මනෝප්රිය ගුණසේකර
සුනාමියට හසුවු දරුවකු රැගෙන විත් පොලිස් නිලධාරියෙකු සමඟ එක්ව ‘නිල් චිත්‍රපට‘ පෙන්වමින් අසභ්‍ය ක්‍රියාවලට යොමු කළැයි කියන හිමිනමකට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂයක දඩයක්ද අද (10) නියම කළේය.
හිමිවරුන් මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කටයුතු කළ යුතු බව පවසමින් එලෙස දඬුවම් නියන කළ විනිසුරුවරයා අදාළ බාලවයස්කාර දරුවාද සමඟ එක්ව නිල් චිත්‍රපට බලමින් අසභ්‍ය ක්‍රියාවල නිරත වීමේ චෝදනාවන්ට වරද පිළිගත් තවත් තරුණයින් දෙදෙනෙකුට වසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 10ක කාලයකට අත්හිටවුවීමට නියම කළේය. එම තරුණයන් දෙදෙනා සිද්ධිය වන වකවානුවේ බාල වයස්කරුවෝ වූහ.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වන මියගොස් ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
විත්තිකාර හිමිනම හා තරුණයින් දෙදෙනා මෙම චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්හ.
COMMENTS
මේව ගැන මහනායක හිමිවරු ගන්න පියවර මොනවද
මේවට විරුද්ධව සිංහල බෞද්ධයින් නැගී සිටිය යුතුයි.
මන් අහන්නේ මේවට කෑගහන්න හිමිනමක් හෝ කවුරුත් නැද්ද උද්ගොසන තියන්න මෝඩ මිනිසුනේ සබැ මනුස්සයෝ වගේ වැඩ කරන්න .අපි කරන දේවල් උඩ ඉදන් දෙවියන් බලන් ඉන්නවා
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කටයුතු කරනවට වඩා මේවා ගැන බැලුවනම් හොඳයි නේද නායක හාමුදුරුවරුනේ?
අර ගිය සතියේ මාධ්‍ය සාකච්චාවක් තියල අස්ගිරි මහා නා හිමියනට බැන්නේ මේයාලු. දිට්ට ධම්ම වේදනීය පල දීම.
මේ හාමුදුරුවෝ තමයි පුරවැසි බලයත් එක්ක එකතු වෙලා මාහනයක හිමි වරුන්ට මේ ලඟකදී බැන්නේ .හිතාගන්න පුළුවන් පුරවැසි ඩොලර් හොරු සමග ඉන්න කල්ලිය ගැන
මේවා බොදු බලය නොව කිසිම බලයකට පෙනේනේ නැත. මෙවන් අපරාධ මේ රටේ භික්ෂුව විසින් කොපමණ කර ඇතිද?
මෙවැනි සාසනයත් , බුදුදහමත් නිගාවට පත් කරන පිරිස් බුදු සමයේත් නොහිටිය නොවේ... ඔවුන්ට නිසි දඩුවම් ලබා දීමෙන් , එවන් වැරදි වල යෙදෙන අන් අයටද පාඩමක් වනු ඇත.
බුද්දාගමට අවලාද නැගීමට දතකන අන්තවාදීන්ට මේ පුවත ඇති අවුරුදු ගානක් මඩගහන්න.එහෙත් මටනම් හිතෙන්නේ සංවිදනාත්මක කල්ලියක් විසින් සලසුම්කල ක්‍රියාවක් ලෙසයි.
මෙම වීරෝධාර හිමිනම වෙනුවෙන් උද්ගෝෂණයක් කරමුද ? යහපාලනය බුදු දහමින් පළිගන්නවා කියල
දන්නවද වැඩක්? මේ චීවරධරියා තමයි ඊයේ පෙරේදා අතිපුජනීය මහනාහිමිවරුන්ට විරුද්ධව ආණ්ඩුවේ පැත්ත අරගෙන කතා කළේ. එහෙම කළේ ආණ්ඩුවේ උදව්වෙන් හිරේ නොයා ඉන්න. සමලිංගික ඇමතිවරයෙකුගෙන් උදව් ගන්න හැදුවා නමුත් උසාවිය නිසා ඒක වැළකුණා. දිට්ඨධම්මවේදනීය පල දුන්නා එයාට. මහාධිකරණ විනිසුරුතුමාට අපේ ප්‍රණාමය.
සතුටුයි දඬුවම ගැන.
සරත් සහ දහම් යන දෙදෙනා එකම පුද්ගලයෙක්. තලගොයා කබරගොයා කරගන්නවා එක වෙලාවකට. හැම කුණුගොඩක් ම බේරේ වැවට කිව්වලු. වැරදි කරන්නේ ඔක්කොම විරුද්ධවාදීන්. දහම් නොහොත් සරත් කල්ලියේ පව් කරන්නේ නැත, වැරදි කරන්නේ නැතිය
රවින්, ඔබට දිව්‍යඥානය තියෙනවද පුද්ගලයෝ කවුද කියල කියන්න. නිකම් මෝඩ කතා කියන්න එපා. ඔහේ ඒ හමුදුර්වෝ අස්ගිරි නාහිමියන්ට අපහස කල හැටි දැක්කේ නැද්ද?
මෙවන් දුෂිතයින් සඟ සමාජයට කැළලක් මහා නායක හිමි වරු මේ දේවල් ගැනත් සංවේදී විය යුතුයි , පින් කැට යෙන්ම ශාශනය රකින්න බෑ