IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ෆේස්බුක් හිමිකරු සමාව ඉල්ලයි

සැන්ෆ්‍රැන්සිස්කෝහිදීය (රොයිටර්)
 

 
මිලියන 50 පරිශීලකයන්ගේ දත්ත හැසිරවීමේදී කරන ලද අතපසුවීම් හා වැරුදි සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් බදාදා (21) සමාව ඉල්ලීය.
 
එමෙන්ම ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත ආරක්ෂා කිරීමේදී සහ මෘදුකාංග සංවර්ධනය කරන්නන් අදාළ දත්තවලට ප්‍රවේශ සීමා කිරීම සඳහා දැඩි පියවර ගන්නා බව ද හෙතෙම පොරොන්දු විය. 
 
ලන්ඩනය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘කේම්බිජ් ඇනලිටිකා’ සමාගම අනවසරයෙන් ෆේස්බුක් පරිශීලකයන් මිලියන 50කගේ දත්තවලට ප්‍රවේශ වූ බව අනාවරණය වීමත් සමඟ ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට ඇමෙරිකා එක්සත් ජනපද හා යුරෝපා සංගම්වල රටවලින් මෙන්ම මහජනතාවගෙන් ද දැඩි විරෝධයක් හා විවේචනයක් එල්ල විය. 
 
කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අනවසරයෙන් දත්තවලට ප්‍රවේශ වෙමින්, ෆේස්බුක් පරිශීලකයන්ගේ ගිණුම් භාවිත කරමින් නව ගිණුම් සකසා ඇති අතර ඒ ඔස්සේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට සහයෝගය දක්වා ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ. 
 
“මෙය ප්‍රධාන පෙළේ විශ්වාසය කඩ කිරීමක්. මම ඇත්තටම කනගාටුව වෙනවා සිදු වූ දෙය ගැන. මම ඒ ගැන සමාව ඉල්ලනවා. මිනිස්සුන්ගේ දත්ත ආරක්ෂා කිරීමට අපිට මූලික වගකීමක් තිබෙනවා” යැයි දින කිහිපයක නිහඬ පිළිවෙතකින් පසු සී.එන්.එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාර්ක් සකර්බර්ග් පැවැසීය. 
 
එමෙන්ම තම ෆේස්බුක් ගිණුමේ පණිවුඩයක් තබමින් තම සමාගම වැරැදි කළ බව සඳහන් කළේය. “ අපි වැරැදි කළා. අපි මේ වැරැදි නිවැරැදි කළ ගත යුතුයි. අපි තවත් බොහෝ දේවල් කරන්න ඕනේ. අපි ඉදිරියට යන්න ඕනේ. අපි මේ වැරදි හදාගෙන ඉදිරියට යනවා” එහි සඳහන්ව තිබිණි.  
 
055
 



අදහස් (1)

ෆේස්බුක් හිමිකරු සමාව ඉල්ලයි

some Thursday, 22 March 2018 07:48 AM

එහෙම sorry කිව්වම ඔක්‌කොම හරිද? ඔය වාක්‍ය ඔය විදියටම අපේ ලොක්කෙකුත් එදා කීවනේ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site