරයකින් ලොකු ලූනු වගා යටවෙයි විදුලි බලාගාරයක අක්‍රමවත් ඉදිකිරීම් නිසා දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු වගාවන් ජලයෙන් යටවී ඇති බවත් අක්කර සිය ගණනක් යටවෙමින් පවතින බවත් ගොවීහු පවසති. 02 September 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ සිසුවාට ජීවිතාන්තය තෙක් විභාග තහනමක් අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියට අදාළ සිසුවාට ජීවීතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 02 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026